Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Tuesday, December 31, 2013

අරෙලිය මල් ගහ



අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුන
පැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ
රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්‍රෙමයෙන් උදම් වු සිත තව තවත්
හැගිම් බර වුයෙ කරලින් පැසි යන පැසුනු ගොයම් ගස් මෙනි.

රණ් මැනිකා.........................................
පිදිලා දිලෙන බොවිටියා මල් පොහොට්ටු වල සුවද තව තවත් සිත නොයිවිසිලිමත් කලෙ ම මුව මත තිබු මද හස මත අදුරු වලාවකින්
සගවා ගනිමින්.
ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා ඔබ අන් සතු වෙලා මා සිත තනිවෙදොයි සිත රීදුම් දුන්නෙ දෙනෙත් මත කදුලු බිදු නංවමින්.
පෙර එක දවසක මෙ අරලිය ගහ යට පොරුව තුල මා සතු වෙන්නට රණ් මැනීකෙ පෙරුම් පීරු හැටි කියාපාන්නට මෙන් අරලිය මල්
එක දෙක මා  පාමුල පතිත වුවා.

උක්කු බණ්ඩා...................
සුසුම් වලට වටිනා කමක් නොදෙමින් රන් මැනිකාගෙ විවාහය කරනොලිස් සමග තින්දු කල රණ් මැනිකාගෙ පියා.
තටු කපපු කිරිල්ලියක් සේ තැවෙනා රණ් මැනිකා. සිත තුල තෙරෙපෙනා දහසකුත් ගින්දර සගවා දරා ගත් මසිත.
නුබෙ සද වත මා දසුනින් ඈත් වූ කලී ඔබෙ ලොකය මාගෙ සිතුවිලි මලානික ව පාලු වී අදුර වලාකුලකින් වට වෙලා
ගියේ බක්මහට වහින කලු වලාවන් මෙනී.

සුදු මැණීකෙ..........................

සමගින් ඇතින් ඇසෙන ඈ පා පොදි පොලව සිප ගන්න නාදය මා දෙසවන් පුරා පැතිර ගියේ අකලට පිපුනු එරබදු මල්
පොකුරු මෙනි.
නුබෙ සිතෙ පෙම් සුවද සමගින් අදින් අරබන  නව දිවියකට තිබෙන එකම වස්තුව රණ් මැනිකාගෙ සිනහව බව මට පසක්
වු‍යෙ ඇ දෙනෙත් සමග මා දෙනෙත් මුසු වු විටයි..
සුදු මැනිකා දෙපා මුල වැද වැටුනෙ සැබැම සහොදර බැදිමකින් බැව් දැස මත ගුලි වි හැන්ගි තිබුනු සීතල කදුලු බිංදු සක්ශි කියන්නට
වුවා.
හෙමි හෙමිට ඇද හැලුනු දිය බින්දු අදින් ඇරබෙන නව වසරකට ආසිරි පැතුවෙ රණ් මැනිකා මීට අවෘදු ගනනාවකට කලින්
මා සිත හොරකන් කල මෙ අරලිය ගස යටදිමයි...


සිබින්නට සිතු සුසුම් නුබ ලග
තනිවෙනවා දැනුනා.............
කියන්නට බැරි පැතුම් මුව මත
මුනිවතම රැක්කා........
දරන්නට බැරි කදුලු ලග
තනිවෙන්න සිතුනා...........
පිපෙන්නට ලග සුවද මල
මගෙමයි  හැගුනා...............
හන්තාන සිතුවිලි වහින වැසි ලග
සැබැ වෙනු දුටුවා....

෴෴සචි෴෴

Read more »

Saturday, November 30, 2013

රතු රොස .........


පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනා
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.

 

සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................

දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය  තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............

 
......................පසුදින පුවත්පත්............

මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................

පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............




සිහිනයකි ජිවිතෙ..

(මෙකත් බලලම යන්න..)
Read more »

Wednesday, November 27, 2013

සොහොන් කොත්

හද එලියට දිලිසෙන සුදු සොහොන් කොත් යට සැතපෙන මතක සමුදායක විකෘති ජරා ජිරන
වු රූපකායන් කොහෙන්දො ආපු වවුලෙකුගෙ හඩට පොඩ්ඩක් වත් සැලුන් නැ. එහෙමත් නැත්නම් චංචල
වෙන්න තරම් ඉඩක් තිබුන් නැ.
අහස පුරා ඈතට ඔහෙ පවෙලා යන වවුල් තටු ගැහැන රාවය විසිරිලා තියන මනොමය ශරිර වලට දැනුනද කියන්න දන්නෙ නැ.
හෙමි හෙමිට ඇදෙන හං ගොල්ලෙක් ඔලුව ඔබා ගන්න කටුවක් නැති ශොකයට සංතස්තාපයෙන් වගෙ ඉබෙම ඇදිලා ගියා.
අසලින් තියන රේල් පිලි 02ක කවදාවත්ම එකතු නොව්නට කොච්චියකට ගමනාත්තයට යන්න මාර්ගය පෙන්නනවා වගෙම දලුලන සියබලා
ගහෙ කොල අමුතුම රටාවකට සැලුනෙ සුලගෙ තාලය අදුනා ගත්තා වගෙ හැගිමකින්. බල්ලෙකුගෙ උඩු බීරුම් හඩ
පරිසරයෙ තිබු නිහඩ බව බිද හෙලා දැම්මෙ හරියට බලාපොරොත්තු ක්ශනකයකින් බිද වැටෙන කොට ඇතිවෙන වෙදනාව තරම් වෙගයෙන්.
ඇතින් වැටිලා තිබුනු ජංගිය ටිකක් දිරා පත් වෙලා තිබුනත් ලග ලගම තිබුනු ප්‍රිතියෙන් ප්‍රිතිය උදම් වෙලා තිබුනු හැටි පසක් වුනෙ
යක්කුන්ට බය නැති රසස්වාදයක දිරාපත් මතකයක් ලෙසින්. එකවරම මතකයට එන්නෙ නැති ආත්‍රොපොඩාවෙකු ගුලකින් එලියට ආවෙ
උටත් බඩගින්න දැනෙන නිසා වෙන් ඇති. මකුලු දැලක පැටලුනු පුන්චි සතෙක් දගලන්නෙ ජිවිතය ඉල්ලලා කියලා හිතුනත් තව සුලු වෙලාවකින්
උත් මෙ පොලව  යට තියන අජිවි රුප කයන් වගෙ වෙනවා කියලා දැනුනා.


උත් ඔහොම්මම පාවෙල තව කොහෙ හරි ඉපදෙයි මරැයි හැමදාම වෙනවා වගෙ වුනා වගෙ. විසික් කරලා තිබුනු ගල් අරක්කු බොතලෙ
කියන්නෙත් රුපය දිරනා නාමෙ නොදිරනා වගෙ කතාවක් නැත්නම් කොහොමද එක ගල් අරක්කු බොතලයක් කියලා දැන ගන්නෙ.
සොහොන් කොත් අතර තිබුනු පුන්චි දැරිවියකගෙ රුපය අස්තිරි ජිවිතය තවත් පසක් කලා... එ මුකුත් නොදැන අයෙමත් ආපු සුලගට
ලපටි සියබලා දලු සෙමින් සැලෙනවා....
Read more »

Sunday, September 29, 2013

නමක් නැති නිමක් නැති ............

නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙක දිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව.
කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේ ආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ.
මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්න තියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලා
දැනුනු හින්දා එත් යටි හිතින් මං හිතුවා අපි වෙන් වෙන එකක් නැ කියලා..

ගෙවුනු රැ අපි ගොඩක් සතුටු වුනා අපි මුලින්ම එකට හිටපු දවසෙ හිටපු හොටෙල් කාමරයෙමයි එදත් අපි එකතු වුනෙ.
අපි එදයින් පස්සෙත්  කිහිප පාරක්ම එකතු වෙලා තිබුනත් මුල්ම දවසයි අන්තිම දවසයි කියන 2ක විතරමයි
මගෙ හිතෙ අදටත් මතකයක් විදිහට තැම්පත් වෙලා තියෙන්නෙ .
ලැජ්ජාවෙන් රතු වෙලා හිටපු මුල් දවසට වඩා කොච්චර පල පුරුදු විදිහට ගෙවි ගිය දවසක්ද………….
පහුවදා පාන්දරම අපි වෙන් වෙන්න සුදානම් වුනා ෆ්ලයිට් එක තිබුනෙ තරුශිට හවස 4ට එයා යන්නෙ කසාද බදින්න යේමනයෙ ඉන්න එයගෙ අම්මයි තාත්තයි ගාවට..
එත් එ ඇයි කියලා මට තෙරුම් ගියෙ හුග කාලෙකට පස්සෙ එ අපෙ එ බැදිමට නමක් දෙන්න පුලුවන් කමක් තිබුන් නැති හින්දා.
අනියම් පෙම්වතිද නැ එහෙම වෙන්න මට තවත් පෙම්වතියක් හිටියෙ නැ එ වෙනකොට
බිරිද වෙන්නෙ කොහොමද කසදය කියන ගිවිසුම අත්සන් නොකර
සහොදරියක්  නැ තමන්ගෙ සහොදරි එක්ක එකට නිදා ගන්න පුලුවන්ද?
එ විදිහට ගත්තොත් මං අදටත් අපෙ සම්බන්දෙට නමක් හොයනවා.
මං ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ තරුශිගෙන්. අපි එදා දවසම අපි මුනගැහුනු  අපෙ මතකයන් රැදුනු තැන් වල ඇවිද්දා පරන මතකය අලුත් කර ගන්න කදුලු හන්ගගෙන හිනා වුනා. තරුශි ෆ්ලයිට එකට නගින්න වෙලාව ලං වෙලා මට දිහා බලලා මෙහෙම කිව්වා
මෙක සංසාර බැදිමක් වෙන් ඇති .මගෙ හිතෙ හැමදාමත් අපෙ මතකය රැදිලා තියෙවි එත්
අපි අයෙමත් සංසාර බැදිම් තියා ගන් නැතුව ඉමු තරුශි අන්තිම වචන ටිකත් කියලා යන්න ගියා එදායින් පස්සෙ අපි අයෙ හම්බුනෙවත් කතා කලෙවත් නැ අඩුම ගානෙ උන්නද මලාද කියලවත් දන් නැ ඒ මතකට ගොඩක් වෙලාවට අදටත් හදවතේ රිදුම් දෙනවා අපිට  අතීතයෙ ඒ බැදිමට නමක් දෙන්න පුලුවන් වුනා නම් ………………………………………………………………………………….
සමහර විට එයා මගෙ සංසාර පාදපරිචාරිකව වෙන් ඇති ……………………………..


 දුර ඈත
නිම්නයට
සිත සිබින
මල් හීන
වසත් කල
ගිම්හානායක......
පොලොව සිප
ගත්තු
පුන්චි වැහි බින්දු
පුපුදලා
නියගලා මල් පොකුරු
නුබ
දුන්නු මතකයට....
කවකටුවෙ
තුඩ මතින්
ඈදි ගිය චාපාව
සිත රැදෙ
හැමකල්ම
අහිම බව දැන දැනම......
෴෴සචි෴෴

 මෙ අපෙ මතකය වෙනුවෙන්.............







මෙ මගෙ සංසාර පාදපරිචරිකාව වෙනුවෙන්.............
Read more »

Saturday, February 16, 2013

වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..


වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..

පියෙකුගෙ වගකිම සිය පුතුනුවන් හට සිය ගමන යෑමට රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින් 
ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. මව් කුසින් මෙලොව එලිය ලබනා
සියක් දහසක් පුතුන් විරයන් වන්නා සේම දස දහසක් පුතුන් නිවටයන් වන්නෙත් ලොකයේ පවතින විශම තාවයට 
උදා හරන සැපයිමට වුවත් යම් යම් කාල වකවනු වලදි එකී උදාහරනයන් විසින් ලොකයට දායාද කලා වු 
අමිහිරි මතකයන් ඉතිහාස පිටු පුරා ලියවි තියෙන්නෙ නොමැකෙන කලු පැල්ලම් එකතු කරමින්. 

නමුත් එකී කාල වකවනු 
අවසානයේදි මව් කුසකින් බිහි වන වීරයෙකු අතින් අවසන් වෙන බැව් ඒ ඉතිහසයම අපිට නිහඩ ශාක්සි සපයනවා.
කාලය විසින් වීරයන් ගොඩ නගනවාද නැතහොත් උපතින්ම වීරයන් බිහි වෙනවාද යන පැනයට දිය හැකි හොදම පිලිතුර 
කාලයේ අවස්යඨාවයට මව් කුසින් වීරයන් බිහි වෙන බවයි.
අතීතයේ සිට වර්තමානයත් වර්තමානයේ සිට අනාගතය යා වෙන සිහින් රෙඛාව තුල බිහිවුනු , බිහිවෙන එකී චරිත තුලින් 
ගොඩ නැගුනු ගොඩ නැගෙන ලොකයක බිහි වු , බිහි වන්නා වූත් නිවටයන් විසින් ඔවුන් අපි වෙනුවෙන් ලේ කදුලු 
දහදිය මෙනම විටක ජිවිතයද දායද කොට ගොඩ නැගු වර්තමානය , ගොඩ නගන අනාගතය තුලට විටින් විට එක් කල,
එක් කරන කලු පැල්ලම් ලොකය පවතින තාක් කල් පවතිවි.  නමුත් පැහැදිලිවම කාලයයි මේ රටකට දැයකට හිත ඇති
මිනිසුන්ට හිතන්නට නැත්නම් නැවතත් වීරයෙක් බිහි වන තුරු කල්ප කාලයක් යන තුරා නිවටුන් විසින් අනාගතය තුලට
නොමෙකෙන කලු පැල්ලමක් එකතු කරාවි. සිතන්නට බොහෝ දේ පවති මෙ සිතන්නට කාලයයි...


(හුග කලෙකින් මෙ බ්ලොග් එක පැත්තට ආවෙ එන්න බැරි වෙන්න හෙතු ගොඩක් තිබුනා අයෙමත් දිගටම වසන්තයට අරාදනවක්  ලිය වෙවි එ වගෙම මම ලියපු නැති කාලේ මං ගැන හොයල බලපු හැමොටම දස දහස් වාරයක් ස්තුතියි.. ඒ හින්දමයි අයෙමත් වසන්තයට අසැනි වැස්සක් වැටිලා පන ඇවිත් තියෙන්නෙ)


Read more »

Thursday, November 29, 2012

සාරධා පෙම් බැදි දුටු ගැමුනු....



තම පියාණන්ට ස්ත්‍රි පලදනා  යැවිමෙන් උරණ වු පිය රජ තුමාගෙන් බෙරිම සදහා පලා ගිය ගැමුනු ගීලි මලයට පැමින 
වසරකුත් ඉක්ම යැමට ආසන්නව තිබින..  මෙ වන විට දක්ශ ගොවියෙකු හා ගොපල්ලෙකු ලෙස ගම පුරා ප්‍රචලිතව සිටි
ඔහු ට නවාතැන් සැපයු මහා ගමරාලගෙ බාල දියණීය වන රන් මැනිකෙ පිලිබදව බලවත් සෙනෙහසක් රහසෙම
හද තුල මොදු වෙමින් පැවතුනි..  මැති අමාතය වරුන්ගෙ දියනියන් රාජ කුමරියන්ට වඩා මෙ ගැමි කත ගැමුණූ කුමාරයාගෙ 
සිත තුල වැජබෙන්නට විය. 
මෙසෙ ගෙවි යන කාලය තුල කාවන්තිස්ස රජු අනාගතයෙ අරාම්භ විමට නියමිත යුද්ධය සදහා
සෙනා ආයුද හා සැලසුම් සකසන්නටත් අටු කොටු පුරවන්නටත් විය නමුත් තමා දැන් මහලු වුවා වැඩි බැවින් සිය පුතුනුවන්
 සදහා මෙ සියල්ල ඉටු කොට සතුටුන් මිය යැමට කාවන්තිස්ස රජු සුදානම්ව සිටියෙය.. විටින් විට ඔහුට පිඩා ගෙන දුන් කැස්ස
දිනෙන් දින උග්‍ර  වු බැවින් තම ආයු කාලය අවසන් විමට අවසාන බැව් ඔහුට දැනෙමින් පැවතිනි.

එලාර රජු ගෙ චර පුරශ සෙවාව  පැවතුනෙ දිගාභය සෙනවි යටතෙය හෙතෙම සටන් කලාවෙ මෙන්ප උපාය දක්ශයෙක් විය එමෙන්ම 
එළාර වෙනුවෙන් සටන් කිහිපයක්ම මෙහෙයවා ජය ලැබුවෙකි එ නිසාම එළාර රජුගෙ ඇමතින් අතර  ප්‍රබල තැනක් 

කුමරු හට හිමි විය..  දුටු ගැමුණු රජ මාලිගාවෙන් පලා ගිය බැව් දැනගත් ඔහු දුටු ගැමුණු සොයා ගැනිමට රහසෙම
චර පුරුශයන් යොදවන්නට විය.  නමුත් දිගාභය නොදත් එක් කාරනාවක් විය දිගාභය යනු කාවන්තිස්ස රජු ප්‍රතම බිසවගෙ 
පුතෙකු විය එනම් ගැමුණු ගෙ සහොදරයෙකි ඒ හෙතු නිසාම දිගාභයට එරෙහිව නිරන්තර ගතු කිමට සොලි සෙන්පති වරුන් 
නිරන්තරයෙන් කටයුතු කරන්නට විය ඔහුන් දිගාභය කවන්තිස්ස ගෙ පුත්‍රයෙක් වුවාටත් වඩා ඔහු සින්හලයන්ට ලෙන්ගතු 
විම හා රාජ සභාවෙ ඉහල තැනක් හෙබ විම නොරිස්සන්නට විය..  දිගාභය එළාර රජු හා එකතු වුයෙ තම පියානන් තම මව 
අතැර විහර මහා දෙවිය සරණ පාව ගත් බැවින් ඔහු තුල තිබු සිත් තැවුල කරන කොට ගෙනය නමුත් ඔහු තුල පැවති
සිංහල ලෙ තම ජාතියට සිදු වන අසාධාරන කම් වලින් කුපිතව පැවතිනි.. සොලි සෙන්පති වරුන් දිගාභය සාරධා කුමරිය
කෙරෙහි සිතක් පහල කොට ගෙන ඇති බවට මුසා පැවසමින් එළාර ඔහු කෙරෙ මදක් කිපිතව සිටියෙය..
සාරදා යනු එළාරගෙ එකම දියනියයි ඇගෙ මාතෘ භුමිය මියත් මෙ ලක් පොලවයි ඈය සැබවින්ම රුමත් කුමරියක වුවා
මෙන්ම සාධාරන බව අගයන බුදු දහමට ලැදි විනා වායනයෙහි දක්ශ වුවාය... 

එළාර ගෙ ගති පැවතුම් වලින් සහමුලින්ම
වෙනස් ගති පැවතුම් වලින් හෙබි වු ඇය එකල අනුරාධපුරයෙ ඇතුලු පව්ව තුල සිටි රුමත්ම කත බැව් ලංකද්වීපය පුරා
ප්‍රචලිතව පැවතිනි ගම් දනවි සිසාරා ඇගෙ යහපත් කම පිලිබදව කතා බස් ඇති විය සිංහලුන් ගෙ සිත් දිනා ගත් සාරධා 
කුමරිය සොලි කුමරියක් බැව් පිලිගන්නට සිංහලයන්ගෙ සිත් අකමැති විය...

එළාර දිනක් සොලි සෙන්පති දිගජන්තු පැවසු මුසාවකට කිපි දිගාභය කුමරු සිර ගත කරන්නට තිරනය කිරිමත් සමග දිගාභය
පලා ගියෙ සොලින් හා ඔවුනගෙ සැලසුම් මාලිගාව පිලිබදව සියලු තතු සිය හදවත තුල රුවා ගනිමිනි අනාගතයෙ සිදු වන 
යුද්දයෙදි තම සහොදර කුමරු දුටු ගැමුනුට දිගාභය සතු මෙ දැනුම ප්‍රයොජනයක් වෙවි යැයි එළාර මොහොතකටවත් 
නොසිතුවෙය...

සාරධා කුමරියගෙ ප්‍රියතම සෙවිකාව නාලිකා නම් වුවාය හෙතම සිංහල කතක් විය දුටු ගැමුනු කුමරුන් පිලිබදව නිතර සරදා
සමග දොඩමලු විය එ නිසාම දුටු ගැමුණු ගෙ ළමා කලය පිලිබදව සරදා බොහො කරුනු දැන උන්නාය. සැබැවිනම ඇය
නාලිනිගෙන් එවා අසා දැන ගැනිමට අසා කලාය.. රහසෙම ඈ හද තුල ගැමුණු කෙරෙහෙ සෙනහසක් මොදු වෙමින් 
පැවතුණී........................................

(තවත් එකම එක කොටසක් බලා පොරොත්තු වන්න...............)
Read more »

Tuesday, November 13, 2012

මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)


ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්‍රරා ලොකයට නැහැවි තිබු එකම එක  රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්‍රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.

ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය  මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා 
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්‍රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.


සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්‍රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්‍ර වු වත් 
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි 
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ 
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්‍රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..



ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට 
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්‍රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ 
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය..  අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....



සිතල හැගුමන් 
හදවත පිපිදිලා 
නොපිදුනු සිතුවිලි 
හිමිහිට පිපිදිලා 
සයනයේ රැගුමන් 
යලි යලි සිහිවෙලා 
අහිමිද ප්‍රේමය 
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට 
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම 
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට 
කෙලසුනි මගේ ගත  
අහිමිද මට පෙම 
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප 
මට හුරු පරිදිම 
ඉන්නම් නුබ ලග 
දාසිය විලසින..............


දහසක් සිතුවිලි 
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු 
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම 
සිහිවෙලා 
රහසින් මගේ හිත 
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු 
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය 
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි 
මා පුතු
පියෙක් නැතුවම..............

Read more »

Sunday, November 4, 2012

ප්‍රමාදය ......................


ඔහු..............................
සිතුවිලි පව්වක කුරුටු ගාමින් තව තවත් ඔහුගෙ සිත යතාර්තය හා ඇය අතර දොලනය වන්නට විය.
නොකැපු හිස කෙස් කිහිප වරක්ම සිය අතින් ඇද දැමිමෙ නිරර්තක වුත් අසාර්තක වුත් වැයමක හෙතෙම 
නිරතුරුව යෙදෙමින් සිටි. පසෙකින් තිබු කිරි විදුරුවට වැටි සිටි මැස්සෙකු එය බොහො වෙලාවක සිටම ඒතන 
තිබු බව සනිටුහන් කරවයි... විටක දැස ජනෙල් තිරයෙන් එහා අරමුණකින් තොරව දිව යයි නැවතත් කාමරය පුරා
දිව යයි වරක් දෙවරක් නොව ගතවු කාලය තුල සිය දහස් වාරයක් එකම ක්‍රියාවලිය යලි යලිත් ප්‍රතිනිර්මනය
වුයේ දෙපසට වැනෙනෙ ඔරොලොසු බට්ටෙකුගෙ ක්‍රියාවලිය සිහිපත් කරවමින්ය..   
කල්පනා සයුරක ගිලි සිටි ඔහුගෙ අඩවන් දැස එහි ගැබුරු පත්ලටම කිමිදි ඇති බව කියා පායි...
ඔහු.................................
බොහො වෙලාවකට පසු මොන මොනවදො තමාටම මුමුනා ගනුමින් අසල තිබු මෙසය මත තිබු කොලයක
යමක් කුරුටු ගාන්නට විය වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම සිය හිස මෙසය මත තදින් ගැසු ඔහු 
අඩක් ඉවරව තිබු අරක්කු බොතලයෙන් උගුරක් පානය කලෙ බොතලය සිය මුව මත රදවා ගනිමින්ය..
සිය ඇදුම් වලට නවාතැන් සපැයු කුඩා අල්මාරිය විවර කොට ඒ තුල තිබු ඇදුම් විසි කර දමමින් යමක් සොයන්නට විය.
ඔහුට අවසානයෙදි එය හමුවිය එය අගනා පිලිමයකි එහි දනගසා ගත් පිරිමි රුවක් සහ එ අසල සිටි ගැහැනියකගෙ පිලිමයකි
පිරිමි රුව අතින් මලක් ගෙන එය ගැහැනිය වෙත් දිගු කර සිටියි.. නමුත් එය සොයා ගත් ප්‍රිතිය ඔහු වෙතින් පිලිබිබු 
 නොවුන අතර තව දුරටත් මලානික බව ඔහු තුලින් දිස් විය, ගත වුයෙ නිමෙශයකි ඔහුගෙ දෙපා අසල
පිලිමය සී සී කඩ කැඩි විසි විය ඔහු නැවතත් අරක්කු බොතලයෙ සරන පැතීය..



ඇය..........................
තව දුරටත් අඩන්නට කදුලැලි ඇගෙ දැස් මත නැත ඇය යමක් තිරනය කොට ඇති බව ඇගෙ මුහුනින් පිලිබිබු විය
දුරකතනය අතට ගෙන යමක් එහි සනිටුහන් කලාය ....................... එය කෙටි පනිවුඩයකි

ඔහු........................
හිස් වු බොතලය පසෙකින් තැබු ඔහු අසල තිබු නිදි පෙති අහුරක් මුව තුල රුවා ගත්තෙ දෙවරක් නොසිතමිනි.
අසල පැවැති සියල්ලක්ම කැරකෙන්නාක් මෙන් ඔහුට දැනුනි ඔහු ඇද මත ඇලවෙනවාත් සමගම සිය දුරකතනයෙ
සටහන් වු කෙටි පනිවිඩය දෙස නෙත් යොමු කරන්නට විය දැස් පිය වෙනවාත් සමගම ඔහුගෙ මුව මත සිනා 
රැල්ලක් සනිටුවහන් වි තිබිනි.....  ජන්ගම දුරකත්නයෙ මෙසෙ සටහන් විය....... mama oyata adarei ane
mata samawenna raththaran mata oyawa oni... නමුත් ඒ ව්න විටත් ඔහුගෙ 
දෙනෙත් සදහටම පියවි අවසානය........... 

ප.ලි (මෙ මගෙ 49 වෙනි පොස්ටුව උඩ අලුතින් බොඩ් කැල්ලක් එල්ලුවා පොඩි වෙනසකටත් එක්ක 50 වෙනි පොස්ටුවෙන් 
නැවත හමුවෙන තුරු ඔබට ජය 50න් මම බ්ලොග් එක පටන් ගත්තු හැටි ලියන්න හිතන් ඉන්නවා)


Read more »

Saturday, October 27, 2012

කාලගෝල සීයා...


නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත්
නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු
අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ...  මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා.
මට අවුරුද්ද නම් හරියටම මතක නැ හැබැයි.  කොහොම හරි ඒ කාලේ තාත්තා වැඩ කරෙ ලංකාවෙ ටිකක් දුශ්කර පැත්තක
ආණමඩුවෙ .. එ පැත්තෙ මිනිස්සු හරිම අහින්සකයි ගොඩක් අය කුඹූරු තමයි කරන්නෙ ඒ වගෙම හිත් වල මනුස්ස කම් 
පිරිලා තියනවා.. 

 ඉතින් ආණමඩුවට ගිහින් office එකෙ වැඩට අලුතින් අක්කා කෙනෙක්ව වැඩට ගත්තා තාත්තා 
ඒ කාලෙ මම ටිකක් විතර පුන්චියි .... ඉතින් ඒ අක්කට රස්සාවක් හම්බුනු සතුටට එයාගෙ තාත්තා කුඹූරු ගොවි තැනින් 
ගත්තු හාල් මිටියක් අපෙ ගෙදරට එවන්න පුරුදු වෙලා හිටියා..  ඔහොම ටික කාලයක් ගියාම අලුත් අව්රුද්දත් උදා වුනා...
ඉතින් මේ සීයාට අපෙ ගෙදර අව්රුද්දට එන්න ඔනා වුනා අව්රුදු කතා කරන්න..  මමත් මේ සීයාව තාත්තත් එක්ක ආණමඩු 
ගියපු වෙලාවට දැකලා තියනවා හැඩරුවින් කලුම කලුයි මිටියි තරමක් ඒ හින්දම කාලගොලයා කියලා නමකුත් පට බැදලා
තිබුනෙ මායි තාත්තයි... ඔන්න ඉතින් කාලගොල සීයයි කාලගොල ආච්චියි 2 න් නම සිංහල අවිරුද්දට පස්සෙ දවසෙ අපෙ
ගෙදර ආවා.කැව්ම් කොකිස් කැවිලි පෙවිලි පුරවලා පෙට්ටියක් අරන් ඔලුවෙ තියන් ආපු හැටි මට තාමත් මතකයි..

අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...

දැන් කාලගොල සීයා බුලත් විටක් එහෙම හපලා  මුන කට ටිකක් හොදා ගන්න ලක ලැස්ති වුනා. bathroom එක
පෙන්නුවට එකට යන්න බැ කියපු සියා එලියෙ ටැන්කිය හොදයි කියලා එලියට ආවා. තාත්තා අලුත් සබන් කැල්ලකුයි 
තුවයකුයි සියාට දුන්නා..  දැන් සීයා නාලා එහෙම ඇවිත් කියනවා මෙහෙම  "මහත්තයා එතන සබනුයි තුවයකුයි 
තියෙද්දිනෙ  මට අලුතින් දුන්නෙ මම තිබුනු ඒවාම ගත්තා" :D හිනාව බොහොම අමාරුවෙන් මම තද කරන් හිටියෙ සියගෙ 
මුණේ තැනින් තැන බලු මයිල් තියනවා මම දැක්කා.. කොහොම හරි කාල ගොලසීයා බලු සබනුයි බලු තුවායයි තමයි
අරගෙන තියෙන්නෙ :P

ප:ලි - මෙ සිද්දිය වෙලා දැන් හුගක් කල් තාත්තා නැති වෙලා දැන් අව්රුදු 2කටත් ලගයි එත් කාලගොල සීයයි අච්චියි අක්කයි
තාමත් අපෙ ගෙදරට අවිරුදු කතා කරන්න එනවා එකම තමයි ඒ මිනිස්සු ගාව තියන මනුස්සකම.. ඒ වගෙම තාත්තාගෙ නැයෙක්
සහොදරයෙක් නොවුනු ඒ මිනිස්සු පියානන්ගෙ නිසල දෙහය මිහිදන් කරන වෙලාවෙ පොලවෙ හැපි හැපි අඩපු හැටි 
මට තාමත් පෙනවා. මෙ ටැන්කියට දැන් නම් වතුර පුරවන්නෙම නැති තරම් එත් ඉදලා හිටලා වතුර පුරවන හැම දවසකම
මට මෙ සිද්දි දාමය මතක් වෙනවා.. ඒ ලග තිබුනු ලොකු උණ ගහත් වෙලිලා ගිහින් හරියට මතක විතරක් ඉතුර කරලා
යන මනුස්ස ජිවිත වගෙම....



Read more »

Saturday, October 6, 2012

මිහිබට කිරුල


මා මිය යැමට අසන්නව සිටිමි  එයට පෙර කෙදිනක හො විශ්වයෙ ඉතිරිව සිටින  මනුශ්ය වර්ගයාගෙන් අයෙකු ,
සිය මුතුන් මිත්තන්ගෙ ලොකය සොයා පැමිනියහොත් ඔවුන්ගෙ දැන ගැනිම පිනිස පෘතුවියෙ අවසාන පුරුක ලෙස මම 
මෙසෙ ඛේත ගත කරමි.............................




අද තරු වර්ශ 5670 වැන්නෙ 167 වැනි දිනයයි.... 
මා ඔබ අදින් වර්ශ ගනණාවක අතිතයට රැගෙන යමි... 
මෙ අදින් වර්ශ 7000000 කට පෙර කාලයයි අනාගත ලොකයක ජිවත් වෙන මනුශ්ය වර්ගයා වෙනුවෙන් පෘතුවිය
තුල මහා වෙනසක් සිදු වෙමින් පැවතිනි.. මෙ වන විට අප වානර අවදියක් ගත කරමින් ඉතාම ප්‍රතමික අව්දියක සිටියෙමු.
පෘතුවි තලය පුරාවටම සිය අනසක පතුරව මින් සිටියෙ ඩයිනොසරයන් නමින් හැදින් වුනු විශල සත්ව විශෙශයකි නමුත් 
අනාගතයෙ අනසක පතුරවන්නට මග බලමින් සිටි වානරයන්ට මග හසර සලසමින් එක පිට එක නැගුනු තරු කඩා වැටිම්
මෙතෙක් කල් මෙහි කිරුල දැරු ඩයිනොසරයන් සමුල ගාතනය කරන්නට විය..  කාලය ක්‍රමක් ක්‍රමයෙන් ගෙවි යන්නට විය
ගසින් බිමට බට වානරයන් සතුව පැවති කුතුහලය ඔහු බොහො දුර රැගෙන එන්නට සමත් විය. මිහි  බට කිරුල
ක්‍රම ක්‍රමයෙන් හොමො සෙපියන් නැමති අපෙ මිතුන් මිත්තන් අතට පත් විය.... එතැන් පටන් ඔහු මෙ මිහි මත කිරුල පමනක්
නොව මුලු සක්වල පුරාම සිය අන සක පතුරවන්නට විය එයට අනගතයෙ නැවත අප සොයා එන නුබලා එයට සක්ශි දරනු
ඇත. ගල් යුගය ගොවි යුගය  පසු කරමින් රජ්යයන් පිහිටුවමින් අප ආ මගෙ විශ්වය තුල ජනා වාස පිහිටුවිම තෙක්
 සවිස්තර විස්තරයක් මෙ අසල ඇති රොබො හිස තුල තැන්පත් කොට ඇත. 


තරු වර්ශ 3678
එ ඔබෙ මුතුන් මිත්තන් පෘතුවියෙන් පිටත් වු වර්ශයයි මෙ වන විට පරම්පර කිහිපයක් පසු වි ඇති බව අද දිනය දෙස බලන 
කල මට අවබොද වෙ. මෙ වන විට අපට වඩා අලොක වර්ශ බිලියනයක් පමන දුරින් වු  YJBK 2877 මත සර්තක ලෙස 
ජනාවස වි ඇති බව මගෙ විශ්වාසයයි.. සමහරක් විට ඔබ විසින් අප අමතනු ලැබුවත් අපගෙන් ප්‍රතිචාරයක් නොමැතිව දින
කාල වකවනු ගෙවි ගිය බව මාගෙ විශ්වාසයයි.. එකල නිල් පැහැයෙන් දිදිලපු පෘතුවිය නුබලා එන කල රත් පැති ගොලයක් 
ලෙස දිස් වනු ඇත මා සතුව ඇති අවසාන මිනිත්තු කිහිපය තුල එයට හෙතු පාදක වු කාරනා කෙටියෙන්
 මෙසෙ ගොනු කරමි. අප විසින් ක්‍රියත්මක කෙරුනු DNA දාම වෙනස් කොට නව ජිවි ප්‍රෙබෙද නිර්මානය කිරිම තුල 
අප විසින් විසාල වු ජයග්‍රහනයන් ලබ ගත්තෙමු එයට හොදම උදාහරනය ඔබලා සමග YJBK 2877 වෙත යවන ලද 
පියාපත් සහිත බල්ලාය. එහි අරුමයක් ඔබ සතු නොවුවත් සැබැවින්ම බල්ලන් සතුව මුල් කාලිනව පියාපත් නොතිබුනි.
කෙසෙ වෙතත් මෙහිදි අප විසින් නිර්මනය කරන ලද ඉතාම දියුනු මොලයක් සහිත උරගයෙකු වන GHH11 
නමින් නම් කරන ලද ජිවින් විශෙශය N2 වායුව ස්වසනය කරන ලද ජිවින් වර්ගයකි. මොවුන් ඉතාමත් කෙටි කාලයක් තුල
මිනිසාට අභියොගයක් වන්නටත්.. මිනිසාගෙ ග්‍රහනයෙන් මිදි ස්වදින ජිවියකු විමට තැත් කිරිමත් නිසා මොවුන් වද කිරිමට
ඔහුගෙ නිර්මාපකයන් වන අප විසින් තිරනය කරන ලදි. නමුත් එ වන විටත් අප ප්‍රමද වි වැඩි වු බව අපට පසක් වුයෙ.
මෙතෙක් පෘතුවිය තුල අනසක පතුරවමින් සිටි අප හට අභියොගයක් වෙමින් ඔවුන් විසින් නිපදවනු ලැබු රසයනික 
අවි ප්‍රහරයන්ය . මෙ ප්‍රහරන් එල්ල වන තුරුම මෙ බව අපෙන් වසන් කරන්නට තරම් බුද්දියක් එම උරගයන් සතුව පැවති බව
අපට රහසක් විය. මෙම ගැටුමෙදි අප වර්ගයාගෙන් අඩකට වඩා මිය යන්නට විය. අවසානයෙදි අප සතු වු නියුක්ලික් ආයුද 
වලින් ප්‍රහරයක් එල්ල කිරිමට සැලසුම් සකස් විය.. එහි ප්‍රතිපලයක් ලෙස ඉදි කෙරුනු ජිවිත ආරක්ශක මැදිරි තුල
අප ලැගුම් ගන්නට විය මෙම ප්‍රහරය මුලු පෘතුවිය තුලම විහිද යැමට තරම් ප්‍රබල බව අප දැන සිටියත් එහි ප්‍රබල තාවය පිලිබද
අදහසක් නිවරදිවම අප තුල නොවිය. ප්‍රහරය එල්ල විය GHH11 සමුල ගාතනය විය. නමුත් එහි ප්‍රබල තාවය ඔක්සිජන් 
වායුව සම්පුර්නයෙන්ම දවා ලන්නට සමත් විය... ජිවිත් අරක්ශක මැදිරි තුල තිබු O2 අවසානය සනිටුහන් විමත් සමග
මිහිමත කිරුල දැරු හොමො සෙපියන් සෙපියන් ගෙ ජිවිත  අහිම වන්නට විය. මෙහි සිටි අවසාන හොමො සෙපියන් මා බව
අසල ඇති පරිගනකය සනාත කරයි.. එහි දත්ත නිවරදි නම් මා තව සුලු වෙලවක් තුල මිය යනු ඇත.........
මෙ සමගම මගෙ අවසාන ප්‍රර්තනව ගොනු කරමි.. මිහිබට කිරුල නැවතත් අප වර්ගයා අතට පත් විම කෙදිනක
හො සිදු වෙවා යන්නයි.......................................................

තරු වර්ශ 98987 
YJBK 2877 සිට පැමිනි නුතන මානවයන් පෘතුවිය තුල ගොඩ බැමට සුදුසු ස්තානයක් නිරික්ශ්නය කරමින් සිටි
එහෙත් මෙ වන විට මිහිබට කිරුල හැඩයෙන් කිබුලෙක්ට සමාන වන තියුනු බුද්දියක් සහිත මිනිසා අභිබවා ගිය
උරගයෙක් සතු වු බව  ඔවුන් නොදත්තෙය......................





Read more »

Monday, October 1, 2012

ඇගෙ සිනහව.....



මා තව දුරටත් සිත තුල පැවති චින්ත සන්තාපයට මා සිත යටපත් කරන්නට ඉඩ දි බලා සිටියෙමි.
වෙනදා දකින චමත්කරය අද මුහුදු වෙරල තුල මා නොදුටුවෙමි ඒ අද සැබැවින්ම චමත්කරයක් එහි නොවු
නිසාද නැතහොත් එය මා සිතට නොදැනුනු නිසාද යැයි මා නොදත්තෙමි.
මුහුදු රල වෙනදා මෙන් නොනවතින තරගයක යෙදි සිටි නමුත් එහි වෙනසක් ඇත.. වෙනසක් දැනේ.
ඒ අතිතයේ දවස් වල මෙන් මුහුදු රලට ඔච්චම් කරන්නට මට නොසිතේ සබැවින්ම එයට හෙතුව මා නොදනිමී.
නැතහොත් නොදත්තා මෙන් සිටීමට උස්සහ කරමි. ඇත කොනක පියමනින පෙම්වතුන් යුවලක් මුහුදු රලින් ඔවුන්ගෙ
පා දොවනය කර ගනී. මටත් අතිත මතකයන් මුහුදු රල මතින් දොවනය කර සැනසෙන්නට සිතෙ නමුත් එතරම් කරුනික බවක්
සොබා දහම අපිට උරුම කොට නැත. අවසන් වතාවට ඇය හමු වු මෙ ගල් තලාව මත අපි බොහො දෙ කතා කලෙමු. අතිතතය චිත්‍රනය
කොට සිනා වීමූ නමුත් ඇයත් මමත් දෙදෙනාම දැන සිට එහෙත් සගව ගන්නට උස්සහ කල එ අමිහිරි සත්යයට අපි මුහුන දෙමින් සිටින්නෙමු. 
නැත.... මා තනිවම මුහුන දෙමින් සිටිමි. එදින අපි නෙතු තුල කදුලක සෙයාවක් නොතිබුනෙද ? නැතහොත් එය එකිනෙකාට සගවා ගත්තාදැයි
නොදත් මුත් මුවගට නැගුනු සිනහාව තුල විස්තර කල නොහැකි තරමෙ ශොකී හැගිමක් තිබු බව ඈ මෙන්ම මාද දැන සිටියෙමු.
මතකයන් සමග ඉදිරි ජිවිතය ගෙවා දැමිය යුතුව ඇතත් එයට තවමත් මා සුදානම් නැති බව මා දනිමි. මුහුදු වෙරලෙන් ම නික්මුනෙමි
ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...




පසුවදන...... පිලිකා රොගයකින් මිය ගිය තම පෙම්වතිය වෙනුවෙන් තැවෙන පෙම්වෙතෙකු {සැබැ සිදුවිමක් ඇසුරෙන්}


Read more »

Thursday, September 27, 2012

සිහිනයකි ජිවිතෙ


දිනය- 2011.08.23
වෙලාව- උදැසන 8.00 

මම සිහිනය හා යතාර්තය අතර දොලනය වෙමි.. අලොකයෙහි  මරනිය අන්දකාරයෙ සුසුම විද ගනිමි.

හිත තුල පැවති සතුට හිත තුලම ගුලි කරගෙන කදුලු දෙනෙතින් සගවන අසරනයෙකි.
ඇයත් මමත් අතර සිතිවිලි අතර තව තවත් තනි වුනෙමි. ආදරය සහ ජිවිතය අතර මිනුම් දඩු තුල
තව තවත් ඇය සොයන්නට නිරර්තක උස්සහයක යෙදෙමින් සිටිමි. මා වරදකරුද නිවරදිකරුද?,
පිස්සෙක් උන්මන්තකයෙක්, මෙ සිහිනයෙ යතා අවබොදය තෙරුම් ගැනිමට තරම් හැකියවක් මා සිත තුල නැත.
මම අසරන වීමී. කිසිවෙකුත් මගෙන් මෙ ගෙවි යන සිතුවිලි පිලිබදව විමසා සිටියහොත් මා සතුව පිලිතුරක් නැත
නමුත් එක් කටහඩක මතකය මා සතුව ඇත.. " මට මගෙ ජිවිතෙ දෙන්න" "මගෙ හිතෙ ආදරෙ තියනවා මට ඔයාව දැනෙනවා එත් මම අසරනයි"
"මට මගෙ ලොකය හොයා ගෙන යන්න දෙන්න ඔයගෙ මතකය විතරක් මන් ලග තියගන්නම්" "අනෙ මට තවත් කරදර කරන්න එපා"


මම ...

මග බලාන හිටියා
අරලිය මල් වැටුනු පාර දිගෙ
හිතෙ දුක පිරිලා
වැහි බර අහස වගෙ.......

ඇය...

නිල්ම නිල් ඇ දෙනෙත
පොඩි වෙලා වෙනදා වගෙ
සිනවක් නම් නැ 
මා සිප ගත් එ මුවගෙ...........

මම...

මෙ අහන්න
මගෙ හිත අදරෙ පිරිලා
සිබින්න හදනකොටම
මල් වලට කියන්න එපා
සිබින්න එපා සුවද අරන් යන්න 
කියලා........

ඇය...

පොඩි දෙට කදුල එන
මගෙ ඇස් නුබ ලගම තියන්නම්
මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්
එත් ......
මම තවත් නුබෙ නොවෙ...

දිනය- 2012.09.01
වෙලාව- රාත්‍රි 11.30
(අකුරු බොදවි ඇත.... සමහරක් තැනක පැහැදිලි නොවේ......    )

මා සිතට තව දුරටත් රමණයක් නොදැනෙ මරනීය වේදනවක් ම පමනක් දැනෙමින් පවති.
දවස් කිහිපයක් නොකා නොබි සිටියෙමි.. මා ජරා ජිර්ණ වී සිටිමි කිලිටි වි ඇත මා වත මෙන්ම
ගතත්...................................................... ...........(පැහැදිලිනොවේ).........................................................................................
මතකද? මා සිත තුල උපන් අදරයෙන් මිය යාමට සුදානමින් සිටින්නෙමි. මගෙ ආදරෙ සමග ඔබ ජිවත් වන බව මා දනිමි.
මා මතකය සදා ඔබ සිත තුල රැදෙවා.. අවසන් වතාවට එකම එක එක පුන්චි ප්‍රර්තනාවක් ඔබෙන් අයදිමි මෙය මග අවසාන
ඉල්ලිම බව ඔබට පසක් වනු ඇත.. යලි උපදින මතු බවෙ දී හො මගෙ පෙම්වතිය පමනක් නොවී මගෙ ආදරෙ මගෙ බිරිද වන්නට
නුබට හැකිනම් ............................................................................................................
..................................................
ඉතින් මම දැන් සතුටින් මිය යමි... නුබ මා වෙතට එන තුර සසර ඔබ ලගින් සැරි සරමි..... ඔබට තෙරුවන් සරනයි..
මීට ඔබෙ ආදර අකලංක ...



දිනය 2012.09.27
වෙලාව. නිශ්චිත නොවෙ
කොලයක ලියා ඇති අපැහිදිලි කෙටි සටහනකි.....

මා තව දුරටත් නුබෙ මතකය සිත තුල රදවා චින්තසන්තාපයෙන් වෙලි යන්නට  සුදානම් නැත. 
මගෙ පතිවත නුබ ලග පුද දෙන්නට තරම් වාසනාවන්ත  නොවු බව මා දනිමි. යලිත් අලුත් අරම්බයක් 
සමග නුබෙ කුලුදුල් පෙම්වතිය වන්නට පෙරුම් පුරන්නෙමි. මා නුබ සොයා එන්නට පොරොන්දුවක් වීමී. එය
ඉටු කිරිමට කලයයි මෙ .....
මෙයට..... නුබෙ ආදරී අනුත්තරා....


පසුදින ......
දුම්රිය මැදුරක් තුල.
" ඒ මිනිහා හැමදාම ගැනිට ගහනවලු මහා පව්කරයෙක්" "පව් සිරියාවන්ත කෙල්ල" "එ මිනිහගෙ සල්ලි වලටලු එ කෙල්ලව බැන්දුවෙ "
"මිනිහා කෙල්ලව මැරුවද දන්නෙත් නැ වහ බිව්වා කිව්වට"...................................................


දිනය 2025...
වෙලාව.. උදැසන
(මුහුදු වෙරලක පෙම්වතෙකුගෙ උරහිස  මත ඔලුව තබා ගත් පෙම්වතියක් .....)

"අපි මෙ වගෙම මිට කලිනුත් මෙ විදිහට ඉදලා තියනවා වගෙ මට දැනෙනවා රත්තරන්"

"අපි සන්සාරෙ කවදා හරි මෙ වගෙම හම්බෙලා ඇති" 

(උනුන් තව තවත් එකිනෙකාට තුරුලු විය)



මද පවනක් හදවත මත තිබුනා වගේ 
අදරියක් වී ඇය සෙවනැලි මැව්වේ හදේ 
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ 
පුන්සඳ කෙලසද දුරස් වුනේ ..............

නෙතු ඇඩුවා හසරැල් මැකුවා

සෙවනැලි මැකුණා පාළුව දැනුනා
දැනුනා තනිකම දැනුනා
බිදුනා ඔබ දුන් ආදරේ බිදුනා ..................

සෙවනැල්ලක් වත් හදතුල යලි නොඑන ලෙසේ
දුර අහසේ පියබා ඔබ යන්නේ කෙසේ
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ
පුන්සඳ කෙලසද දුරස් වුනේ ................
මද පවනක් හදවත මත තිබුනා වගේ ..............



නෙතු සනසා හසරැල් මැව්නා
නෙතු සනසා හසරැල් මැව්නා
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ...................... .




















Read more »

Saturday, September 15, 2012

වාසනාවටත් වඩා............. යමක්


අපි දිනන්නට උස්සහ කරමු ජිවිතය පුරාම අනෙක අරමුනු කරා යැමට තැත් කරමු..
එ අතර සමහරුන් වාසනාවන්තයන් ලෙසත් උස්සහවන්තයන් ලෙසත් කාලකන්නින් ලෙසත් ලෙබල් 
වි ඇත.... වාසනාව සහ උත්සහය අතර දොලනය වන ජන වහරෙන් උපුටා ගත් කතාවක් අද ගෙන එන්නට
සිතුවෙමි..... මුල් කතුවරයා නොදනි... කතාව උචිත පරිදි වෙනස් කොට තිබෙ ....



අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..
" තාම රජ තුමාට වාසනාවන්තයාව හොයා ගන්න බැරි වෙලාලු?" "අපෙ රජ තුමාටත් විකාර වෙන වැඩ නැතුවට"
මෙ අතර තුර රජ වාසල තුල. රජු " මගෙ රටෙ එකම එක වාසනාවන්තයෙක් වත් නැද්ද?" ඇමති "රටෙ උතුරු පැත්තෙ 
ඉන්නවලු හිගා කමින් ජිවත් වන මනුශ්සයෙකු ඔහුට කැම බිම හැමදාම ලැබෙනවලු ඔහුට පුදුම වාසනාවක් ඇති බව තමා
එහෙ අය කියන්නෙ ඔහුව උදෙට දැකිමත් වාසනාව ගෙන දෙනවලු "රජු "මම හිතන්නෙ ඔහු තමයි අපි දින ගනන් සෙව් මිනිහා"

............................................................................................................

දින කිහිපයකට පෙර...........
රජු සිරි යහනෙදි තම සිතුවිලි සමගම පොර බදිමින් අතිතය වර්තමනය හා තමාත් යන සිතුවිලි ත්‍රිත්වයෙ කිමින්දෙන්නට විය.
තම ජිවිතය හා සසදන කල තමන් ආ ගමන් මගෙ මුල බිජය බමුණන් කියු පරිදි වාසනාවද............ නැතිනම් ඔහු සතු වු උස්සහයමද?
ඔහු සිත එකිනෙක පැරදවිය නොහැකි තර්කයන්ගෙන් පිරි යන්නට විය.......
අවසානයෙදි ඔහු සිය ගැටුලුව තම ගුරු දෙවයන් හමුවෙ තබන්නටත් ගුරු දෙවයන්ගෙ උපදෙස් පරිදි එය සොයා ගැනිමට
නම් රාජ්‍යය තුල සිටින වාසනවන්තම මිනිසාත් උස්සහවන්තම මිනිසාත් අතර තරගයක් පැවැත්විය යුතුය...  

මෙ වන විට උස්සහවන්තයා
සොය ගෙන අවසන් වි තිබිණී. ඔහු ගොවියෙකි ඔහු සතු උස්සහයෙන් ඔහු බොහොමත් ම පොහොසකු බවට පත් වි ඇත.
වාසනාවන්තයාගෙ හමුවිමත් සමග ගුරුදෙවයන්ගෙ උපදෙස් ක්‍රියාත්මක වන්නට විය...

රජ වාසලට පැමිනි ගොවියාත් වාසනාවන්ත හිගන්නාත් අදුරු කාමරයක් තුල හිර කොට දැනටමත් දින 3 කි. තෙවන දින
වන විට දෙදෙනාම අදික සාගින්නෙන් පෙලුනෙ ඔහුන් හට අහාර ලබා නොදිම හෙතුවෙනි. එදින රාත්‍රියෙ කැවුම් වලින් පුරවන 
ලද මල්ලක් මොවුන් සිටි සිර කුටියෙ වහලයෙ එල්ලන්නට විය එකි කාමරය තුල එය ලබ ගැනිම බෙහිවින්ම අපසහසු කටයුත්තක් බව
ගුරු දෙවයන් දැන සිටියෙය.
වාසනාවන්ත මිනිසා කම්මැලියෙකි එ නිසාම ඔහුට හිගන ජිවිතයක් උරුම වි තිබුනි නමුත් ඔහුගෙ වාසනාව නිසාම අහාර 
අදිය නිරතුරු ඔහුට ලැබෙ. උස්සහයෙන් යුතු මිනිසා පැය ගණනක් මහන්සි වි කැවුම් මල්ල ලබා ගැනිමට සමත් විය..
එ මුලු කාලය තුලම හිගන්නා නිදන්නට විය. ගොවියා සිය කුස ගින්න නිවා ගැනිමට කැවුම් අනුබව කරන අතර ඔහුට හිගන්නා
ගැන උපන් අනුකම්පාවෙන් සිය පලමු කැවුමෙ සිටම එහි කොන්ඩය හිගන්නාට විසි කරන්නට විය. අවසාන කැවුම දක්වාම
එය එසෙම සිදු විය..
.........................................................

රහසෙම රජ වාසල තුල ක්‍රියාත්මක වු තවත් උපක්‍රමයක් විය සැම කැවුමකම කොන්ඩය තුල දියමන්තියක් සගවා තබන්නට විය.
හිගන්නා පොහොසතෙකු බවට පත් විය රජුට පිලිතුර ලැබිනි..  උස්සවන්ත මිනිසා නිසා කුසගින්නෙ මිය නොගොස් ඔවුන්ගෙ ජිවිත රැකිනි.


ප. ලි= උස්සහය තිබු පමනින් දිනය හැකි බොහො දෙවල් තිබෙ නමුත් උස්සහය තුලට වාසනාව කැටි වු කල ඔහු හො ඇය
නැවැත් විමට මෙ ලොව කිසිදු බලවෙගයක්ද නැත.................................................................................




Read more »

Saturday, September 8, 2012

රාත්‍රී රූමතිය


රාත්‍රී අදුරත් සමග ඇග හිරි වට්ටන සිතල සුලන් රැල්ල සිතට එකතු කලේ චකිතයක් ..... පාරේ ඇතින් ඇතට තිබෙන නියෝන් විදුලි ආලෝකයෙන් රුප මවන සෙවනැලි සමුදාය
සිතට චකිතයක් එකතු කලේ රාත්‍රී අදුරත් සමග අතිනත  අරගෙන මෙන්. තරමක් නුපුරුදු බවකින් යුතු පරිසරයක් බැවින් පාර පුරා විහිදී තිබු මං සලකුණු හිතේ සනිටුහන් කර ගත්තේ 
රැකියාවට පැමිණි පළමු දිනයෙමයි එත් ඒ සියල්ලක්ම රාත්‍රියත් සමග නවමු මුහුණුවරක් ගෙන ඇති බවක් මට දැනුනා තවත් 5km විතර මේ දින කිහිපයේ නවාතැන් සපයන රන් බණ්ඩාගේ  ගෙදරට 
ඇති බව මට දැනුනු විට ගත සිත වේලි තිබුණු විඩාව දෙතුන් ගුණයකින් වැඩි වූ බව මට දැනුනා..... ඇතින් ඇසුණු බල්ලෙකුගේ උඩු බිරුම් හඩකින් සිතුවිලි ඔස්සේ අතරමන් වී සිටි 
මගේ චින්තය යලිත් ප්‍රකුරැති මත් වූ වා. ඉදිරියෙන් පෙනෙන්නට වූ තුන් මං හන්දිය අසල පවතී ප්‍රේත ගොටුවක් දුර තියාම නේත්‍ර දර්සනයට පෙනී ගියේ ඒ අසලම  පැවැති නියෝන් ආලෝකයට.




සිතල සුලන් රැල්ලක් වේගයෙන් ආදී ගියේ ප්‍රේත  ගොටුවෙන් නික්මෙන පුළුටු සුවද මගේ නාසය වෙත සමීප කරමින්...... මෙතැන් සිට ඉදිරියට ඇදෙන පාරේ ඇති එකම ආලෝකය 
ඇත අහසේ කොනක දිලෙන පුරා හද බව සිහිපත් වූ මට යම් කිසි චකිතයක් ඇති වුවත් එය මැඩ ගන්නට මම සිතුවිලි වෙනත් මගකට යොමු කිරීමේ නිරර්ථක උස්සහයක යෙදී  සිටියා .
ඇතින් පෙනුණු කාන්තා රුපය මගේ චකිතය යටපත් කරන්නට සමත් වුවා..  ඇය ඉදිරියට ඇවිදන් ගියේ නරි ලලිත්යේ උච්චතම ස්වරයෙන් බව මට හැගුනා. මගේ  පා වැලි තලාවේ සනිටුවහන් වන හඩින් බිදී ගිය ඇගේ ගමන සුන්දර හිනාවකින් මගේ නෙත් සිපගත්තා. " අය්යා මෙහෙ කෙනෙක් නෙමේද ?" අපි අතර තිබු මුනිවත ඒ හඩින් බිදී  ගියා සැබවින්ම ඇය රූමත් ඇගේ නිරුවත් කය වසා සිටි 
සුදු පැහැයට හුරු ගව්ම ඇයගේ සිරුරට  කදිමට ගැලපුනා.. "නැ නංගි මම මෙහෙ වන සංරක්ෂණ එකේ වැඩ කරන්නේ "  ...............................................
.................................අපි තව තවත් දොඩමලු වුනා .........................................
...........................................




"මම අර ඇත පෙනෙන වංගුව ගාව තියන ගෙදර ඉන්නේ " ඇය ඇගේ නිවසට යන්න ගියා ... මම රන් බණ්ඩාගේ ගෙදරට එන විට රාත්‍රී 1 ද පසු වී ඇති බව ජංගම දුරකතනයේ සදහන් වී තිබුණා.
දින කිහිපයක් ගෙවී ගියා රාත්‍රී හමුවී රූමතිය මගේ මනස තුල විටින් විට සෙවනැලි මවන්නට වුවා. ඇගේ නිවාස දෙස දින කිහිපයක් වැඩ අරි එන විට විපරම් කලත් එහි දකින්න්නට ලැබුනේ ඇගේ මව යෙයි සැලකිය හැකි වයසක අම්මා කෙනෙක් විතරමයි .. ඇගෙන් විමසන්නට නොහෙකි වූ පැනයක් කිහිපයක් මගේ සිතට විටින් විට වද දුන්නා. ඒ රාත්‍රියේ ඇය කොහේ කොහෙද ගියේ ?ඇගේ රැකියාව මොකක්ද ? මෙලෙස මාසයක් පමණ ගෙවී ගියා මට යලි ගමට යාමට මාරුව ලැබී ඇති බව ලැබුණු ලියුම සමග යලිත් නිවසට යාමට ම සුදානම් වුනත් රාත්‍රී රුමතියගේ මතකය මා සිතට වද දුන්නා...
රන් බණ්ඩා ගෙන් මා සිත් තෙරපුණු පැනය මා විමසුවා..


"මහත්තයටත් ඒ ලමයව හම්බුනාද ? අපේ ගමේ ගොඩක් අයට ඒ ලමයව හම්බෙලා තියනවා ඒ ළමයාගෙන් කාටවත් කරදරයක් නැ .."
" ඒ කෙල්ලේ මැරුණේ  මිට අවුරුදු ගානකට කලින් වැඩ   ඇරිලා එනකොට පාරේ තිබුණු වහෙනෙකට හැප්පිලා " මගේ ගත සිත දෙකම පුදුමාකාර අසහනයකින් වේලි ගියා .. මගේ සිත් ගත් රාත්‍රී රූමතිය 
මිනිස් දුවක් නොවේද ? 

Read more »