Showing posts with label පුන්චි කාලෙ මං. Show all posts
Showing posts with label පුන්චි කාලෙ මං. Show all posts

Wednesday, October 10, 2012

කොහොමද චන්ඩි වැඩ


පුන්චි කාලෙ මං ටිකක් විතර දගයිලු මගෙ මල්ලියා එ කාලෙ ඉපදිලත් නැ එ හින්දම පව්ලෙ හැමොගෙම
හුරතලෙට තමයි මං හැදිලා තියෙන්නෙ අනිත් එක තමයි පොඩි කොල්ලෙක්ට පව්ලෙ හිටියෙත් මම විතරයි
අක්කලා 2 නෙක් හිටියා අම්මගෙ අක්කගෙ දුවලා එතින් කොල්ලෙක්ට හිටියෙ මං විතරක් හින්දා මට එ හැමොගෙම
ආදරෙත් ගොඩක් හම්බුවෙන්න තරම් මම වාසනාවන්ත වුනා....   අම්මා ස්කොලෙ මිස් කෙනෙක් ගමෙ තිබුනු පොඩි ස්කොලෙක
තාමත් අම්මා උගන්වනවා එහෙ එත් මම බොඩිම් කාමරෙකට වෙලා තාමත් ඉගෙන ගන්නවා වෙලවකට ජිවිතය
මහා පුදුම දෙවල් තමයි මට සමිප කරලා තියෙන්නෙ එ ගැන තව ඉස්සරහට කියන්නම් ලියන්න නම් දෙවල් ගොඩක් තියනවා
ඔක්කොම එක පාර ලියන්නත් බැනෙ...
ඔන්න මම අයෙත් කියන්න ගිය කතාව කියන්නම්කො..
අම්මත් එක්කම හුරතලෙට හැදුනු මට ස්කොලෙ යන්න කල වයස උදා වෙනකොට අම්මා මට තිබුනු අදරෙ හින්දම 1 වසර උගන්වන්න
ගත්තලු එ කාතාව හුග කලෙකට පස්සෙ තමයි මට දැන ගන්න හම්බුනෙ කොහොමෙන් කොහොම හරි ඔන්න අම්මගෙ පන්තියෙම
මම 1 වසර පටන් ගත්තා අනිත් ලමයින්ට හබම්බවෙන්නෙ නැති අවස්තාවක් මට හම්බුනා ඉතින් එ හින්දමද කොහෙද ස්කොලෙ ගියාම
ලොකු අය්යලා අක්කලාගෙන් බෙරිල්ලක් නැ මට මුන් ටික මාව වට කරගෙන එක එක කොලම් කරනවා.
මම එ දවස් වල අකමැතිම අක්කලා ඇවිල්ල කම්මුලයි මුනයි අත ගාන එක තමයි :P


ස්කොලෙ හිටපු මිස්ලා සර් ලත් මට අදරෙයි එ හින්දම ගුරු කාමරෙටත් මම යනවා එනවා එකට මට තහනමක් තිබුන් නැ.
1 වසරෙ ලමයින්ට ස්කොලෙ 12 ට අරිනවා එත් අම්මත් එක්කම ගෙදර යන්න පුරුදු වෙලා හිටපු මම 2 විතර වෙනකන්ම සෙල්ලම් කරනවා.
මෙ සිද්දිය වුනු දවසත් එහෙම ස්කොලෙ සෙල්ලම් කර කර හිටපු දවසක්. 
ඔන්න එතින් ඔහොම නට නටා ඉන්න වෙලාවක වතුර තිබහක් හැදිලා මම අම්මා ගාවට ගියා අම්මගෙ බොතලෙන් වතුර බොන්න.
මෙ වෙලාවෙම ස්කොලෙ ලොකු සර් (ප්‍රින්සිපල්) අම්මත් එක්ක කතාවක් . ලොකු සර් ගෙ වැඩෙම මාව අහු වුනාම අව්ස්සන එක තමයි.
අම්මා අහුවා මගෙන් ඇයි කියලා මම වතුර බොන්න ආවෙ කිව්වා. මෙන්න දැන් ලොකු සර් මට බනින්න පටන් ගත්තා ලොකු
ළමයි අම්මලා ගාවට ඇවිත්ද වතුර බොන්නෙ අරකද මෙකද කියලා.. මට දැන් කදුලුත් පැනලා අඩන්න ඔන්න මෙන්න එ අස්සෙ
එතන හිටපු අනිත් ගුරුවරුත් මට හිනා වෙනාවා තද කරගෙන හිටපු කදුලු ඔක්කොම අඩාගෙන මම එලියට දැම්මා ඔන්න එතකොට
අම්මා වතුර බොතලෙ මට දුන්නා..  වතුර බොතලෙ ගත්තු මම ලොකු සර් ට වතුර බොතලෙන් ගහගෙන ගහගෙන ගියාලු.
බොහොම අමරුවෙන් තමයි මාව අයින් කරලා තියෙන්න කොහොමද චන්ඩියගෙ වැඩ!!!  ලංකාවෙ ස්කොලෙට ලොකු සර් ට ගහපු
කෙනෙක්ට ඉන්නෙ මම විතරයි :D පස්සෙ ඉතින් දොස් මුරයයි මට එදා රැ තාත්තා අපු ගමන් අම්මා තාත්තටත් සිද්දිය කිව්වා..
මම හොදටම බය වෙලා හිටියෙ දැන් තාත්තා මට ගහයි කියලා නැ තාත්තා මොනාවත් කිව්වෙ නැ. එත් එදා රැම ලොකු සර්ලගෙ ගෙදර 
බුලත් අතකුත් අරන් ගිහින් වදින්න වුනා මට .. එ සර්  දැන් නම් එ ස්කොලෙ නැ එත් තාමත් අපෙ පව්ල්2 කෙ හිතවත් කම තියනවා
ගමනක් බිමනක් ට්‍රිප් එකක් යනකොට ඔක්කොමලා එකාතු වෙලා මෙ සිද්දිය කියලා හිනා වෙනාවා එත්කොට නම් එ කාලෙ චන්ඩියා වුනාට
පොලව පලන් යන්න හිතෙනවා. :-(  කොහොමද චන්ඩි වැඩ :P
මෙ තියෙන්න A/L කාලෙ කරපු දග වැඩක්... click here

Read more »