Monday, April 30, 2012

කළු ගං පතුලේ සැගවුණු ප්‍රේමේ

ඉතින් හදිසියේම ඇවිත් තමා මේ ලියන්නේ අද මැයි 1 වෙනිදා පොඩි නිවාඩුවක් හම්බුනා
බෝඩිම් කමෙරේට වෙලා දවසම තනියම ඉන්නත් බැරි  හින්දා  මතුගම පැත්තේ ගෙවල් තියන යාලුවෙක්ගෙ දිහාට
එයේ රෑ තට්ටු වුනා....




ඊයේ කෝච්චියේ තමයි අවේ ඉතින් ඔහොම ඒනකොට කළුතර පහු කරන් අවා එතකොට තමයි දැක්කේ
තමන්ගේ ආදර වන්තිය  බේරා  ගන්නට ගොස් දිවී පිදු තරුණයාගේ අවසන් හෝරාව ගතු වුනු කළු ගඟ ...
ඇත්තටම මන් දැක්කේ නැ යාළුවා පෙන්නුවා ..... මං කළු ගග දිහා වීමිතියෙන් වගේ බැලුවා ගංගාව
නම් කිසිත් නොව්නා  සේ නිසොල්මනේ ගල බහිනවා ...... හරිම පුදුමයි එක අතීතයට එකතු වෙලා
එත් ඒ අතීතය තුල අනාගතයට වටිනා පාඩමක් කියා දෙනවා කියලා මට හිතුනේ ඇයි කියලා
මං ගොඩක් කල්පනා කලා................................
 සැබවීන්ම ආදරේ වෙනුවෙන් මිය ගිය වුන් අනාගතයට කතා කරන්න දෙයක් ඉගෙන ගන්නට
 පාඩමක් සොදුරු මතකයක් තබා යෑම ආදරේ
උත්තරීතර    බව කියා පානවා නුබලත් ඒ උත්තරීතර 
බවට නිහඩ සාක්ෂියක් වේවි ........



ජනමාද්‍ය තුල විවිදාකාරයෙන් සිදුවූ කතිකාවත  එම සිදුවීම ඔස්සේ ගොඩ නැගුනු දේසපාලන හැල හැප්පීම්
එකිනෙකා කරන වරද පටවා ගැනීම්  සබෙවීන්ම කලකිරීමක් ජනිත කරවන්නට සමත් වුනා
FB  හරහා ප්‍රචාරණය වූ නිවන් සුව ප්‍රකාස කල විවිද පින්තුර  status වලින් එම සිදුවීම තුලින් ඇති වූ
ප්‍රචාරණය පසක් කලා... නමුත් යලි ඔබ දෙපලට පණ දීමට නම් ඒ කිසිත් දෙකට කල   නොහැකි  දෙයක් ......

වරද කගේ වුවත් කොතන වුවත් එයට පිළියම් සොයනු  වස් .... ???????? $@#^^@#$


කෙසේ වුවත් සැබෑ ප්‍රේමය අරුත් කියා දෙන්නට නුබ දේපල සමත් වුව හෙට දිනේ නුබ වීරයන් වේවි
කතා කරවී අතීතයේ ජිවත් වූ සාලිය අසෝක මාලාවන් මෙන් නුබ ගැනත් සතුටු වෙයන් නිවටයකු මෙන්
බල නොසිට කළු ගං දිය සමග පොර බැද සටනක්  කොට වීරුවෙක් සේ මිය දුනාට..
මදුවන්ති  නුබ සතුටු වෙයන් සත්‍ය පෙරේමයක නුබ වෙනුවෙන් ලැබුනට.....
බවයෙන් බවේ සසරෙන් සසර නුබලා
පතා එන්න ඇති නිසැකවම යලිත් හමු වේවි හෙට දිනේ
ආදරෙන් බැදෙන්නට ............

යව්වනය ආදරය සුන්දරයි එත් ටිකක් කල්පනා කාරී වීම මේ සිදුවීම් තුලින් අපිට උගත් හැකී
පාඩමක් අවසන් වතවට පතන්නම් සොයුරනේ
නිවන්  සුව !!!!!!!!!!!!


ප.ලි  = හදිසියෙන්ම ලිව්වා නිසා අඩු පාඩු ඇතොත් කියවන සෑම සමාවන සේක



 
Read more »

Friday, April 27, 2012

ආදරයේ පාට කියන චොකලට් (චොකලට් වල රස රහසක් )





 ආදරයේ පාට කියන  චොකලට් (චොකලට්  වල රස රහසක් )

ආදරේ කරලා තියනවනම් එහෙමත් නැත්නම් අපේ වචනයෙන් කැල්ලක් ඉන්නවනම් ඔයාලටත්  චොකලට් හම්බෙලත් ඇති දීලත් ඇති .
මොකද අදරේදී නිරන්තයෙන්ම පිරිනැමෙන තිළිණයක් එක.. එතින් මට හිතුන අද ආදරේ පාට කියන චොකලට් ගැන කියන්න ..

  එතින් අදරේ පාට ගැන කියන්න කලින් චොකලට් වල ඉතිහාසය  ටිකක් කියල ඉන්නම්.
 චොකලට් හදන කොකෝවා ගහේ නිජ බුමිය තමයි ඔරින්කෝ නිම්නය.විද්‍යාත්මක නාමය තමයි thebromacoco .
මේ ගහ මුලින්ම හොයා ගත්ත කියන්නේ කිස්ටෝපර් කොලොම්බස් ඒ කිස්තු වර්ෂ 1502 දී ..
පොර ගහ හොයාගන්න කොටත් චොකලට් බීමක් විදිහට පාවිච්චියට මේ  ඇට යොදා ගත්තා..  දන්නවනේ දැන්නම්  චොකලට් ජාති කියක් නම්
තියනවද එක එක  රහෙන් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

දන්නවද පෙම්වතාට පෙම්වතිට චොකලට් දීමෙන් තියන වාසි චොකලට් වලට තියනවලු ලිංගික හැගීම් උත්තේජනය කරන
රසායනික සංයෝගයක් (දැන්  කට්ටිය පොරකන්න එපා චොකලට් දෙන්න. පී )
ඇසිල් එතිනොලමික් කියන රසායනය
මගින්ලු එහෙම වෙන්නේ පිරිමින්ට වඩා කාන්ත පාර්ශවය තමයි  වැඩිපුර  චොකලට් කන්නේ කියලා තමයි පරික්ෂණ කරන
උදවිය කියන්නේ (අපි නම් දන් නැ ඔන්න ) එකද දන් නැ ආදරේට චොකලට් දෙන්නේ  මොකක් වුනත් චොකලට් වලට
අපිව ප්‍රාණවත් කරන්න පුළුවන්..  ආදරේ සංකේතවත් කරන මල රෝස වගේ, කෑම  කියලා මට නම් හිතෙන්නේ චොකලට්

try කරලා බලන්න කම්මැලි කම නැති කරන්නත් මහන්සිය තෙහෙට්ටුව අඩු කරන්නත් චොකලට් වලට පුළුවන් .
 

මානසික අසහනයටත් චොකලට් හොදයිලු ඒ වගේම අපිට ඕන ලිපිඩ වර්ග 3 ක්ම මේකේ තියනවලු
කොහොම වුනත් වැඩිපුර චොකලට් කන්න එපා එක නම් ඇගට  හොද නැ ...  අපි පොඩි කලේ ඉදන් අසාවෙන් කාපු
චොකලට් අපේ අදරේදීත් නිහඩ මෙහෙයක් නම් කරනවා ඉතින් අදරේ පාට කියන චොකලට් කියලා පොස්ටුවට නම
දැම්ම  එක සාදාරනයි නේද ?   කොමෙන්ටුවකුත් දාලම යනවනම්  එක මට ගොඩක් වටිනවා .......





Read more »

Sunday, April 22, 2012

වෙන් වීමක මතකය ..........


රාධිකා මන් දිහා විනාඩි දහයක් විතර බලාගෙන හිටියා මං එයාගේ ඇස් දිහා බලන එකෙන් වැළකෙන්නට  උත්සහ කලා
මොන හේතුවකට මන්දා එයාගේ ඇස් දිහා බලන හෙම තත්පරෙකම මට හිතුනේ ඒවා අයිති මට කියලා.

'අපිට තාමත් යාලුවෝ හැටියට  ඉන්න පුළුවන්නේ  රාධිකා කට හඩ අවධි කලා. ' 'මං හිතන් නැ අපිට ඕන තරම් යාලුවෝ ඉන්නවනේ '
මං පිළිතුරු බැන්දා
'ඕක තමයි මං ඔයාට කැමති නැත්තේ  ඔයා කතා කරන විදිහ ..........' රාධිකා සැරෙන් කිව්වා..
'මං හිතුවේ අද අපි අපේ වැරදි  ගැන කතා කරන්නේ නැ කියලා අද අපි මෙතෙන්ට අවේ වෙන් වෙන්නනේ  එහෙම නැතුව යාලුවෝ වෙන හැටිවත්
මගේ හෙසිරීම් විස්ලේෂණය කරන්නත් නෙමේනේ '

පීසා ගේනකන් එයා සද්ද නැතුව හිටියා ...............

'ඔයාට අමතක වෙන්න ඇති අපි එකට වැඩ  කරන බව ඒ නිසා මේක ටිකක් සංකීර්ණ වෙනවා' රාධිකා මිමිනුවා.. 


"ඒ කියන්නේ" මගේ හඩ
 "අපි දෙන්නට දෙන්නා එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බැරි  වුනොත් එකට වැඩ කරන්න අමාරු වෙනවා ........අපිට විතරක් නෙමෙයි අනික් අයටත්"  රාධිකා කිව්වා
"එතින් මං දැන්  මොකක්ද කරන්න ඕන"
මං කකා හිටපු පීසා එක තල්ලු කරා තව දුරටත්  කන්න ආසාවක් නැ. මට හිතුනා පීසා එක අරන් හෝල් එක කෙලවරට
පියාබන පිරිසියක් වගේ පා කරලා අරින්න...




 

"මං දැන් නැ මොනවා කරන්නද කියලා " එයාගේ කට හඩේ තිබුනේ බිඳුණු ගතියක්
එයා එයාගේ බැග් එක අරන් නැගිට්ටා එකෙන් රැපියල් 100 අරන් මෙසේ උඩට දැම්මා එක එයාගේ පීසා එකේ ගාස්තුව..

" හා එයා ගිය මං තමයි නරකම මිනිහා" මං මටම කියා ගත්තත් එයට එක ඇහුනා
(ඇත්තටම මං එක කිව්වේ එයට ඇහෙන්නම තමයි )

"ඔයාම කියනවනේ ඔයා කිසි දෙකට දක්ෂ නැ කියලා ඒ බොරු ඔයා එක දෙකට හරිම දක්ෂයි "
"මොනාටද?" මං ඇහුවේ අන්තිමේ මොහෙතෙවත් එයා මං ගැන හොදක් කියන්න යනවා කියලා හිතාගෙන..
'ඔයා හරි දක්ෂයි මිනිස්සුන්ගේ හීත් රිදවන්න එක දිගටම තියා ගන්න' ඒ එක්කම මගේ හිටපු පෙම්වතිය 
මට පිටු පලා යන්න ගියා...............


(නැවත  හමුවීම නමින් තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න )
Read more »

Saturday, April 21, 2012

මේ ගිමන් නිවන්නට කාලයක් නෙමෙයි .....................


අපිට හැමදාමත්  ජිවිතේ සතුට රැදෙන්නේ නෑ.
ඒ වගේම දුකත් සදාකාලික නෑ , එත් අපිට ගොඩක්  වෙලාවට හිත රිදීම් , ඊටත්  එහාට ගිය නරක දේවල් වෙනවා..
මං මේ පොරක් වෙන්න ලියනවා නම් නෙමේ... ඒ වගේම මං මේ කියන්න බඩගින්නට කන්න දෙයක් නැති වෙන එක ගැනත් නම්  නෙමේ
එකත් නම් එතින් ලොකු දුකක් තමයි. ඊටත් හපන් දෙයක් තියනවා එක තාම චු බර හැදුනම එක තද කරන ඉන්න එක (දන්නෝ දනිති )
එත් ඕව අපේ ජිවත  වලට ලොකු බලපෑම්  නම් කරන් නෑ ...මු විකාර ලියනවා වෙන වැඩක් නැතුවට එහෙම හිතෙනවනම් කියවන් එපා
තරහක් නම් නෑ මගේ ...
 

 ඔන්න ඉතින් ලොකු බලපෑම්  කිව්වට මොනාද කිවේ  නැනේ වෙන කෙහෙල්මලක්නේ මු කිවේ .. ඔන්න අහගන්න
එක පාරක් හරි exm  එකකට කණු ඇවිල්ල හරි බලාපොරොත්තු වුනු reslt  එක දාගන්න බැරි වෙලා හරි තියනවනම්
දුකක් කියන්නේ මොකක්ද කියල දන්නවා... ඔන්න ඕක නම් අපේ ජිවීතෙට ලොකු බලපෑමක් කරනවා එතකොට මුලින්ම මතක් වෙන්නේ
එකට වල බැහැපු යාළුවොයි වෙරළවල් ගානේ බිබී චටර් වුනු එකද ? හැබැයි පුතෝ එහෙම තාම ඒ කලේ අතල් එකත් අරගෙන
exm  එකත් ගොඩ දා ගත්තනම් කොහොමද ? ඔන්න ඕකයි නියම life එක. මං කෙල්ලෝ වල බහින්නේ කොහොමද කියල  නම් දන් නෑ
මං දන්නා විදිහට නම් එයාලට ඔය කලේ තිබුණු ලොකුම අව්ල  බ්ලොව්ස් එක  හොදද කියන එකයි . clz  එකේ ඔප දුප කියවන්න බැරි එකයි .
(විහිලුවට කිවේ හොදේ )   








 හැබෙයි අපිට අමතක වුනු තැන තමයි ගොඩක් අය අපේ මුනට හිනා වෙලා කතා කලාට අපිට වරදිනකන් බලන් ඉන්නේ බඩ අල්ලන් හිනා වෙන්න
මං මේ කියන්න exm  එකක් ගැන නෙමේ exm  වුනත් එහෙම තමයි අපිත් ගොන් නාම්බෝ ටිකක් වගේ උන්ගේ විහිළුවක් වෙනවා
එක අපිට තේරෙනකොට පෙරහැර  ගිහින් ඉවරයි  මට ඒ කලේ නම් පෙන්න බැරි අපේ අල්ලපු ගෙදර aunty ව මං මොනාද කරන්නේ කොහෙද යන්නේ
හැම  මගුලම හොයනවා හරියට මං එයාගේ පුතෙක් වගේ... අපිත් මිනිස්සුනේ මේ කලේ ටිකක් පොරවල් වගේ හිටියට එත් අපේ හිත ගැන
දන්නේ අපිම තමයි  මොකක්  හරි පොඩි සීන් එකක් වුනු ගමන් ඉවරයි ඉටි පන්දමක් වගේ දිය වෙලා වැක්කෙරනවා..  එහෙම වුනු
ගමන් අපි පරාදයි
ජීවීතේ මොන ප්‍රශ්නයක් ආවත් අපිට වැරදුනත් ඉටි පන්දමක් වෙන් නෙතුව හිතට සිය දහස් ගුණයකින් සිය දහස් ගුණයකින්
හය්යක් අරන් අයෙමත් නැගිටින්න පුලුවන්නම් අන්න අපිට ජීවීතේ දින්නන්න පුළුවන්  බඩගාලා හරි ලොකුම කන්දකට නැග ගත්තොත්
ලෝකෙම පොඩියට පෙනේවි දුක කියන දේ ගොඩක් දුරට  ඇත් වේවි... හොදම දේ තමයි අපි කාගෙවත් විහිළුවක් නොවී
ලෝකෙම අපේ ජයග්‍රහණයත් එක්ක එකතු වෙන එක
ඉතින් හොදම දේ තමයි අපිට බනින රවන ගොරවන මිනිස්සුන්ව අපේ අධිෂ්ඨානය  කර ගන්න එක...

දුක හිතේවි මේ ගමෙනේදී ගොඩක් එත් වෙටෙන්න එපා මට කව්රුවත් නෑ කියල දැනේවි එත් ඔයාගේ හිත ඔයත් එක්ක එන්නාව කියල මතක
තියා ගන්න අද කව්රුවත් නෑ කියල දැනුනට දවසක ඔය ලෝකෙටම වටිවී අපිට තරු අල්ලන්න බැ තමයි එත් මතක තියා ගන්න අපිටත් තරුවක් වෙන්න පුළුවන් කියල
ඉතින් අපි හමායමු..



 යන මග දුරයි
කටු කොහොල්
 බිමයි
චණ්ඩ මාරුත
හමයි
ය යුතු මග දුරයි ..............
දුර වැඩි  නමුත්
යා යුතු මග
 එයයි
සිත දිරි ගනින් නුබ ............
මේ ගිමන්
නිවන්නට
කාලයක් නෙමෙයි .....................



Read more »

Saturday, April 14, 2012

රුම්ස් available ................




රුම්ස් available ................
දෙව්ලෝකේ වැඩත් එක්ක හිර වෙලා හිටපු ශක්‍ර දෙවෙන්ද්‍රයට
අලුත් අව්රුද්දට පස්සේ ඔන්න නිවාඩුවක්  හම්බුනා ශක්‍රයාට මනු ලෝකෙට එන්න හිතිලා
ඔන්න ලංකාවට land කලේ නැතෙයි........
ගමේ අවරුදු බලපු ශක්‍රයා සිදාදිය පැත්තට තට්ටු වුනා. කට්ට අව්වට කර වෙනකොට පඩුපුල් chair  එක
සැපයි කියල ශක්‍රයාට හිතුනත් අපු එකේ ටිකක් විපරම් කරන්න ශක්‍රයාට හිතුනා.......

මෙන්න බොලේ clz  ඇරිලද  කොහෙද  එක කුඩේ යට එන නාබ්බෙකුයි නැම්බියෙකුයි ශක්‍රයා දැක්කා.

ශක්‍රයා ටිකක් වට පිට බලලා ගැටව්  දෙන්න දිහා බලනකොට මුන් double  එක අන්තරස්ධාන්.
ශක්‍රයාට full upset  ශක්‍රයා ඩබල හිටපු තැනට කිට්ටු  වුනා. A /C රුම්ස් AVAILABLE කියලා තිබුණු තැනට
ඩබල රිංගලා කියාලා ශක්‍රයාට තේරුනේ මෙන්න  මේ බෝඩ් කැල්ල දැකලා...

අව්ව දර ගැන බැරි කමට යන්න ඇති කියලා හිතපු ශක්‍රයා හිමිට යන්න හැරුනා...

මෙන්න බොලේ තව doble  එකක් රිංගුවේ නැතෙයි .. දැන් නම් ශක්‍රයා තක්කු මුක්කු ..
ශක්‍රයත් හිමිට counter  එක පැත්තට තට්ටු වුනා... මෙන්න බොලේ ශක්‍රයත් රූම් එකක් එල්ලනවා
counter හාදය නෝනා කොහෙද කියලා අහපී.. "මොන නොනෙක්ද ? මන් තනියම ආවේ"
මෙන්න යකෝ counter  එකේ ගැටයා බඩ අල්ලන් හිනා වෙනවා ...  ශක්‍රයාට  දැන් පුපුරන්න  කේන්තියි
තක්කු මුක්කු වුනු ශක්‍රයා එලියට ආවා.. 

මං දන් නැති හරුපේ මොකක්ද කියලා කල්පනා කරපු ශක්‍රයා
දේව ඤාණය යොදවලා room  එක ඇතුල බලපි ...

දෙව් ලෝකෙත් rooms available කරන්න හිතිලද කොහෙද මෙන්න බොලේ ශක්‍රයා
දෙව් ලෝකෙට චුත වෙලා ............





 
Read more »

Wednesday, April 11, 2012

එක ගෙයි කෑම කුනුහරුපයක්ද?

එක ගෙයි කෑම කුනුහරුපයක්ද?

එක ගෙයි  කෑම  හෙළ සිංහලය තුල පෙවතුන අවාහ විවාහ ක්‍රම වලින් එකක්
මෙය දියුණු සංසකුරිතියක් තුල බිහි වුවක්. උඩරට බිහි වූ මෙම විවාහ ක්‍රමය මතු පිටින් පෙනෙන
අර්ථයට එහා ගිය බොහෝ දේ මෙම විවාහ ක්‍රමය තුල ගැබ් වෙලා තියනවා.




ඇත්තටම මොකක්ද මේ එක ගෙයි කෑම ?
 
එක ගෙයි  කෑම යනු පිරිමින් කිහිප දෙනෙකු සිටින පව්ලකට එක කාන්තාවක් පොදු බිරිදක් ලෙස
නිවසට ගෙන ඒමයි... එකල උඩ රට තුල පිරිමින් වැඩි පුර ඉන්න පව්ලක බිරියක් වීමට
ලැබීම භාග්යක් කොට සලකනු ලැබුවා එවන් කාන්තවක් වාසනාවන්ත තෙනේත්තියක් බව එකල
සමාජයේ පිළිගත් මතයක් වුනා.... හැබැයි පිරිමින් 7 කට වඩා සිටින පව්ලකට පොදු බිරියක් ගෙන එම
එදා උඩරට නීතියෙන් තහනම් වුවක්  මෙහි සදාරනතාවයක් කාන්තාව පැත්තෙන් තිබු බව බලු බැල්මටම
අපිට පෙනී යනවා.........


 එක පොරුවකට කාන්තාවක් සමග පිරිමින් ගොඩක් ?

නැ ඇත්තටම එහෙම නෙමේ මේ විවාහය සිද්ද වුනේ පව්ලේ වැඩිමල සමග
කාන්තාව විවාහ වූ සංකේතාත්මක විවාහයක් තම එකල සිද්ද වුනේ ...........



ඇයි එහෙම විවාහ ක්‍රමයක් බිහි වුනේ .....?

එකට හේතුව තමා උඩරට තුල තිබු විශාල  ඉඩම්.  පාරම්පරික ඉඩම් කොටස් වීම වැලක් වීම මෙමගින් ඔවුන්
ඉටු කර ගත්  ප්‍රදානම කාරණයයි......
අදටත් උඩරට වලව් මෙන්ම විශාල ගෙවතු උද්‍යාන පෙවතිමට මෙම විවාහ ක්‍රමය හේතුවක් බව බොහෝ දෙනා
පිළිගත් මතයක් .



එහෙම විවාහ වුනු කාන්තාව ඇත්තටම පව් නේද ?

බැලු බැල්මට එහෙම පෙව්නත් කාන්තාවගේ පුර්ණ කමෙත්තෙන්  තොරව ඇය හා
එක්වීමක් සිදු නොකිරීමට තරම් එදා මිනිස්සු ශිෂ්ට සම්පන්න වුනා.... එමෙන්ම ඇගේ
ගව්රවය ආරක්ෂා කිරීමට ඇය හා විවාහ වූ සියලු පිරිමීන්ගේ වගකීමක් වුනා
එමෙන්ම යට සැලකීමට ඔවුන් සියලු දෙනාම බැදී සිටියා.... ඒ විතරක් නෙමේ යට හිමි වූ විශේෂ වරප්‍රසාද
තිබුණා
1. ඇය කිසි දීනක වෙන්දබුවක් නොවීම ..
2.ආරක්ෂාව තහවුරු වීම .
3. ඕන එපා කම් සියල්ලම අඩුවක් නෙතුව ඉටු  වීම.


 කොහොමද 7 ක් එක්ක එක පාර?

නැ ඇත්තටම එහෙම වුනේ නැ ... ඇය යහන් ගත වූ බව  සංකේතාත්මකව
අනික් ඇය වෙත සන්නිවේදනය කෙරුණා. නිවාස ඉදීරියේ කුල්ලක් තිබීම ,
අමුඩ ලේන්සුව දොරේ එල්ලීම , එමෙන්ම කිරි ගසක දිය රෙද්දක් වැනිම  මගීන්
ඇය මස් සුද්දිය පටන් ගෙන ඇති බවත් කියවුණා.. මෙවන් සලකුණක් දුටු වීට
තාම හැගීම්  යට පත් කර ගෙන සිටින්නට සහෝදරයන්ට තිබුණා...
එවන් වූ හික්මීමක් එකල අපේ හෙළයා සතු වීම පුදුමාකාරයි.


කව්ද ළමයාගේ තාත්තා?

DNA  පරිකෂනයකින් දැන් නම් තාත්තාව හොයා ගන් තිබුණා . එදා දරුවෙක් හම්බුනාම
සියලු දෙනාම එම දරුවාට පියවරු වුනා පව්ලේ වැඩිමලට අප්පච්චි ලෙසත් අනික් සහෝදරයන්
බප්පොච්චි ලෙසත් දරුවන් විසින් ආමන්ත්‍රණය කලා...


 ඇයි දැන්  එක ගෙයි කන් නැත්තේ  ?

එදා සමාජ ක්‍රමයට මේක ගෙලපුනත්  අද වන වීට මේක අපි ශිෂ්ට සම්පන්නව අපි දකීන් නැ
හෙබෙයි එදා විදිහට මේක බොහොම ගව්රවාන්වීත දෙයක්.
කාලෙන් ලකෙට අපේ සංස්කෘතිය විවිද ආක්‍රමණ ඔස්සේ වෙනවා වුනා එහි  ප්‍රතිපලයක්
විදිහට මෙම විවාහ ක්‍රමය අපෙන් ඇත් වුනා හෙබෙයි එහෙම නොවෙන්නට අදත් මේක අපි ශිෂ්ට
සම්පන්නව දකීන් තිබුණා  එත් අදටනම් අපේ සිතුම් පෙතුම් වලට මේක ගෙලපෙන් නැ ..




 හඳත් මෝරලා රන්තරු සමග දිලේ
ගතත් සීතලෙන් හිරි ගඩු වෙටෙන වෙලේ
සිතක් පහල වී නුබ වෙත ආව කලේ
අදත් දිය රෙද්ද වැනුවද කොටුව වැලේ

ඇය හා යහන් ගත වීමට සිතු ගමීයෙකු තාම දුක හැගීම් කවීයට නැගු හෙටි අපුරුයි නේද ?
Read more »

Friday, April 6, 2012

සමහර වෙලාවට පුංචි කලේ යාලු කම් තියෙන්න පුළුවන් අදටත් මතක තියෙන

පුංචි හීත් වලටත් ආදරේ දැනෙනවා සමහර වෙලාවට පුංචි කලේ යාලු කම් තියෙන්න පුළුවන් අදටත් මතක තියෙන
ඒ යාලු කම් ඒ ආදරේ කාලයත් එක්ක නැතිවෙලා ගිහින් හරියට  උදේ අහසට ආපු හිරු හවසට මුහුද සිප ගන්නවා වගේ
එත් සමහර ඒ සුන්දර කලේ ඒ මතකයන් වලින් අපේ අද දවසට අඩිතාලම වැටුනා කියලා තේරුම් ගන්නකොට ඇත ආකාසේ තියෙන ලංවෙන්න බැරි
තරුවක් වගේ කලට අපෙන් ඇතටම ගිහින් අයේ යන්න බැරි විදිහටම ..
ඒ වගේ පොඩි කලේ මතකයක් වෙනුවෙන් මගේ හිතේ ඇදුනු සංකල්පනාවක් මන් පුංචි වචන කිහිපයකින් ඔයාලට කියන හිතුවා............
(ඒ කව්ද කියලනම් මගෙන් අහන එපා ;පි )








සෙනහසින් සිප ගත්තු
ආදරෙන් ලග උන්නු
කෙලි දොලෙන්   දුව පැනපු
මොහොතකට තරහා වී
යලිත් අත් වැල් පැටලුනු ...........
සමනලුන් පස්සේ
බෝනික්කන් අස්සේ
ලෝකය මත්තේ
සිතුවීලි ඔස්සේ
පිය මැන්න ඒ කලේ ...........
සුන්දරද
අහිංසකද
උදේ පිපුණු
මානෙල් මලක් වගේ .........
එත් ............
අපිට අපි උරුම
පොඩි කලේ විතරක්ද ...........
Read more »

Thursday, April 5, 2012

සොඳුර නුබ ගෙනි එලිය පෙවෙ උද හිරු එළියෙන් ................

හඬන පොඩි පුතු නලව ගන්නට
නිදන මට රහසින්
රයේ තුන් යාම නිදි මරා නුබ
නොවිදිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කුජන
සමග ළඟ හිදිමින්
සිනා පැවත් කියාලයි  තතු 
විඩා බර මුහුණින් .............



ලිහා බත් මුල බුදින මොහොතේ
මිතුරු  කෙල  සමගින
වහා දස අත සුවඳ පිරුනා
නුබේ ගුණ සුවදින්
කම්හලේ දැති  රෝද නෙගු
රළු පරළු හද අතරින්
නුබේ හද ගැසෙන රාවය
මට ඇසෙ රහසින් ...................


අපට  අපමය පිහිට
පිලිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසි
නිබද එවසිමෙන්
පෙටවුනට  සහ මටද අම්ම වුන්
සොඳුර නුබ ගෙනි
එලිය පෙවෙ උද හිරු එළියෙන් ................



Read more »

Wednesday, April 4, 2012

සමනලුනේ

අවිහිංසක සමනලුනේ
තාරුණ්‍යයේ
චමත්කාරයේ
ජීවනාලිය වූ
මදමත් වී
ආඩම්බර වෙන්න එපා
 අයාලේ එගිලෙන්න එපා
සුන්දරත්වය
සුළු මොහොතය්
වීයෙකි යාවී
දේදුන්න වගේ
පෙහැබර දෑසින්  බලනු මැනේ
වීනිවිද දකිනු මැනේ
සවී බල දෑතින් ඔබ   යන ගමනට
මග තොට සදනු මැනේ
අදුරේ සැගවී මහලු වීයය් එන්නේ ..........................

Read more »