Thursday, September 27, 2012

සිහිනයකි ජිවිතෙ


දිනය- 2011.08.23
වෙලාව- උදැසන 8.00 

මම සිහිනය හා යතාර්තය අතර දොලනය වෙමි.. අලොකයෙහි  මරනිය අන්දකාරයෙ සුසුම විද ගනිමි.

හිත තුල පැවති සතුට හිත තුලම ගුලි කරගෙන කදුලු දෙනෙතින් සගවන අසරනයෙකි.
ඇයත් මමත් අතර සිතිවිලි අතර තව තවත් තනි වුනෙමි. ආදරය සහ ජිවිතය අතර මිනුම් දඩු තුල
තව තවත් ඇය සොයන්නට නිරර්තක උස්සහයක යෙදෙමින් සිටිමි. මා වරදකරුද නිවරදිකරුද?,
පිස්සෙක් උන්මන්තකයෙක්, මෙ සිහිනයෙ යතා අවබොදය තෙරුම් ගැනිමට තරම් හැකියවක් මා සිත තුල නැත.
මම අසරන වීමී. කිසිවෙකුත් මගෙන් මෙ ගෙවි යන සිතුවිලි පිලිබදව විමසා සිටියහොත් මා සතුව පිලිතුරක් නැත
නමුත් එක් කටහඩක මතකය මා සතුව ඇත.. " මට මගෙ ජිවිතෙ දෙන්න" "මගෙ හිතෙ ආදරෙ තියනවා මට ඔයාව දැනෙනවා එත් මම අසරනයි"
"මට මගෙ ලොකය හොයා ගෙන යන්න දෙන්න ඔයගෙ මතකය විතරක් මන් ලග තියගන්නම්" "අනෙ මට තවත් කරදර කරන්න එපා"


මම ...

මග බලාන හිටියා
අරලිය මල් වැටුනු පාර දිගෙ
හිතෙ දුක පිරිලා
වැහි බර අහස වගෙ.......

ඇය...

නිල්ම නිල් ඇ දෙනෙත
පොඩි වෙලා වෙනදා වගෙ
සිනවක් නම් නැ 
මා සිප ගත් එ මුවගෙ...........

මම...

මෙ අහන්න
මගෙ හිත අදරෙ පිරිලා
සිබින්න හදනකොටම
මල් වලට කියන්න එපා
සිබින්න එපා සුවද අරන් යන්න 
කියලා........

ඇය...

පොඩි දෙට කදුල එන
මගෙ ඇස් නුබ ලගම තියන්නම්
මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්
එත් ......
මම තවත් නුබෙ නොවෙ...

දිනය- 2012.09.01
වෙලාව- රාත්‍රි 11.30
(අකුරු බොදවි ඇත.... සමහරක් තැනක පැහැදිලි නොවේ......    )

මා සිතට තව දුරටත් රමණයක් නොදැනෙ මරනීය වේදනවක් ම පමනක් දැනෙමින් පවති.
දවස් කිහිපයක් නොකා නොබි සිටියෙමි.. මා ජරා ජිර්ණ වී සිටිමි කිලිටි වි ඇත මා වත මෙන්ම
ගතත්...................................................... ...........(පැහැදිලිනොවේ).........................................................................................
මතකද? මා සිත තුල උපන් අදරයෙන් මිය යාමට සුදානමින් සිටින්නෙමි. මගෙ ආදරෙ සමග ඔබ ජිවත් වන බව මා දනිමි.
මා මතකය සදා ඔබ සිත තුල රැදෙවා.. අවසන් වතාවට එකම එක එක පුන්චි ප්‍රර්තනාවක් ඔබෙන් අයදිමි මෙය මග අවසාන
ඉල්ලිම බව ඔබට පසක් වනු ඇත.. යලි උපදින මතු බවෙ දී හො මගෙ පෙම්වතිය පමනක් නොවී මගෙ ආදරෙ මගෙ බිරිද වන්නට
නුබට හැකිනම් ............................................................................................................
..................................................
ඉතින් මම දැන් සතුටින් මිය යමි... නුබ මා වෙතට එන තුර සසර ඔබ ලගින් සැරි සරමි..... ඔබට තෙරුවන් සරනයි..
මීට ඔබෙ ආදර අකලංක ...



දිනය 2012.09.27
වෙලාව. නිශ්චිත නොවෙ
කොලයක ලියා ඇති අපැහිදිලි කෙටි සටහනකි.....

මා තව දුරටත් නුබෙ මතකය සිත තුල රදවා චින්තසන්තාපයෙන් වෙලි යන්නට  සුදානම් නැත. 
මගෙ පතිවත නුබ ලග පුද දෙන්නට තරම් වාසනාවන්ත  නොවු බව මා දනිමි. යලිත් අලුත් අරම්බයක් 
සමග නුබෙ කුලුදුල් පෙම්වතිය වන්නට පෙරුම් පුරන්නෙමි. මා නුබ සොයා එන්නට පොරොන්දුවක් වීමී. එය
ඉටු කිරිමට කලයයි මෙ .....
මෙයට..... නුබෙ ආදරී අනුත්තරා....


පසුදින ......
දුම්රිය මැදුරක් තුල.
" ඒ මිනිහා හැමදාම ගැනිට ගහනවලු මහා පව්කරයෙක්" "පව් සිරියාවන්ත කෙල්ල" "එ මිනිහගෙ සල්ලි වලටලු එ කෙල්ලව බැන්දුවෙ "
"මිනිහා කෙල්ලව මැරුවද දන්නෙත් නැ වහ බිව්වා කිව්වට"...................................................


දිනය 2025...
වෙලාව.. උදැසන
(මුහුදු වෙරලක පෙම්වතෙකුගෙ උරහිස  මත ඔලුව තබා ගත් පෙම්වතියක් .....)

"අපි මෙ වගෙම මිට කලිනුත් මෙ විදිහට ඉදලා තියනවා වගෙ මට දැනෙනවා රත්තරන්"

"අපි සන්සාරෙ කවදා හරි මෙ වගෙම හම්බෙලා ඇති" 

(උනුන් තව තවත් එකිනෙකාට තුරුලු විය)



මද පවනක් හදවත මත තිබුනා වගේ 
අදරියක් වී ඇය සෙවනැලි මැව්වේ හදේ 
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ 
පුන්සඳ කෙලසද දුරස් වුනේ ..............

නෙතු ඇඩුවා හසරැල් මැකුවා

සෙවනැලි මැකුණා පාළුව දැනුනා
දැනුනා තනිකම දැනුනා
බිදුනා ඔබ දුන් ආදරේ බිදුනා ..................

සෙවනැල්ලක් වත් හදතුල යලි නොඑන ලෙසේ
දුර අහසේ පියබා ඔබ යන්නේ කෙසේ
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ
පුන්සඳ කෙලසද දුරස් වුනේ ................
මද පවනක් හදවත මත තිබුනා වගේ ..............



නෙතු සනසා හසරැල් මැව්නා
නෙතු සනසා හසරැල් මැව්නා
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ...................... .




















Read more »

Tuesday, September 25, 2012

වචන නොවු සිතුවිලි...

ජිවිතෙ සමහර අවස්තාවන් තියනවා වචනයන්ගෙන් විස්තර කරන්න බැරි...   සමහර වෙලාවට දැසින් කියවෙන බොහො දෙවල් තියනවා කදුලු වගෙම සිනහවත් වචන වලින් කියන්නට බැරි බොහොමයක් දෙවල්
සිත තුල අපුර්වතම චිත්‍ර මවා පන්නට සමත් ,සොනම්නස දොම්නස , විරහව , සතුට , දුක මෙවා වචන වලට නගන්නට බැ... එ වගෙම නෙත ගැටෙනා අපුරවතම සිද්දින් කොච්චර නම් තියනවද මෙ වගෙ......
ලගදි හියකින් ආපු එ වගෙ අපුර්වතම රුප රාමුන් පෙලක් මම ඔයලත් එක්ක බෙදා ගන්න හිතුවා.. බලන්න මොන තරම් හදවතට සංවෙදි වෙවිද කියලා...............




                                              ලගම නැයො කියන්නෙ නිකන්ද....


                                         


                                           අපි  වගෙම උනුත් ජිවිතය අරා සටනක 




                                                             සංසාර ගත බැදීමක් වගෙ.....



                                                       
                *****************  මං ඉගිලෙන්නයි හදන්නෙ ****************



                                         අද නම් හොරාව අල්ලගන්නවාමයි      




                                         ලෙයෙන් බැදුනු බැදිම්

                                       මෙහෙමත් කරුනාවක්!!!!!!!!



                               සසර වසන තුරු නිවන් දකින තුරු ඔබයි ආදරෙ



                                                  .......  සැබැ මිතු දම.......

                                         අහින්සක හදවත් දෙකක්...


....අම්මයි මායි තාත්තයි....

හිත ඇත්නම් පත කුඩාද?

....අනෙ මටත් කියල දෙන්නකො....


                                                අනෙ අම්මෙ මාවත් එක්කන් යන්නකො

                                               ****   අලි බැදිමක්****

                                       .....මොනාද හලො බලන්නෙ......


කො බලන්න අක්කගෙ මුන.....

යාලුයි අපි යාලුයි



                                        ****   පිය සෙනෙහස****

                                            දුවලා යන්න පුලුවන් නම් ආයෙත් මෙ වගෙ

                                                මෙහෙමත් හිතවත්තු

                                            අමතක කරලමු පැරනි කතා.....

                                       ........  අනෙ මගෙ පැටියො............


ප ලි... වචනයෙන් විස්තර කරන්න බැරි දෙවල් මොන තරම්ද... මෙ පින්තුර ටික හීයකින් එවු ඔශන්කා අක්කට ස්තුතියි......................
Read more »

Saturday, September 15, 2012

වාසනාවටත් වඩා............. යමක්


අපි දිනන්නට උස්සහ කරමු ජිවිතය පුරාම අනෙක අරමුනු කරා යැමට තැත් කරමු..
එ අතර සමහරුන් වාසනාවන්තයන් ලෙසත් උස්සහවන්තයන් ලෙසත් කාලකන්නින් ලෙසත් ලෙබල් 
වි ඇත.... වාසනාව සහ උත්සහය අතර දොලනය වන ජන වහරෙන් උපුටා ගත් කතාවක් අද ගෙන එන්නට
සිතුවෙමි..... මුල් කතුවරයා නොදනි... කතාව උචිත පරිදි වෙනස් කොට තිබෙ ....



අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..
" තාම රජ තුමාට වාසනාවන්තයාව හොයා ගන්න බැරි වෙලාලු?" "අපෙ රජ තුමාටත් විකාර වෙන වැඩ නැතුවට"
මෙ අතර තුර රජ වාසල තුල. රජු " මගෙ රටෙ එකම එක වාසනාවන්තයෙක් වත් නැද්ද?" ඇමති "රටෙ උතුරු පැත්තෙ 
ඉන්නවලු හිගා කමින් ජිවත් වන මනුශ්සයෙකු ඔහුට කැම බිම හැමදාම ලැබෙනවලු ඔහුට පුදුම වාසනාවක් ඇති බව තමා
එහෙ අය කියන්නෙ ඔහුව උදෙට දැකිමත් වාසනාව ගෙන දෙනවලු "රජු "මම හිතන්නෙ ඔහු තමයි අපි දින ගනන් සෙව් මිනිහා"

............................................................................................................

දින කිහිපයකට පෙර...........
රජු සිරි යහනෙදි තම සිතුවිලි සමගම පොර බදිමින් අතිතය වර්තමනය හා තමාත් යන සිතුවිලි ත්‍රිත්වයෙ කිමින්දෙන්නට විය.
තම ජිවිතය හා සසදන කල තමන් ආ ගමන් මගෙ මුල බිජය බමුණන් කියු පරිදි වාසනාවද............ නැතිනම් ඔහු සතු වු උස්සහයමද?
ඔහු සිත එකිනෙක පැරදවිය නොහැකි තර්කයන්ගෙන් පිරි යන්නට විය.......
අවසානයෙදි ඔහු සිය ගැටුලුව තම ගුරු දෙවයන් හමුවෙ තබන්නටත් ගුරු දෙවයන්ගෙ උපදෙස් පරිදි එය සොයා ගැනිමට
නම් රාජ්‍යය තුල සිටින වාසනවන්තම මිනිසාත් උස්සහවන්තම මිනිසාත් අතර තරගයක් පැවැත්විය යුතුය...  

මෙ වන විට උස්සහවන්තයා
සොය ගෙන අවසන් වි තිබිණී. ඔහු ගොවියෙකි ඔහු සතු උස්සහයෙන් ඔහු බොහොමත් ම පොහොසකු බවට පත් වි ඇත.
වාසනාවන්තයාගෙ හමුවිමත් සමග ගුරුදෙවයන්ගෙ උපදෙස් ක්‍රියාත්මක වන්නට විය...

රජ වාසලට පැමිනි ගොවියාත් වාසනාවන්ත හිගන්නාත් අදුරු කාමරයක් තුල හිර කොට දැනටමත් දින 3 කි. තෙවන දින
වන විට දෙදෙනාම අදික සාගින්නෙන් පෙලුනෙ ඔහුන් හට අහාර ලබා නොදිම හෙතුවෙනි. එදින රාත්‍රියෙ කැවුම් වලින් පුරවන 
ලද මල්ලක් මොවුන් සිටි සිර කුටියෙ වහලයෙ එල්ලන්නට විය එකි කාමරය තුල එය ලබ ගැනිම බෙහිවින්ම අපසහසු කටයුත්තක් බව
ගුරු දෙවයන් දැන සිටියෙය.
වාසනාවන්ත මිනිසා කම්මැලියෙකි එ නිසාම ඔහුට හිගන ජිවිතයක් උරුම වි තිබුනි නමුත් ඔහුගෙ වාසනාව නිසාම අහාර 
අදිය නිරතුරු ඔහුට ලැබෙ. උස්සහයෙන් යුතු මිනිසා පැය ගණනක් මහන්සි වි කැවුම් මල්ල ලබා ගැනිමට සමත් විය..
එ මුලු කාලය තුලම හිගන්නා නිදන්නට විය. ගොවියා සිය කුස ගින්න නිවා ගැනිමට කැවුම් අනුබව කරන අතර ඔහුට හිගන්නා
ගැන උපන් අනුකම්පාවෙන් සිය පලමු කැවුමෙ සිටම එහි කොන්ඩය හිගන්නාට විසි කරන්නට විය. අවසාන කැවුම දක්වාම
එය එසෙම සිදු විය..
.........................................................

රහසෙම රජ වාසල තුල ක්‍රියාත්මක වු තවත් උපක්‍රමයක් විය සැම කැවුමකම කොන්ඩය තුල දියමන්තියක් සගවා තබන්නට විය.
හිගන්නා පොහොසතෙකු බවට පත් විය රජුට පිලිතුර ලැබිනි..  උස්සවන්ත මිනිසා නිසා කුසගින්නෙ මිය නොගොස් ඔවුන්ගෙ ජිවිත රැකිනි.


ප. ලි= උස්සහය තිබු පමනින් දිනය හැකි බොහො දෙවල් තිබෙ නමුත් උස්සහය තුලට වාසනාව කැටි වු කල ඔහු හො ඇය
නැවැත් විමට මෙ ලොව කිසිදු බලවෙගයක්ද නැත.................................................................................




Read more »

Saturday, September 8, 2012

රාත්‍රී රූමතිය


රාත්‍රී අදුරත් සමග ඇග හිරි වට්ටන සිතල සුලන් රැල්ල සිතට එකතු කලේ චකිතයක් ..... පාරේ ඇතින් ඇතට තිබෙන නියෝන් විදුලි ආලෝකයෙන් රුප මවන සෙවනැලි සමුදාය
සිතට චකිතයක් එකතු කලේ රාත්‍රී අදුරත් සමග අතිනත  අරගෙන මෙන්. තරමක් නුපුරුදු බවකින් යුතු පරිසරයක් බැවින් පාර පුරා විහිදී තිබු මං සලකුණු හිතේ සනිටුහන් කර ගත්තේ 
රැකියාවට පැමිණි පළමු දිනයෙමයි එත් ඒ සියල්ලක්ම රාත්‍රියත් සමග නවමු මුහුණුවරක් ගෙන ඇති බවක් මට දැනුනා තවත් 5km විතර මේ දින කිහිපයේ නවාතැන් සපයන රන් බණ්ඩාගේ  ගෙදරට 
ඇති බව මට දැනුනු විට ගත සිත වේලි තිබුණු විඩාව දෙතුන් ගුණයකින් වැඩි වූ බව මට දැනුනා..... ඇතින් ඇසුණු බල්ලෙකුගේ උඩු බිරුම් හඩකින් සිතුවිලි ඔස්සේ අතරමන් වී සිටි 
මගේ චින්තය යලිත් ප්‍රකුරැති මත් වූ වා. ඉදිරියෙන් පෙනෙන්නට වූ තුන් මං හන්දිය අසල පවතී ප්‍රේත ගොටුවක් දුර තියාම නේත්‍ර දර්සනයට පෙනී ගියේ ඒ අසලම  පැවැති නියෝන් ආලෝකයට.




සිතල සුලන් රැල්ලක් වේගයෙන් ආදී ගියේ ප්‍රේත  ගොටුවෙන් නික්මෙන පුළුටු සුවද මගේ නාසය වෙත සමීප කරමින්...... මෙතැන් සිට ඉදිරියට ඇදෙන පාරේ ඇති එකම ආලෝකය 
ඇත අහසේ කොනක දිලෙන පුරා හද බව සිහිපත් වූ මට යම් කිසි චකිතයක් ඇති වුවත් එය මැඩ ගන්නට මම සිතුවිලි වෙනත් මගකට යොමු කිරීමේ නිරර්ථක උස්සහයක යෙදී  සිටියා .
ඇතින් පෙනුණු කාන්තා රුපය මගේ චකිතය යටපත් කරන්නට සමත් වුවා..  ඇය ඉදිරියට ඇවිදන් ගියේ නරි ලලිත්යේ උච්චතම ස්වරයෙන් බව මට හැගුනා. මගේ  පා වැලි තලාවේ සනිටුවහන් වන හඩින් බිදී ගිය ඇගේ ගමන සුන්දර හිනාවකින් මගේ නෙත් සිපගත්තා. " අය්යා මෙහෙ කෙනෙක් නෙමේද ?" අපි අතර තිබු මුනිවත ඒ හඩින් බිදී  ගියා සැබවින්ම ඇය රූමත් ඇගේ නිරුවත් කය වසා සිටි 
සුදු පැහැයට හුරු ගව්ම ඇයගේ සිරුරට  කදිමට ගැලපුනා.. "නැ නංගි මම මෙහෙ වන සංරක්ෂණ එකේ වැඩ කරන්නේ "  ...............................................
.................................අපි තව තවත් දොඩමලු වුනා .........................................
...........................................




"මම අර ඇත පෙනෙන වංගුව ගාව තියන ගෙදර ඉන්නේ " ඇය ඇගේ නිවසට යන්න ගියා ... මම රන් බණ්ඩාගේ ගෙදරට එන විට රාත්‍රී 1 ද පසු වී ඇති බව ජංගම දුරකතනයේ සදහන් වී තිබුණා.
දින කිහිපයක් ගෙවී ගියා රාත්‍රී හමුවී රූමතිය මගේ මනස තුල විටින් විට සෙවනැලි මවන්නට වුවා. ඇගේ නිවාස දෙස දින කිහිපයක් වැඩ අරි එන විට විපරම් කලත් එහි දකින්න්නට ලැබුනේ ඇගේ මව යෙයි සැලකිය හැකි වයසක අම්මා කෙනෙක් විතරමයි .. ඇගෙන් විමසන්නට නොහෙකි වූ පැනයක් කිහිපයක් මගේ සිතට විටින් විට වද දුන්නා. ඒ රාත්‍රියේ ඇය කොහේ කොහෙද ගියේ ?ඇගේ රැකියාව මොකක්ද ? මෙලෙස මාසයක් පමණ ගෙවී ගියා මට යලි ගමට යාමට මාරුව ලැබී ඇති බව ලැබුණු ලියුම සමග යලිත් නිවසට යාමට ම සුදානම් වුනත් රාත්‍රී රුමතියගේ මතකය මා සිතට වද දුන්නා...
රන් බණ්ඩා ගෙන් මා සිත් තෙරපුණු පැනය මා විමසුවා..


"මහත්තයටත් ඒ ලමයව හම්බුනාද ? අපේ ගමේ ගොඩක් අයට ඒ ලමයව හම්බෙලා තියනවා ඒ ළමයාගෙන් කාටවත් කරදරයක් නැ .."
" ඒ කෙල්ලේ මැරුණේ  මිට අවුරුදු ගානකට කලින් වැඩ   ඇරිලා එනකොට පාරේ තිබුණු වහෙනෙකට හැප්පිලා " මගේ ගත සිත දෙකම පුදුමාකාර අසහනයකින් වේලි ගියා .. මගේ සිත් ගත් රාත්‍රී රූමතිය 
මිනිස් දුවක් නොවේද ? 

Read more »

Saturday, September 1, 2012

ගණිකාවකගේ ප්‍රේමය

සිතල හැගුමන් 
හදවත පිපිදිලා 
නොපිදුනු සිතුවිලි 
හිමිහිට පිපිදිලා 
සයනයේ රැගුමන් 
යලි යලි සිහිවෙලා 
අහිමිද ප්‍රේමය 
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට 
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම 
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට 
කෙලසුනි මගේ ගත  
අහිමිද මට පෙම 
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප 
මට හුරු පරිදිම 
ඉන්නම් නුබ ලග 
දාසිය විලසින..............


දහසක් සිතුවිලි 
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු 
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම 
සිහිවෙලා 
රහසින් මගේ හිත 
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු 
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය 
සදාකල් මා හට ...............
Read more »