Saturday, October 27, 2012

කාලගෝල සීයා...


නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත්
නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු
අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ...  මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා.
මට අවුරුද්ද නම් හරියටම මතක නැ හැබැයි.  කොහොම හරි ඒ කාලේ තාත්තා වැඩ කරෙ ලංකාවෙ ටිකක් දුශ්කර පැත්තක
ආණමඩුවෙ .. එ පැත්තෙ මිනිස්සු හරිම අහින්සකයි ගොඩක් අය කුඹූරු තමයි කරන්නෙ ඒ වගෙම හිත් වල මනුස්ස කම් 
පිරිලා තියනවා.. 

 ඉතින් ආණමඩුවට ගිහින් office එකෙ වැඩට අලුතින් අක්කා කෙනෙක්ව වැඩට ගත්තා තාත්තා 
ඒ කාලෙ මම ටිකක් විතර පුන්චියි .... ඉතින් ඒ අක්කට රස්සාවක් හම්බුනු සතුටට එයාගෙ තාත්තා කුඹූරු ගොවි තැනින් 
ගත්තු හාල් මිටියක් අපෙ ගෙදරට එවන්න පුරුදු වෙලා හිටියා..  ඔහොම ටික කාලයක් ගියාම අලුත් අව්රුද්දත් උදා වුනා...
ඉතින් මේ සීයාට අපෙ ගෙදර අව්රුද්දට එන්න ඔනා වුනා අව්රුදු කතා කරන්න..  මමත් මේ සීයාව තාත්තත් එක්ක ආණමඩු 
ගියපු වෙලාවට දැකලා තියනවා හැඩරුවින් කලුම කලුයි මිටියි තරමක් ඒ හින්දම කාලගොලයා කියලා නමකුත් පට බැදලා
තිබුනෙ මායි තාත්තයි... ඔන්න ඉතින් කාලගොල සීයයි කාලගොල ආච්චියි 2 න් නම සිංහල අවිරුද්දට පස්සෙ දවසෙ අපෙ
ගෙදර ආවා.කැව්ම් කොකිස් කැවිලි පෙවිලි පුරවලා පෙට්ටියක් අරන් ඔලුවෙ තියන් ආපු හැටි මට තාමත් මතකයි..

අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...

දැන් කාලගොල සීයා බුලත් විටක් එහෙම හපලා  මුන කට ටිකක් හොදා ගන්න ලක ලැස්ති වුනා. bathroom එක
පෙන්නුවට එකට යන්න බැ කියපු සියා එලියෙ ටැන්කිය හොදයි කියලා එලියට ආවා. තාත්තා අලුත් සබන් කැල්ලකුයි 
තුවයකුයි සියාට දුන්නා..  දැන් සීයා නාලා එහෙම ඇවිත් කියනවා මෙහෙම  "මහත්තයා එතන සබනුයි තුවයකුයි 
තියෙද්දිනෙ  මට අලුතින් දුන්නෙ මම තිබුනු ඒවාම ගත්තා" :D හිනාව බොහොම අමාරුවෙන් මම තද කරන් හිටියෙ සියගෙ 
මුණේ තැනින් තැන බලු මයිල් තියනවා මම දැක්කා.. කොහොම හරි කාල ගොලසීයා බලු සබනුයි බලු තුවායයි තමයි
අරගෙන තියෙන්නෙ :P

ප:ලි - මෙ සිද්දිය වෙලා දැන් හුගක් කල් තාත්තා නැති වෙලා දැන් අව්රුදු 2කටත් ලගයි එත් කාලගොල සීයයි අච්චියි අක්කයි
තාමත් අපෙ ගෙදරට අවිරුදු කතා කරන්න එනවා එකම තමයි ඒ මිනිස්සු ගාව තියන මනුස්සකම.. ඒ වගෙම තාත්තාගෙ නැයෙක්
සහොදරයෙක් නොවුනු ඒ මිනිස්සු පියානන්ගෙ නිසල දෙහය මිහිදන් කරන වෙලාවෙ පොලවෙ හැපි හැපි අඩපු හැටි 
මට තාමත් පෙනවා. මෙ ටැන්කියට දැන් නම් වතුර පුරවන්නෙම නැති තරම් එත් ඉදලා හිටලා වතුර පුරවන හැම දවසකම
මට මෙ සිද්දි දාමය මතක් වෙනවා.. ඒ ලග තිබුනු ලොකු උණ ගහත් වෙලිලා ගිහින් හරියට මතක විතරක් ඉතුර කරලා
යන මනුස්ස ජිවිත වගෙම....



Read more »

Thursday, October 25, 2012

ලියන්නන් වාලෙ ....


එලියෙ හොදටම වැස්ස ඒත් ඒ වැස්සත් එක්ක සිහින ලොකයක තනි වෙන්න තරම්
බොඩිම් කාමරෙ පුන්චි වැඩියි කියලා මට හිතුනු පලවෙනි වතාව නම් මෙක නෙමෙ , 
අවසාන වතාවත් මේ නෙමෙ කියලා මම දැනන් හිටියට ඒ ගැන තව තවත් හිතන්නට හිතට ඉඩ දෙන්න 
මම සුදානම් වුනෙ නැ.
ඊය ගත්තු වතුර බොතලෙ තාමත් මෙසෙ උඩ වෙලාවකට එලියෙ තියෙන ටැප් එකෙන් එන වතුර අමුර්තයටත්
වඩා රසයි කියලා දැන ගත්තෙ කවරුවත් උගන්වලා නෙමෙ කාලය විසින් හිතාමතාම හො නොසිතාම එ බව හිත තුලට
කාන්දු කරලා. 


දහසක් හින දකින ඒ හිනම අයෙමත් තැලිලා පොඩි වෙලා යන කොහු මෙට්ටෙ ඇදුම් ගොඩ ගැහිලා තිබුනට
මටත් වඩා (අපිටත් වඩා) ඒ හින කොහු මෙට්ටෙ තුල හැන්ගිලා තියනවා කියලා වචනෙකින් වත් දොඩමලු වෙන්න
 පුලුවන්නම් අපිටම අයෙම ඒ හින මතක් කරලා දෙවි..  හැමදාම කඩෙන් ගෙන බත් එකෙ (නී)රස බඩගින්න නිවා 
දමන්නෙ කටුක වුත් සුන්දරම වුත් බොඩිම් ජිවිතෙ දයාදයක් මෙන්.. ඉදලා හිටිලා මත් වෙන බොතල් කාමරෙ පැත්තකට 
වෙලා කියන කතාව කවරුවත් නොදකින නොසිතන ජිවිත යතාර්තයක්  කියා පානවා කියලා කවරුවත් දන්නේ නැතුව
ඇති එහෙමත් නැත්නම් පිස්සන් කාලකන්නින් විදිහට සරල හැදින් විමක යෙදෙනු ඇත. තමත් අතු ගාපු නැති බත් ඇට
 වලට ආපු කලු කුඹී බිත්ති දිගෙ නගින්නෙ සරදම් කරන්නාක් මෙන්..
හීන පුබුදන්න උදව් දෙන වෙවැල් කැඩුනු පුටුව අපෙ හින පුබුදන්න දෙන ශක්තිය ගැන කියන්න වචන මදිද කියලා 
වෙලාවකට හිතෙනවා..


දුකට සැපට දෙකටම හිනා වෙන්න පුරුදු කරපු සිද්දි දාමයක් එක දම් වැලෙ පුරුක් වගෙ ජිවිතෙත් එක්ක නොබිදෙන 
සම්බන්දයක් ගොඩ නැගුවෙ අනාගතෙ දවසක දුකෙදිත් හිනා වෙල ඉන්න කියලා මට හිතුනෙ නිකමට නෙමෙ.
චිත්‍රපටි දර්ශන වගෙ වෙගයෙන් මරු වෙන හැගිම් ජාලවක් එක්ක ජිවිතෙ දුවන්නත් කාලයම මට රුකුල් දිලා.
දහසකුත් බලපොරොත්තු මැද්දෙ පැතුම් මල් පුදින්නට මෙ දරන වැයමෙ දහසකුත් රස බර සිද්දි මෙහි ගොඩ නැගුනු මිතු දම
වගෙම හිත තුල නොමැකෙන මතකයක් විදිහට දවසක ඉතුරු වෙවි ඉදාටත් මෙ වගෙම වැස්සොත් සිහින ලොකයක 
තනි වෙන්න මෙ මතකය ඉඩ දෙවි එදාට මෙ කාමරෙ සුවද අයෙමත් දැනෙනවා සත්තයි...


ප.ලි... ඔන්න අයෙමත් වසන්තය උදා වුනා.. මෙන්න වසන්තය නිමා වුනු හැටි  http://wasanthayata-aradhanawak.blogspot.com/2012/10/blog-post_14.html
Read more »

Sunday, October 14, 2012

වසන්තය නිමා වෙලා.....


වසන්තයෙ පිපුනු මල් එක දෙක බිම වැටිලා ගී ගයපු කුරුල්ලො කොහොදො හැන්ගිලා
සිතුවිලි ගගුලම වියැකිලා ඉරි තැලිලා  වසන්තය හිතුවටත් කලින් නිමා වෙලා.
වෙනදා රන්චු පිටින් ඉගිලුනු සමනලුන් හිරු දුටු පිනි බින්දු සේම ඇත ඉගිලිලා..
පෙම්වතුනට සිසිල දුන්නු මහ වෘක්ශයන් කොල සෙරම බිම දාලා නිමා වු වසන්තයට හැමොටම
කලින් සුදානම් වෙලා. අඩන මහා පොලව අහස දිහා බලන්  හුල්ලන සද්දෙට දුවිලි රන්චු පිටින් 
ඉගිල්ලිලා එහෙ මෙහෙ අත දුවනවා වියලි සුලග මහා පොලව සිප ගන්නෙ වෙනදා වගෙ ආදරෙකින් නෙමේ.


සිත් යාය හමා ගිය සුවද පිරුනු සිතුවිලි ගගුල දුක් කදුලු වලින් වියැකිලා ගිහින් කොහෙන්දො ආපු 
කාර්යබහුල බවක් පුදින මල් දිහා බලන් ඉන්නෙ පුන්චි පොහොට්ටුව කාලෙදිම මල් සුවද අරන් නොපිපුනු
සිතුවිල්ලක් සේ මල කටුක මහ පොලොව මත සතපවන්න බලාගෙන..
කටුක වුත් නිරර්තක නොවුත් බලාපොරොත්තු විරහිත වුත් යාතාර්තය නම් වු මහා පොදු සාදකය යලි යලිත් සනාත
කරමින් වසන්තය නිමා වෙලා. වෙනදටත් කලින් ඉඩොරය සතුටු සිතින් නිමා වු වසන්තයෙ භුමිය අත් පත් කරගෙන.
තබන පියවර වලකන්නට පෙර මං බලා සිටි ඇනෙන උල් කටු ජයග්‍රහනයෙ ප්‍රිතිය ඉඩොරය එක්කම 
සිනා වෙනවා..
කිසිවෙකුත් නොදකින නොසිතන මහ පොලව යට ඇති මුල බිජයන් අහසින් වැටෙන අසැනි වැස්ස බලගෙන ඉන්නෙ 
අලුත් මල් පොහොට්ටු පුපුදුවන්න හිතාගෙන. නියගලා මලෙහි වු සුන්දරත්වය අත් විදිමින් සිටි සොදුරු හදවත් වලට
අලුත් නියගලා මල් පොහොට්ටු එකක් දෙකක් නෙමෙ දස දහස් ගුනයක් එකතු කරන්න හිතාගෙන..
රොස මල් ගස් වල කටු විතරක් ඉතුරු වෙලා බලන් ඉන්නෙ රතුම රතු මල් පොහොට්ටුවක් හිමින් සැරෙ අයෙමත්
සුවද බෙදා දෙනකන්..


අහස් කුස මහා පොලව දිහා බලාගෙන මොන මොනවද මුමුනනවා ඒ ඉවසපං පමා වෙලා එන වසන්තය වෙනදටත්
වඩා ලස්සනයි කියන්නාක් මෙන්..
දවසක ඉඩොරය නිමා වෙලා අයෙමත් වසන්තය උදා වෙවි . වසන්තය එනතුරා පෙර මං බලා සිටි සමනලුන්
අයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්
මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා 
යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...
අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි...


වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..
ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි...  ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්
මල් සුවද එක්ක එවනවා සත්තයි............
ස්තුතියි..................................................................

Read more »

Wednesday, October 10, 2012

කොහොමද චන්ඩි වැඩ


පුන්චි කාලෙ මං ටිකක් විතර දගයිලු මගෙ මල්ලියා එ කාලෙ ඉපදිලත් නැ එ හින්දම පව්ලෙ හැමොගෙම
හුරතලෙට තමයි මං හැදිලා තියෙන්නෙ අනිත් එක තමයි පොඩි කොල්ලෙක්ට පව්ලෙ හිටියෙත් මම විතරයි
අක්කලා 2 නෙක් හිටියා අම්මගෙ අක්කගෙ දුවලා එතින් කොල්ලෙක්ට හිටියෙ මං විතරක් හින්දා මට එ හැමොගෙම
ආදරෙත් ගොඩක් හම්බුවෙන්න තරම් මම වාසනාවන්ත වුනා....   අම්මා ස්කොලෙ මිස් කෙනෙක් ගමෙ තිබුනු පොඩි ස්කොලෙක
තාමත් අම්මා උගන්වනවා එහෙ එත් මම බොඩිම් කාමරෙකට වෙලා තාමත් ඉගෙන ගන්නවා වෙලවකට ජිවිතය
මහා පුදුම දෙවල් තමයි මට සමිප කරලා තියෙන්නෙ එ ගැන තව ඉස්සරහට කියන්නම් ලියන්න නම් දෙවල් ගොඩක් තියනවා
ඔක්කොම එක පාර ලියන්නත් බැනෙ...
ඔන්න මම අයෙත් කියන්න ගිය කතාව කියන්නම්කො..
අම්මත් එක්කම හුරතලෙට හැදුනු මට ස්කොලෙ යන්න කල වයස උදා වෙනකොට අම්මා මට තිබුනු අදරෙ හින්දම 1 වසර උගන්වන්න
ගත්තලු එ කාතාව හුග කලෙකට පස්සෙ තමයි මට දැන ගන්න හම්බුනෙ කොහොමෙන් කොහොම හරි ඔන්න අම්මගෙ පන්තියෙම
මම 1 වසර පටන් ගත්තා අනිත් ලමයින්ට හබම්බවෙන්නෙ නැති අවස්තාවක් මට හම්බුනා ඉතින් එ හින්දමද කොහෙද ස්කොලෙ ගියාම
ලොකු අය්යලා අක්කලාගෙන් බෙරිල්ලක් නැ මට මුන් ටික මාව වට කරගෙන එක එක කොලම් කරනවා.
මම එ දවස් වල අකමැතිම අක්කලා ඇවිල්ල කම්මුලයි මුනයි අත ගාන එක තමයි :P


ස්කොලෙ හිටපු මිස්ලා සර් ලත් මට අදරෙයි එ හින්දම ගුරු කාමරෙටත් මම යනවා එනවා එකට මට තහනමක් තිබුන් නැ.
1 වසරෙ ලමයින්ට ස්කොලෙ 12 ට අරිනවා එත් අම්මත් එක්කම ගෙදර යන්න පුරුදු වෙලා හිටපු මම 2 විතර වෙනකන්ම සෙල්ලම් කරනවා.
මෙ සිද්දිය වුනු දවසත් එහෙම ස්කොලෙ සෙල්ලම් කර කර හිටපු දවසක්. 
ඔන්න එතින් ඔහොම නට නටා ඉන්න වෙලාවක වතුර තිබහක් හැදිලා මම අම්මා ගාවට ගියා අම්මගෙ බොතලෙන් වතුර බොන්න.
මෙ වෙලාවෙම ස්කොලෙ ලොකු සර් (ප්‍රින්සිපල්) අම්මත් එක්ක කතාවක් . ලොකු සර් ගෙ වැඩෙම මාව අහු වුනාම අව්ස්සන එක තමයි.
අම්මා අහුවා මගෙන් ඇයි කියලා මම වතුර බොන්න ආවෙ කිව්වා. මෙන්න දැන් ලොකු සර් මට බනින්න පටන් ගත්තා ලොකු
ළමයි අම්මලා ගාවට ඇවිත්ද වතුර බොන්නෙ අරකද මෙකද කියලා.. මට දැන් කදුලුත් පැනලා අඩන්න ඔන්න මෙන්න එ අස්සෙ
එතන හිටපු අනිත් ගුරුවරුත් මට හිනා වෙනාවා තද කරගෙන හිටපු කදුලු ඔක්කොම අඩාගෙන මම එලියට දැම්මා ඔන්න එතකොට
අම්මා වතුර බොතලෙ මට දුන්නා..  වතුර බොතලෙ ගත්තු මම ලොකු සර් ට වතුර බොතලෙන් ගහගෙන ගහගෙන ගියාලු.
බොහොම අමරුවෙන් තමයි මාව අයින් කරලා තියෙන්න කොහොමද චන්ඩියගෙ වැඩ!!!  ලංකාවෙ ස්කොලෙට ලොකු සර් ට ගහපු
කෙනෙක්ට ඉන්නෙ මම විතරයි :D පස්සෙ ඉතින් දොස් මුරයයි මට එදා රැ තාත්තා අපු ගමන් අම්මා තාත්තටත් සිද්දිය කිව්වා..
මම හොදටම බය වෙලා හිටියෙ දැන් තාත්තා මට ගහයි කියලා නැ තාත්තා මොනාවත් කිව්වෙ නැ. එත් එදා රැම ලොකු සර්ලගෙ ගෙදර 
බුලත් අතකුත් අරන් ගිහින් වදින්න වුනා මට .. එ සර්  දැන් නම් එ ස්කොලෙ නැ එත් තාමත් අපෙ පව්ල්2 කෙ හිතවත් කම තියනවා
ගමනක් බිමනක් ට්‍රිප් එකක් යනකොට ඔක්කොමලා එකාතු වෙලා මෙ සිද්දිය කියලා හිනා වෙනාවා එත්කොට නම් එ කාලෙ චන්ඩියා වුනාට
පොලව පලන් යන්න හිතෙනවා. :-(  කොහොමද චන්ඩි වැඩ :P
මෙ තියෙන්න A/L කාලෙ කරපු දග වැඩක්... click here

Read more »

Saturday, October 6, 2012

මිහිබට කිරුල


මා මිය යැමට අසන්නව සිටිමි  එයට පෙර කෙදිනක හො විශ්වයෙ ඉතිරිව සිටින  මනුශ්ය වර්ගයාගෙන් අයෙකු ,
සිය මුතුන් මිත්තන්ගෙ ලොකය සොයා පැමිනියහොත් ඔවුන්ගෙ දැන ගැනිම පිනිස පෘතුවියෙ අවසාන පුරුක ලෙස මම 
මෙසෙ ඛේත ගත කරමි.............................




අද තරු වර්ශ 5670 වැන්නෙ 167 වැනි දිනයයි.... 
මා ඔබ අදින් වර්ශ ගනණාවක අතිතයට රැගෙන යමි... 
මෙ අදින් වර්ශ 7000000 කට පෙර කාලයයි අනාගත ලොකයක ජිවත් වෙන මනුශ්ය වර්ගයා වෙනුවෙන් පෘතුවිය
තුල මහා වෙනසක් සිදු වෙමින් පැවතිනි.. මෙ වන විට අප වානර අවදියක් ගත කරමින් ඉතාම ප්‍රතමික අව්දියක සිටියෙමු.
පෘතුවි තලය පුරාවටම සිය අනසක පතුරව මින් සිටියෙ ඩයිනොසරයන් නමින් හැදින් වුනු විශල සත්ව විශෙශයකි නමුත් 
අනාගතයෙ අනසක පතුරවන්නට මග බලමින් සිටි වානරයන්ට මග හසර සලසමින් එක පිට එක නැගුනු තරු කඩා වැටිම්
මෙතෙක් කල් මෙහි කිරුල දැරු ඩයිනොසරයන් සමුල ගාතනය කරන්නට විය..  කාලය ක්‍රමක් ක්‍රමයෙන් ගෙවි යන්නට විය
ගසින් බිමට බට වානරයන් සතුව පැවති කුතුහලය ඔහු බොහො දුර රැගෙන එන්නට සමත් විය. මිහි  බට කිරුල
ක්‍රම ක්‍රමයෙන් හොමො සෙපියන් නැමති අපෙ මිතුන් මිත්තන් අතට පත් විය.... එතැන් පටන් ඔහු මෙ මිහි මත කිරුල පමනක්
නොව මුලු සක්වල පුරාම සිය අන සක පතුරවන්නට විය එයට අනගතයෙ නැවත අප සොයා එන නුබලා එයට සක්ශි දරනු
ඇත. ගල් යුගය ගොවි යුගය  පසු කරමින් රජ්යයන් පිහිටුවමින් අප ආ මගෙ විශ්වය තුල ජනා වාස පිහිටුවිම තෙක්
 සවිස්තර විස්තරයක් මෙ අසල ඇති රොබො හිස තුල තැන්පත් කොට ඇත. 


තරු වර්ශ 3678
එ ඔබෙ මුතුන් මිත්තන් පෘතුවියෙන් පිටත් වු වර්ශයයි මෙ වන විට පරම්පර කිහිපයක් පසු වි ඇති බව අද දිනය දෙස බලන 
කල මට අවබොද වෙ. මෙ වන විට අපට වඩා අලොක වර්ශ බිලියනයක් පමන දුරින් වු  YJBK 2877 මත සර්තක ලෙස 
ජනාවස වි ඇති බව මගෙ විශ්වාසයයි.. සමහරක් විට ඔබ විසින් අප අමතනු ලැබුවත් අපගෙන් ප්‍රතිචාරයක් නොමැතිව දින
කාල වකවනු ගෙවි ගිය බව මාගෙ විශ්වාසයයි.. එකල නිල් පැහැයෙන් දිදිලපු පෘතුවිය නුබලා එන කල රත් පැති ගොලයක් 
ලෙස දිස් වනු ඇත මා සතුව ඇති අවසාන මිනිත්තු කිහිපය තුල එයට හෙතු පාදක වු කාරනා කෙටියෙන්
 මෙසෙ ගොනු කරමි. අප විසින් ක්‍රියත්මක කෙරුනු DNA දාම වෙනස් කොට නව ජිවි ප්‍රෙබෙද නිර්මානය කිරිම තුල 
අප විසින් විසාල වු ජයග්‍රහනයන් ලබ ගත්තෙමු එයට හොදම උදාහරනය ඔබලා සමග YJBK 2877 වෙත යවන ලද 
පියාපත් සහිත බල්ලාය. එහි අරුමයක් ඔබ සතු නොවුවත් සැබැවින්ම බල්ලන් සතුව මුල් කාලිනව පියාපත් නොතිබුනි.
කෙසෙ වෙතත් මෙහිදි අප විසින් නිර්මනය කරන ලද ඉතාම දියුනු මොලයක් සහිත උරගයෙකු වන GHH11 
නමින් නම් කරන ලද ජිවින් විශෙශය N2 වායුව ස්වසනය කරන ලද ජිවින් වර්ගයකි. මොවුන් ඉතාමත් කෙටි කාලයක් තුල
මිනිසාට අභියොගයක් වන්නටත්.. මිනිසාගෙ ග්‍රහනයෙන් මිදි ස්වදින ජිවියකු විමට තැත් කිරිමත් නිසා මොවුන් වද කිරිමට
ඔහුගෙ නිර්මාපකයන් වන අප විසින් තිරනය කරන ලදි. නමුත් එ වන විටත් අප ප්‍රමද වි වැඩි වු බව අපට පසක් වුයෙ.
මෙතෙක් පෘතුවිය තුල අනසක පතුරවමින් සිටි අප හට අභියොගයක් වෙමින් ඔවුන් විසින් නිපදවනු ලැබු රසයනික 
අවි ප්‍රහරයන්ය . මෙ ප්‍රහරන් එල්ල වන තුරුම මෙ බව අපෙන් වසන් කරන්නට තරම් බුද්දියක් එම උරගයන් සතුව පැවති බව
අපට රහසක් විය. මෙම ගැටුමෙදි අප වර්ගයාගෙන් අඩකට වඩා මිය යන්නට විය. අවසානයෙදි අප සතු වු නියුක්ලික් ආයුද 
වලින් ප්‍රහරයක් එල්ල කිරිමට සැලසුම් සකස් විය.. එහි ප්‍රතිපලයක් ලෙස ඉදි කෙරුනු ජිවිත ආරක්ශක මැදිරි තුල
අප ලැගුම් ගන්නට විය මෙම ප්‍රහරය මුලු පෘතුවිය තුලම විහිද යැමට තරම් ප්‍රබල බව අප දැන සිටියත් එහි ප්‍රබල තාවය පිලිබද
අදහසක් නිවරදිවම අප තුල නොවිය. ප්‍රහරය එල්ල විය GHH11 සමුල ගාතනය විය. නමුත් එහි ප්‍රබල තාවය ඔක්සිජන් 
වායුව සම්පුර්නයෙන්ම දවා ලන්නට සමත් විය... ජිවිත් අරක්ශක මැදිරි තුල තිබු O2 අවසානය සනිටුහන් විමත් සමග
මිහිමත කිරුල දැරු හොමො සෙපියන් සෙපියන් ගෙ ජිවිත  අහිම වන්නට විය. මෙහි සිටි අවසාන හොමො සෙපියන් මා බව
අසල ඇති පරිගනකය සනාත කරයි.. එහි දත්ත නිවරදි නම් මා තව සුලු වෙලවක් තුල මිය යනු ඇත.........
මෙ සමගම මගෙ අවසාන ප්‍රර්තනව ගොනු කරමි.. මිහිබට කිරුල නැවතත් අප වර්ගයා අතට පත් විම කෙදිනක
හො සිදු වෙවා යන්නයි.......................................................

තරු වර්ශ 98987 
YJBK 2877 සිට පැමිනි නුතන මානවයන් පෘතුවිය තුල ගොඩ බැමට සුදුසු ස්තානයක් නිරික්ශ්නය කරමින් සිටි
එහෙත් මෙ වන විට මිහිබට කිරුල හැඩයෙන් කිබුලෙක්ට සමාන වන තියුනු බුද්දියක් සහිත මිනිසා අභිබවා ගිය
උරගයෙක් සතු වු බව  ඔවුන් නොදත්තෙය......................





Read more »

Monday, October 1, 2012

ඇගෙ සිනහව.....



මා තව දුරටත් සිත තුල පැවති චින්ත සන්තාපයට මා සිත යටපත් කරන්නට ඉඩ දි බලා සිටියෙමි.
වෙනදා දකින චමත්කරය අද මුහුදු වෙරල තුල මා නොදුටුවෙමි ඒ අද සැබැවින්ම චමත්කරයක් එහි නොවු
නිසාද නැතහොත් එය මා සිතට නොදැනුනු නිසාද යැයි මා නොදත්තෙමි.
මුහුදු රල වෙනදා මෙන් නොනවතින තරගයක යෙදි සිටි නමුත් එහි වෙනසක් ඇත.. වෙනසක් දැනේ.
ඒ අතිතයේ දවස් වල මෙන් මුහුදු රලට ඔච්චම් කරන්නට මට නොසිතේ සබැවින්ම එයට හෙතුව මා නොදනිමී.
නැතහොත් නොදත්තා මෙන් සිටීමට උස්සහ කරමි. ඇත කොනක පියමනින පෙම්වතුන් යුවලක් මුහුදු රලින් ඔවුන්ගෙ
පා දොවනය කර ගනී. මටත් අතිත මතකයන් මුහුදු රල මතින් දොවනය කර සැනසෙන්නට සිතෙ නමුත් එතරම් කරුනික බවක්
සොබා දහම අපිට උරුම කොට නැත. අවසන් වතාවට ඇය හමු වු මෙ ගල් තලාව මත අපි බොහො දෙ කතා කලෙමු. අතිතතය චිත්‍රනය
කොට සිනා වීමූ නමුත් ඇයත් මමත් දෙදෙනාම දැන සිට එහෙත් සගව ගන්නට උස්සහ කල එ අමිහිරි සත්යයට අපි මුහුන දෙමින් සිටින්නෙමු. 
නැත.... මා තනිවම මුහුන දෙමින් සිටිමි. එදින අපි නෙතු තුල කදුලක සෙයාවක් නොතිබුනෙද ? නැතහොත් එය එකිනෙකාට සගවා ගත්තාදැයි
නොදත් මුත් මුවගට නැගුනු සිනහාව තුල විස්තර කල නොහැකි තරමෙ ශොකී හැගිමක් තිබු බව ඈ මෙන්ම මාද දැන සිටියෙමු.
මතකයන් සමග ඉදිරි ජිවිතය ගෙවා දැමිය යුතුව ඇතත් එයට තවමත් මා සුදානම් නැති බව මා දනිමි. මුහුදු වෙරලෙන් ම නික්මුනෙමි
ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...




පසුවදන...... පිලිකා රොගයකින් මිය ගිය තම පෙම්වතිය වෙනුවෙන් තැවෙන පෙම්වෙතෙකු {සැබැ සිදුවිමක් ඇසුරෙන්}


Read more »