Saturday, October 27, 2012
කාලගෝල සීයා...
නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත්
නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු
අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ... මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා.
මට අවුරුද්ද නම් හරියටම මතක නැ හැබැයි. කොහොම හරි ඒ කාලේ තාත්තා වැඩ කරෙ ලංකාවෙ ටිකක් දුශ්කර පැත්තක
ආණමඩුවෙ .. එ පැත්තෙ මිනිස්සු හරිම අහින්සකයි ගොඩක් අය කුඹූරු තමයි කරන්නෙ ඒ වගෙම හිත් වල මනුස්ස කම්
පිරිලා තියනවා..
ඉතින් ආණමඩුවට ගිහින් office එකෙ වැඩට අලුතින් අක්කා කෙනෙක්ව වැඩට ගත්තා තාත්තා
ඒ කාලෙ මම ටිකක් විතර පුන්චියි .... ඉතින් ඒ අක්කට රස්සාවක් හම්බුනු සතුටට එයාගෙ තාත්තා කුඹූරු ගොවි තැනින්
ගත්තු හාල් මිටියක් අපෙ ගෙදරට එවන්න පුරුදු වෙලා හිටියා.. ඔහොම ටික කාලයක් ගියාම අලුත් අව්රුද්දත් උදා වුනා...
ඉතින් මේ සීයාට අපෙ ගෙදර අව්රුද්දට එන්න ඔනා වුනා අව්රුදු කතා කරන්න.. මමත් මේ සීයාව තාත්තත් එක්ක ආණමඩු
ගියපු වෙලාවට දැකලා තියනවා හැඩරුවින් කලුම කලුයි මිටියි තරමක් ඒ හින්දම කාලගොලයා කියලා නමකුත් පට බැදලා
තිබුනෙ මායි තාත්තයි... ඔන්න ඉතින් කාලගොල සීයයි කාලගොල ආච්චියි 2 න් නම සිංහල අවිරුද්දට පස්සෙ දවසෙ අපෙ
ගෙදර ආවා.කැව්ම් කොකිස් කැවිලි පෙවිලි පුරවලා පෙට්ටියක් අරන් ඔලුවෙ තියන් ආපු හැටි මට තාමත් මතකයි..
අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...
දැන් කාලගොල සීයා බුලත් විටක් එහෙම හපලා මුන කට ටිකක් හොදා ගන්න ලක ලැස්ති වුනා. bathroom එක
පෙන්නුවට එකට යන්න බැ කියපු සියා එලියෙ ටැන්කිය හොදයි කියලා එලියට ආවා. තාත්තා අලුත් සබන් කැල්ලකුයි
තුවයකුයි සියාට දුන්නා.. දැන් සීයා නාලා එහෙම ඇවිත් කියනවා මෙහෙම "මහත්තයා එතන සබනුයි තුවයකුයි
තියෙද්දිනෙ මට අලුතින් දුන්නෙ මම තිබුනු ඒවාම ගත්තා" :D හිනාව බොහොම අමාරුවෙන් මම තද කරන් හිටියෙ සියගෙ
මුණේ තැනින් තැන බලු මයිල් තියනවා මම දැක්කා.. කොහොම හරි කාල ගොලසීයා බලු සබනුයි බලු තුවායයි තමයි
අරගෙන තියෙන්නෙ :P
ප:ලි - මෙ සිද්දිය වෙලා දැන් හුගක් කල් තාත්තා නැති වෙලා දැන් අව්රුදු 2කටත් ලගයි එත් කාලගොල සීයයි අච්චියි අක්කයි
තාමත් අපෙ ගෙදරට අවිරුදු කතා කරන්න එනවා එකම තමයි ඒ මිනිස්සු ගාව තියන මනුස්සකම.. ඒ වගෙම තාත්තාගෙ නැයෙක්
සහොදරයෙක් නොවුනු ඒ මිනිස්සු පියානන්ගෙ නිසල දෙහය මිහිදන් කරන වෙලාවෙ පොලවෙ හැපි හැපි අඩපු හැටි
මට තාමත් පෙනවා. මෙ ටැන්කියට දැන් නම් වතුර පුරවන්නෙම නැති තරම් එත් ඉදලා හිටලා වතුර පුරවන හැම දවසකම
මට මෙ සිද්දි දාමය මතක් වෙනවා.. ඒ ලග තිබුනු ලොකු උණ ගහත් වෙලිලා ගිහින් හරියට මතක විතරක් ඉතුර කරලා
යන මනුස්ස ජිවිත වගෙම....
Subscribe to:
Post Comments (Atom)
නිරුත්තරයි
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteඅන්තිම ඡේදේ කියවද්දී ලොකු පාළුවක් වගේ එකක් හිතට දැනුනා. ගම් වල මිනිස්සු ගොඩක් අව්‍යාජයි නේද?
ReplyDeleteඔව් කියවනකොට පාලුවක් දැනුනා නම් ඒ පලුව මට කොහොම දැනෙනවද අක්කෙ...
Deleteහ්ම්ම් ගම් වල මිනිස්සු අව්‍යාජයි ...
සයුරි අව්‍යාජ ගම්වල මිනිස්සු නෙමෙ...අපේ තිබුණු සමාජ රටාව. ඒ රටාවට අනුගත හැමෝම අව්‍යාජයි. ඒ ක්‍රමය නැති වූ දා පටන් ගම නගරය කියල නැ හැමෝම වාණිජ වෙලා.මමත් ඒ ගොඩට වැටිලා...ගොඩ එන්න ආසයි ඒත් දැන් බැ. හදවතට එකඟවම කිව්වේ.
Deleteඔව් නලීන් කියන කතාවත් ඇත්ත තමයි... දැන් තියෙන්න වාණීජ ලොකයක් අපි කටවත් මෙකෙන් ගොඩ එන්න බැ.... තව කාලයක් යනකොට අපිට ගමක් කියලා දෙයක් නැති වෙලාම යාවි එක අතිත මතකයක් විතරක්ම වෙයි ....
Deleteඅව්‍යාජත්වයේ සුවඳ ගැමියෝ ළඟ තවම තියනවා. මං ලියන්න ආපු එක ලියන්නේ බෑ බං.
ReplyDeleteකියන්න ආපු දෙයක් නොකියා යන්න එපා .. ඔව් ඒ සුවද මටත් දැනුනා ස්තුතියි මචො....
Deleteවැඩි දෙයක් නෙවෙයි බං. මට අර තුවා සීන් එකට බකස් ගාලා හිනා ගියා. ප/ලි ය කියෙව්වම සංවේදී හැගීමක් හැගීමක් ඇති වුනා. ජීවිතේ ඔහොම තමයි!!
Deleteහ්ම්ම්ම් ඔව් බං ඒ සින් එක මතක් වෙනකොට මටත් තාමත් හිනා යනවා.. ජිවිතෙ හැටි ... :D
Deleteගම්වල මිනිස්සු ගොඩක් නිහතමානි.. මට හිතුනේ අන්න ඒ දේ..
ReplyDeleteහ්ම්ම්ම් ඔව් දිනෙශ් අන්න එකම තමයි ඒ මිනිස්සු ගාව තියන සතුටටත් හෙතුව..
Deleteඅනේ මන්දා...මේ ලෝකේ පුදුම විදිහට විවිධාකාරයි....බල්ලෝ ළඟවත් නැති බලු ගති තියෙන මිනිස්සු අතරේ..දෙයියෝ ළඟවත් නැති දේව ගති තියෙන මිනිස්සුත් ඉන්නවා නේද සචිත්...
ReplyDeleteඔව් එක නම් ඇත්තම ඇත්ත සහො... අද්මයි නේද ආවෙ ආයෙමත් එන්න ස්තුතියි ....
Deleteමගේ ගම ආණමඩුව :)
ReplyDeleteමමත් ඒ කිට්ටුවම තමයි අදමයි නෙද ආවෙ අයෙමත් එන්න :D
Deleteගාල්‍ලට කිට්ටුද දන්නෑ :D:D:D:D:D:D
Deleteම්ම්ම්ම් මම නම් දන් නැ ඔවා :P
Deleteඅහිංසක මිනිස්සු... හරිම ලස්සන අව්‍යාජ හිත්
ReplyDeleteහ්ම්ම්ම්ම් ඔව් එක ඇත්ත ස්තුතියි යාලු............
Deleteඇත්ත කියහං මේ උඹට උන වැඩක්නේද ...... තිත් දෙකයි ඩී
ReplyDeleteපල පල ඩො..... :D
Deleteඇත්තම කියහන්....උබටම කියලයි මටත් හිතෙන්නේ.....:) :) :)
Delete:P ඇත්තද කමක් නැ එහෙම වත් හිතපල්ලකො...
Deleteඔව් ඒ මිනිස්සු ලඟ පුදුම නිහතමානී කමක් තියෙන්නේ.මේ වගේ මිනිස්සු දැන් හරි අඩුයි.ඒ වගේ කෙනෙක් ගැන අහන්න ලැබීමත් සතුටක්....
ReplyDeleteඇත්ත සමනළි මේ වගෙ අය දැන් නම් නැත්තටම නැති තරම් ....
Deleteසිරා සිද්දිය මචෝ..හැබැයි ඈත දුෂ්කර මිනිස්සුන්ගේ තියෙන ලෙන්ගතුකම අනිත් මිනිස්සුන්ගේ ලාගත් තිබුනානම් කියල හිතෙනවා නේද.....
ReplyDeleteඔව් බං එක නම් සහතිකයෙන්ම ඇත්ත..... ඒ මිනිස්සුන්ගෙ හදවතින්ම එන ලෙන්ගතු කමක් ඒක...
Deleteසල්ලි වලින් මිල කරන්න බැරි මනුස්සකම කොයිතරම් වටිනවද, රටේ කොහේ හරි එහෙම මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් සතුටක්!
ReplyDeleteහ්ම්ම් ඔව් ලහිරු තාමත් අතරින් පතර එහෙම මිනිස්සු ඉන්නවා... :D
Deleteකවදාවත් මනුස්සකම කියන දේට මිලක් දෙන්න බැහැ. ඒ දේ හොයාගන්නත් හරිම අමාරුයි. පව් බන් ඒ මනුස්සයාගේ තියෙන නිහතමානි කම නිසයි අලුත් ඒවා ගන්නේ නැතිව පරණ ඒවගෙන් ඇඟ පිහදම්මේ. හීනියට හිනාවක් ගියත් පස්සේ පව් කියලා හිතුන
ReplyDeleteඔව් මහත්තයො එක නම් ඇත්ත තමයි ඒ මිනිස්සු ගාව තියන අව්‍යාජ බවත් එකම තමයි ..
Deleteගම් වල තවමත් ගැමිකමේ, මනුස්සකමේ සුවඳ හමනවා, පට්ට සීන් එක තමයි කාලගෝල සීයට වෙලා තියෙන්නේ, පව් අප්පා.
ReplyDeleteඅපේ ගමෙත් ඔයවගේ වැඩක් වුනා හැබැයි කොල්ලෝ වෙච්ච අපිට, අපේ ගමේ යාළුවො සෙට් එකේ ඉන්නවා ටිකක් විතර සල්ලි තියන කොල්ලෙක්, දවසක් ගඟේ බැහැලා අපි ඔක්කොම නාලා සබන් ගාන්න ආවම අර මුලින් කියපු කොල්ල බෝතලයක් ගෙනත් තිබ්බ, අපි හිතුවේ ෂැම්පු කියලා, ඉතින් ඉන්න ඔක්කොටම අරු බෝතලෙන් පොඩ්ඩ පොඩ්ඩ අතට බෙදලා ඒ කොල්ලත් අතට වක්කරගත්ත ටිකක්, උ එක අතේ අතුල්ලලා මුනේ ගානකොට අපි ඔක්කොම ඒවා ඔලුවේ ගාගෙනත් ඉවරයි, මේකා ගෙනත් තියෙන්නේ ෆේස් වොෂ් එකක්. ඔය කාලේ කවුද අප්පා ඔය ෆේස් වොෂ් ගැන දන්නේ
:D මොනා වුනත් ඉතින් ෆේස් වොශ් එකක්නෙ ඒ හින්දා අව්ලක් නැ කාලගොල සීයා තවම දන් නැ ඒ බලු තුවාය කියලා කොහොම කියන්නද :D සත්තකින්ම ඒ මිනිස්සු කලගුන දන්නවා..
Deleteඅනේ මන්ද මල්ලෝ..කියන්න දෙයක් හිතාගන්න බැහැ..මනුස්සකම කියන දේ හැමකෙනාලගම තිබුනත් දැන් කාලේ හැමෝම ඇයි ඒ දේ හන්ගන් ඉන්නේ කියල තේරෙන්නේ නැහැ..මේ වගේ අය හැමතැනම ඉන්නවනම් කොච්චර හොඳද ඇත්තට..
ReplyDeleteහැමො ගාවම තියන මනුස්සකම දැන් අමුනුස්ස කමින් යට වෙලා අක්කො එකයි මේ...
Deleteඅමුනුස්සකමින් පිරිච්ච ලොකෙක මෙ වගෙ අය අඩු හින්දා ඒ අයගෙ වටිනකම ගොඩක් වැඩියි...
අදමයි මෙහේ ආවෙ මම... ආපු ගමන්ම කියවපු ලිපිය මේ...
ReplyDeleteඇත්තමයි අයියේ අන්තිම ඡේදය කියවද්දී...අනේ මංදා...මොකක්දෝ වුණා මට.. ඒක ඒ තරම්ම මට සමීපව දැනුණා
ජයෙන් ජය
හ්ම්ම් අයෙමත් එන්න මල්ලි ජිවිත් හැටි ඔහොම තමයි කියලා මං හිත හදන් ඉන්නෙ ...
Deleteලොකු සුසුමක් පිටවුනා සචිත්..... ආදරණීයයන් සදාකාලික මතක ඉතුරු කරලා යනවා...
ReplyDeleteහ්ම්ම්ම් ඔව් අක්කො ඒ මතක එක්ක ජිවත් වෙන එක අමාරු වුනාට ඒ අය ජිවිතෙට ලොකු පඩමක් කියලා දෙනවා...
Deleteපව්.. අපි හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙනවා.කවුරුවත් කැමති නෑ තමන්ව පහත් කරලා හිතනවට. ඒත් ගොඩක් වෙලාවට ගම්වල අහිංසක මිනිස්සුන්ට ඒ දේ වෙනවා.ඒ දේ අපි වෙනස් කරන්න ඕනේ නේද?
ReplyDeleteසහතිකයෙන්ම ඔව් එක ගොඩක් අමරුයි එත් ඒ දෙ වෙන්න ඔනි අයෙමත් එන්න ස්තුතියි.. :D
Deleteහැක් හැක්... හිනා ගියාට ඉතින් පුන්චි දුකකුත් හිතෙනවා...
ReplyDeleteහ්ම්ම්ම් අලුත් යාලුවෙක් ආයෙමත් එන්න වසන්තයට ......
Deleteඔය වගේ සිද්දි කවමදාවත් අමතක වෙන්නේ නෑ නේ ..!! මොනා උනත් හිනා වෙන්න හිතෙන්නේ නැහැ ..!! පව් බන්
ReplyDeleteසිරාවටම ඔව් බං.... :D...... පව් වැඩෙ......
Deleteඅන්තිම ටික කියවද්දී සංවේගයක් වගේ දැනුනා. ඒ මතකය සුන්දරයි..
ReplyDeleteඔව් සහො ජිවිතයෙ සුන්දරම මතක තමයි ඒ.....
Delete