Saturday, September 15, 2012

වාසනාවටත් වඩා............. යමක්


අපි දිනන්නට උස්සහ කරමු ජිවිතය පුරාම අනෙක අරමුනු කරා යැමට තැත් කරමු..
එ අතර සමහරුන් වාසනාවන්තයන් ලෙසත් උස්සහවන්තයන් ලෙසත් කාලකන්නින් ලෙසත් ලෙබල් 
වි ඇත.... වාසනාව සහ උත්සහය අතර දොලනය වන ජන වහරෙන් උපුටා ගත් කතාවක් අද ගෙන එන්නට
සිතුවෙමි..... මුල් කතුවරයා නොදනි... කතාව උචිත පරිදි වෙනස් කොට තිබෙ ....



අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..
" තාම රජ තුමාට වාසනාවන්තයාව හොයා ගන්න බැරි වෙලාලු?" "අපෙ රජ තුමාටත් විකාර වෙන වැඩ නැතුවට"
මෙ අතර තුර රජ වාසල තුල. රජු " මගෙ රටෙ එකම එක වාසනාවන්තයෙක් වත් නැද්ද?" ඇමති "රටෙ උතුරු පැත්තෙ 
ඉන්නවලු හිගා කමින් ජිවත් වන මනුශ්සයෙකු ඔහුට කැම බිම හැමදාම ලැබෙනවලු ඔහුට පුදුම වාසනාවක් ඇති බව තමා
එහෙ අය කියන්නෙ ඔහුව උදෙට දැකිමත් වාසනාව ගෙන දෙනවලු "රජු "මම හිතන්නෙ ඔහු තමයි අපි දින ගනන් සෙව් මිනිහා"

............................................................................................................

දින කිහිපයකට පෙර...........
රජු සිරි යහනෙදි තම සිතුවිලි සමගම පොර බදිමින් අතිතය වර්තමනය හා තමාත් යන සිතුවිලි ත්‍රිත්වයෙ කිමින්දෙන්නට විය.
තම ජිවිතය හා සසදන කල තමන් ආ ගමන් මගෙ මුල බිජය බමුණන් කියු පරිදි වාසනාවද............ නැතිනම් ඔහු සතු වු උස්සහයමද?
ඔහු සිත එකිනෙක පැරදවිය නොහැකි තර්කයන්ගෙන් පිරි යන්නට විය.......
අවසානයෙදි ඔහු සිය ගැටුලුව තම ගුරු දෙවයන් හමුවෙ තබන්නටත් ගුරු දෙවයන්ගෙ උපදෙස් පරිදි එය සොයා ගැනිමට
නම් රාජ්‍යය තුල සිටින වාසනවන්තම මිනිසාත් උස්සහවන්තම මිනිසාත් අතර තරගයක් පැවැත්විය යුතුය...  

මෙ වන විට උස්සහවන්තයා
සොය ගෙන අවසන් වි තිබිණී. ඔහු ගොවියෙකි ඔහු සතු උස්සහයෙන් ඔහු බොහොමත් ම පොහොසකු බවට පත් වි ඇත.
වාසනාවන්තයාගෙ හමුවිමත් සමග ගුරුදෙවයන්ගෙ උපදෙස් ක්‍රියාත්මක වන්නට විය...

රජ වාසලට පැමිනි ගොවියාත් වාසනාවන්ත හිගන්නාත් අදුරු කාමරයක් තුල හිර කොට දැනටමත් දින 3 කි. තෙවන දින
වන විට දෙදෙනාම අදික සාගින්නෙන් පෙලුනෙ ඔහුන් හට අහාර ලබා නොදිම හෙතුවෙනි. එදින රාත්‍රියෙ කැවුම් වලින් පුරවන 
ලද මල්ලක් මොවුන් සිටි සිර කුටියෙ වහලයෙ එල්ලන්නට විය එකි කාමරය තුල එය ලබ ගැනිම බෙහිවින්ම අපසහසු කටයුත්තක් බව
ගුරු දෙවයන් දැන සිටියෙය.
වාසනාවන්ත මිනිසා කම්මැලියෙකි එ නිසාම ඔහුට හිගන ජිවිතයක් උරුම වි තිබුනි නමුත් ඔහුගෙ වාසනාව නිසාම අහාර 
අදිය නිරතුරු ඔහුට ලැබෙ. උස්සහයෙන් යුතු මිනිසා පැය ගණනක් මහන්සි වි කැවුම් මල්ල ලබා ගැනිමට සමත් විය..
එ මුලු කාලය තුලම හිගන්නා නිදන්නට විය. ගොවියා සිය කුස ගින්න නිවා ගැනිමට කැවුම් අනුබව කරන අතර ඔහුට හිගන්නා
ගැන උපන් අනුකම්පාවෙන් සිය පලමු කැවුමෙ සිටම එහි කොන්ඩය හිගන්නාට විසි කරන්නට විය. අවසාන කැවුම දක්වාම
එය එසෙම සිදු විය..
.........................................................

රහසෙම රජ වාසල තුල ක්‍රියාත්මක වු තවත් උපක්‍රමයක් විය සැම කැවුමකම කොන්ඩය තුල දියමන්තියක් සගවා තබන්නට විය.
හිගන්නා පොහොසතෙකු බවට පත් විය රජුට පිලිතුර ලැබිනි..  උස්සවන්ත මිනිසා නිසා කුසගින්නෙ මිය නොගොස් ඔවුන්ගෙ ජිවිත රැකිනි.


ප. ලි= උස්සහය තිබු පමනින් දිනය හැකි බොහො දෙවල් තිබෙ නමුත් උස්සහය තුලට වාසනාව කැටි වු කල ඔහු හො ඇය
නැවැත් විමට මෙ ලොව කිසිදු බලවෙගයක්ද නැත.................................................................................




34 comments:

  1. ම්ම්ම්.... ඔය වගේම කතාවක් අපේ ගෙදරත් අද උදේ වුනා.. හිහි.. අපේ මල්ලි මට චොදනා කරනවා මට නිකන් ඉඳලා හැමදේම ලැබෙනවා කියලා.. එයාට ඒවා ගන්න මහන්සි වෙන්න වෙනවා කියලා..මේ කතාවේ පලි කොටස නම් හරියටම හරි..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයෙමත් එන්න ................... :D වාසනාවයි උස්සහයයි එකතු වුනාම
      කවදාවත් පර්දින්නෙ නැ...............

      Delete
  2. ekanam aththa ayya........
    adarshamath,lassana kathawak asawen kiyewwa ayya....... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගො........... ඔහොම කියනකොට තවත් ලියන්න හිතෙනවා.........:D

      Delete
  3. මා උත්සාහ කළ ප්‍රමාණයට සාපේක්ෂව බොහෝ දේ ලැබී ඇති බැවින් වාසනාව ඇතැයි සිතේ.. තවත් උත්සාහවන්ත විය යුතු ය!! :)
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. වාසනාව සමග උස්සාහය කැටි ව ජිවතයෙ වසන්තයක්ම උදා වෙවා යෙයි එක සිතින් පතමි.

      Delete
  4. හි හි...
    ඔය සීන් එක පෞද්ගලිකව අත්විදලා තීනවා බං..

    ReplyDelete
    Replies
    1. මමත් උස්සහය තිබුනටම සමහර දෙවල් ලබා ගන් බැ එකට පොඩි වාසනවකුත් තියෙන්නම ඔනි...:D

      Delete
  5. අනිවා උත්සාහය + වාසනාව = සාර්ථකත්වය

    හැබයි වාසනාව නෑ කියල උත්සාහය අත් හරින එක අනුමත කරන්න බෑ.. වාසනාව හැමතිස්සෙම නෑ.. නියමිත වෙලාවට එන්නේ,, ඉතින් මම කියන්නේ වාසනාව පෑදෙනකම් උත්සාහ කරන්න කියලා..

    වාසනාව පෑදෙනකොට තට්ටෙ පෑදිලා තියෙන්නත් පුළුවන්..අවුලක් නෑ.. එකදවසක් හරි සැප විඳල මැරෙන්න පුළුවන්නේ

    කථාව උපමාකථාවක් මං හිතන්නේ.. කියවල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර නොදන්නා යමක් කියලා දුන්නට.... ඔව් වාසනව නැතත් අපිට උස්සහය තියෙ නම් යම් දුරකට හො සර්තකත්වයට පත් වෙන්න පුලුවන්... ඔව් කවදා හරි වාසනාව පැදෙනකන්ම උස්සහ කරන එක තමයි හොදම දෙ......

      Delete
  6. මං අහලා තියෙන කතාවක්
    කොහොම වුනත් හිගන්නා ඇත්තටම වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම්මම හිතනවා.. කලෙකින් මෙ පැත්තට ඇවිත් ස්තුතියි සහො...........

      Delete
  7. දෙයක් හිමිවෙන්නට තියෙනවා නම් ඒක හිමිවෙනවාම තමා... ලොකු අත්දැකීම ගොඩකට පස්සේ මට හිතුණේ එහෙම තමා :)

    ReplyDelete
    Replies
    1. එ කතාව ඇත්තක් කියලා හිතනවා මං.......... ස්තුතියි අයෙමත් එන්න.......

      Delete
    2. හැමදාම නොවුණත් ඉද හිට හරි මේ පැත්තේ ඇවිත් යන මනුස්සයෙක් තමා මම :D

      Delete
    3. එක ඉතින් මම දන්නවා..... ඉද හිට හරි එන එකත් මට ගොඩක් ලොකු සතුටක්.......

      Delete
  8. Thumbs Up For The Post මල්ලා..
    මෙය මම ඔබේ අඩවියෙන් කියවූ හොඳම පෝස්ට් වලින් එකක්..
    හිතන්න දෙයක් තියනවා..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමාවි අක්කෙ........ :D

      Delete
  9. වසන්තයට පා තැබුවා පමණයි..
    වටිනා ලිපියක්..ඇත්ත කථාවට එකගයි මාත්..
    වාසනාවයි ,උත්සහයයි ඇති තැන කොහෙන්ද පැරදුමක් හැබැයි ඔය දෙකම එක්තැන් වෙන්නෙ කලාතුරකින් මං හරිනෙ.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් ඔයා හරි ගොඩක් අය ගාව වාසනාව තිබුනත් උස්සහය කියන දෙ නම් නැ.... වසන්තයට අදරෙන් පිලිගන්නවා... නිශි ලස්සන නමක් :D ස්තුතියි.......

      Delete
  10. හ්ම්ම් කතාව ඇත්ත.ආසාවෙන් කියවපු පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. :D ඔහොම කිව්වම මට පුදුම සතුටක් දැනෙනවා.........

      Delete
  11. ආදර්ශමත් කතාවක් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ..............

      Delete
  12. ම්ම්ම්ම්.... හිඟන්නා මාර ලකී නේ? ලස්සන කතාවක්... හසිත අයියගේ වචන වලින්ම කිව්වොත් නිස්සරණාධ්‍යාශයෙන් ලැබිය යුතු දේ ලැබීමක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නිකනම් ඉදලා අනුන්ගෙ උස්සහයෙන් පොහොසෙතෙක් වුනා........ :D ස්තුතියි අනු අක්කෙ..........

      Delete
  13. නියම ආදර්ශවත් කතාව යාළුවා.. අපේ ටැමිල් යාලුවෙක් හිටිය. මිනිහා ඔය වගේ ඒවාට කියන්නේ "කන්න පින තියනවා නම් ගෙම්බා ගෙට එනවා" කියල.
    ජයවේවා ඔබට!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කියමනක් අයෙමත් එන්න මිතුර ස්තුතියි......

      Delete
  14. Replies
    1. ස්තුතියි යාලු අයෙමත් එන්න......

      Delete
  15. වටිනා කියන කතාවක් මලේ. ගන්න තියෙන දේවල් නම් බොහෝමයි. අකුරු පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා නේද? ඒවත් හදාගන්න මලේ!

    ReplyDelete
    Replies
    1. සතුතියි අය්යා ඉක්මනටම එවා හදා ගන්නම් ...........

      Delete
  16. වටිනා කතාවක්,  උත්සහවන්තයන් නිසා වාසනාවන්තයන් බිහිවනවා කියලා හිතන්නත් පුළුවන් නෙද ?

    ReplyDelete
  17. වටිනා කතාවක්, උත්සහවන්තයන් නිසා වාසනාවන්තයන් බිහිවනවා කියලා හිතන්න පුළුවන් ෙන්ද යාළු ?

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......