Sunday, November 4, 2012
ප්‍රමාදය ......................
ඔහු..............................
සිතුවිලි පව්වක කුරුටු ගාමින් තව තවත් ඔහුගෙ සිත යතාර්තය හා ඇය අතර දොලනය වන්නට විය.
නොකැපු හිස කෙස් කිහිප වරක්ම සිය අතින් ඇද දැමිමෙ නිරර්තක වුත් අසාර්තක වුත් වැයමක හෙතෙම
නිරතුරුව යෙදෙමින් සිටි. පසෙකින් තිබු කිරි විදුරුවට වැටි සිටි මැස්සෙකු එය බොහො වෙලාවක සිටම ඒතන
තිබු බව සනිටුහන් කරවයි... විටක දැස ජනෙල් තිරයෙන් එහා අරමුණකින් තොරව දිව යයි නැවතත් කාමරය පුරා
දිව යයි වරක් දෙවරක් නොව ගතවු කාලය තුල සිය දහස් වාරයක් එකම ක්‍රියාවලිය යලි යලිත් ප්‍රතිනිර්මනය
වුයේ දෙපසට වැනෙනෙ ඔරොලොසු බට්ටෙකුගෙ ක්‍රියාවලිය සිහිපත් කරවමින්ය..
කල්පනා සයුරක ගිලි සිටි ඔහුගෙ අඩවන් දැස එහි ගැබුරු පත්ලටම කිමිදි ඇති බව කියා පායි...
ඔහු.................................
බොහො වෙලාවකට පසු මොන මොනවදො තමාටම මුමුනා ගනුමින් අසල තිබු මෙසය මත තිබු කොලයක
යමක් කුරුටු ගාන්නට විය වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම සිය හිස මෙසය මත තදින් ගැසු ඔහු
අඩක් ඉවරව තිබු අරක්කු බොතලයෙන් උගුරක් පානය කලෙ බොතලය සිය මුව මත රදවා ගනිමින්ය..
සිය ඇදුම් වලට නවාතැන් සපැයු කුඩා අල්මාරිය විවර කොට ඒ තුල තිබු ඇදුම් විසි කර දමමින් යමක් සොයන්නට විය.
ඔහුට අවසානයෙදි එය හමුවිය එය අගනා පිලිමයකි එහි දනගසා ගත් පිරිමි රුවක් සහ එ අසල සිටි ගැහැනියකගෙ පිලිමයකි
පිරිමි රුව අතින් මලක් ගෙන එය ගැහැනිය වෙත් දිගු කර සිටියි.. නමුත් එය සොයා ගත් ප්‍රිතිය ඔහු වෙතින් පිලිබිබු
නොවුන අතර තව දුරටත් මලානික බව ඔහු තුලින් දිස් විය, ගත වුයෙ නිමෙශයකි ඔහුගෙ දෙපා අසල
පිලිමය සී සී කඩ කැඩි විසි විය ඔහු නැවතත් අරක්කු බොතලයෙ සරන පැතීය..
ඇය..........................
තව දුරටත් අඩන්නට කදුලැලි ඇගෙ දැස් මත නැත ඇය යමක් තිරනය කොට ඇති බව ඇගෙ මුහුනින් පිලිබිබු විය
දුරකතනය අතට ගෙන යමක් එහි සනිටුහන් කලාය ....................... එය කෙටි පනිවුඩයකි
ඔහු........................
හිස් වු බොතලය පසෙකින් තැබු ඔහු අසල තිබු නිදි පෙති අහුරක් මුව තුල රුවා ගත්තෙ දෙවරක් නොසිතමිනි.
අසල පැවැති සියල්ලක්ම කැරකෙන්නාක් මෙන් ඔහුට දැනුනි ඔහු ඇද මත ඇලවෙනවාත් සමගම සිය දුරකතනයෙ
සටහන් වු කෙටි පනිවිඩය දෙස නෙත් යොමු කරන්නට විය දැස් පිය වෙනවාත් සමගම ඔහුගෙ මුව මත සිනා
රැල්ලක් සනිටුවහන් වි තිබිනි..... ජන්ගම දුරකත්නයෙ මෙසෙ සටහන් විය....... mama oyata adarei ane
mata samawenna raththaran mata oyawa oni... නමුත් ඒ ව්න විටත් ඔහුගෙ
දෙනෙත් සදහටම පියවි අවසානය...........
ප.ලි (මෙ මගෙ 49 වෙනි පොස්ටුව උඩ අලුතින් බොඩ් කැල්ලක් එල්ලුවා පොඩි වෙනසකටත් එක්ක 50 වෙනි පොස්ටුවෙන්
නැවත හමුවෙන තුරු ඔබට ජය 50න් මම බ්ලොග් එක පටන් ගත්තු හැටි ලියන්න හිතන් ඉන්නවා)
Subscribe to:
Post Comments (Atom)
මම ද එකටම කමන්ට් කරන්නෙ..
ReplyDeleteඅයියෝ..මේ මෝඩයා තව ටිකක් ඉවසුවා නම්.. කතාව කියවලා ඉවර උනාම එහෙමයි හිතෙන්නෙ දුක හිතෙන පුංචි කතාවක් ලස්සනට ලියලා,
50 වෙනි පෝස්ටුව කියවන්න බලාගෙන ඉන්නවා
ඔබටත් ජය!!!!
ඔව් නිශි ඔයා තමයි අද මුලින්ම ආවෙ.... ගොඩක් ස්තුතියි ඔයාට..... :D
Deleteආදරේදී තීරණ ගන්නකොට බොහොම පරිස්සමෙන් ගන්න ඕනේ.. අපරාදේ කොල්ලා තව විනාඩියක් පරක්කු වුනා නම් එක්කෝ කෙල්ල විනාඩියක් කලින් මැසේජ් එක එව්වානම්. එල එල මගේට්මේ දවස් වල ගොඩක් අය හාෆ් සෙන්චරිය ගහනවා, මගෙත් 50 ට එකයි. සුභ පතන එක ඊගාව පොස්ට් එකෙන් කරන්නම්නෝ මචෝ. මේ ව්‍යවහාරය මම කෙමති රටාවක්
ReplyDeleteඔව් එ කතාව නම් සහතික ඇත්ත.... මරුනෙ මචො අපි දෙන්නම 50 ගහමු එකෙන්ම.....
Deleteස්තුතියි ගොඩක් අදත් ඇවිත් මාව බලලා ගියාට.. :D
දුක හිතෙන කතාවක් සහෝ..
ReplyDeleteබ්ලොග් ලෝකෙට ආපු හැටි ඉක්මනටම කියන්නකෝ එහෙනම්...
ජයෙන් ජය! :)
ස්තුතියි සහො ඉක්මනටම ලියන්නම්කො :-)
Deleteපනස් වැනි ලිපිය කියවීම සඳහා සැහැදී පැහැදී සිටින්නම් මල්ලී ඔබට ජය සතුට.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate) දුවන එකා
ස්තුතියි අය්යෙ මාත් එන්නම් සමකය වටෙ රව්මක් යන්න .... :D
Deleteමේකත් කාට හරි ඇත්ත්ටම වෙච්ච දෙයක් ද බං......
ReplyDeleteඔහොම ත්මා ආදරේ, ඉක්මන් තීරන නොගන්නවානම් තමා හොද...
---- මලියා ----
ඔව් උබලටත් හොද පඩමක් ... :P නැ මචො කල්පිතයක් මෙ මෙහෙම සිද්දි වෙන්න බැරි කමකුත් නම් නැ... ස්තුතියි මලියො....
Deletemh hithata danena kathawak sachi.. :)
ReplyDeleteස්තුතියි ප්‍රියන්කා අයෙමත් එන්න :-)
Deleteතත්පරයෙන් ගිලිහී ගිය ජීවිතය!!!
ReplyDeleteනියම නිර්මාණය මචං!! එහෙනම් 50 දි හම්බ වෙමු!!!!!!!!!! :)
ස්තුතියි මචො ... 50 ත් ඉක්මනින්ම ලියන්නම් :D
Deleteහ්ම්ම්,,, සංවේදි කතාවක්..
ReplyDeleteස්තුතියි අය්යෙ :D
Deleteමේ ලියන විදිහට මම කැමතියි.ලස්සනයි...
ReplyDeleteස්තුතියි යාලු ...
Deleteane anthima tikanam godak dukai sachi ayye.........
ReplyDeletekathawa godak lassanai.
50 weni ekath liyanna ehenam ikmanatama.mama enawa kiyawanna.
හ්ම්ම් ස්තුතියි නංගො ඉක්මනටම ඊලග එකත් ලියන්නම් :D
Deleteඑකෙක් ප්‍රමාද උනා, එකෙක් ඉක්මන් උනා. නිව්ටගේ නියම මතක් වෙනව බං එල්.ඕ.එල්
ReplyDeleteස්තුතියි බං.... :D
Deleteඅපොයි...තව ටිකක් ඉස්සර උනානම්..
ReplyDeleteඔව් සයුරි ප්‍රමාදය පසු තැවිමට හෙතු වේ....
Deleteපැය කාලකට කලින් කෙටි පණිවිඩය ආවා නම්?.
ReplyDeleteසියල්ල වෙනස් වෙන්න තිබුනා............ කලය විසින් බොහො දෙවල් තිරනය කරනවා..
Deleteහොද මෙන්ම නරකත්.....
සචිත් සැබෑවටම දුක හිතෙන්න ලියල මට නම් බොක්කටම වැදුනා.
ReplyDelete:D ස්තුතියි කෝරල මහත්තයො...........
Deleteහෙන අවුල් අප්පා මේක කියවල :(
ReplyDeleteහ්ම්ම්ම් එහෙනම් මං සර්තකයි කියලා හිතනවා ....
Deleteඑහෙනං ඌත් මලා !!!! දුක තමයි බං .... කැරම් ගහන විදිහ මතක් කරගන්න ඔනේ
ReplyDeleteකියලා වැඩක් නැ සංසාරෙ බවෙ දුකා ....
Deleteඑක පාරම සිහියට ආවේ රෝමියෝ ජුලියට් ෆිල්ම් එක...
ReplyDeleteඅපුරුයි සහෝ!
මේ පැත්තට ආවේ පළවෙනි වතාවට..
ජයවේවා!
ස්තුතියි යාලු වසන්තය සාදරෙන් පිලිගන්නවා.............
Deleteඅපරාදේ තව තත්පරයක් හිතුවානම්
ReplyDeleteහ්ම්ම්ම්ම් ජිවිත්යෙ හැටි ඔහොම තමයි කාලය හරස් වෙනවා සමහර තැන් වලදි
Deleteහ්ම්ම්ම්....... අනේ මන්දා......
ReplyDelete:D
Delete