Showing posts with label ලෝකය. Show all posts
Showing posts with label ලෝකය. Show all posts

Tuesday, November 13, 2012

මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)


ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්‍රරා ලොකයට නැහැවි තිබු එකම එක  රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්‍රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.

ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය  මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා 
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්‍රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.


සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්‍රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්‍ර වු වත් 
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි 
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ 
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්‍රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..



ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට 
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්‍රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ 
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය..  අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....



සිතල හැගුමන් 
හදවත පිපිදිලා 
නොපිදුනු සිතුවිලි 
හිමිහිට පිපිදිලා 
සයනයේ රැගුමන් 
යලි යලි සිහිවෙලා 
අහිමිද ප්‍රේමය 
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට 
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම 
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට 
කෙලසුනි මගේ ගත  
අහිමිද මට පෙම 
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප 
මට හුරු පරිදිම 
ඉන්නම් නුබ ලග 
දාසිය විලසින..............


දහසක් සිතුවිලි 
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු 
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම 
සිහිවෙලා 
රහසින් මගේ හිත 
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු 
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය 
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි 
මා පුතු
පියෙක් නැතුවම..............

Read more »

Tuesday, September 25, 2012

වචන නොවු සිතුවිලි...

ජිවිතෙ සමහර අවස්තාවන් තියනවා වචනයන්ගෙන් විස්තර කරන්න බැරි...   සමහර වෙලාවට දැසින් කියවෙන බොහො දෙවල් තියනවා කදුලු වගෙම සිනහවත් වචන වලින් කියන්නට බැරි බොහොමයක් දෙවල්
සිත තුල අපුර්වතම චිත්‍ර මවා පන්නට සමත් ,සොනම්නස දොම්නස , විරහව , සතුට , දුක මෙවා වචන වලට නගන්නට බැ... එ වගෙම නෙත ගැටෙනා අපුරවතම සිද්දින් කොච්චර නම් තියනවද මෙ වගෙ......
ලගදි හියකින් ආපු එ වගෙ අපුර්වතම රුප රාමුන් පෙලක් මම ඔයලත් එක්ක බෙදා ගන්න හිතුවා.. බලන්න මොන තරම් හදවතට සංවෙදි වෙවිද කියලා...............




                                              ලගම නැයො කියන්නෙ නිකන්ද....


                                         


                                           අපි  වගෙම උනුත් ජිවිතය අරා සටනක 




                                                             සංසාර ගත බැදීමක් වගෙ.....



                                                       
                *****************  මං ඉගිලෙන්නයි හදන්නෙ ****************



                                         අද නම් හොරාව අල්ලගන්නවාමයි      




                                         ලෙයෙන් බැදුනු බැදිම්

                                       මෙහෙමත් කරුනාවක්!!!!!!!!



                               සසර වසන තුරු නිවන් දකින තුරු ඔබයි ආදරෙ



                                                  .......  සැබැ මිතු දම.......

                                         අහින්සක හදවත් දෙකක්...


....අම්මයි මායි තාත්තයි....

හිත ඇත්නම් පත කුඩාද?

....අනෙ මටත් කියල දෙන්නකො....


                                                අනෙ අම්මෙ මාවත් එක්කන් යන්නකො

                                               ****   අලි බැදිමක්****

                                       .....මොනාද හලො බලන්නෙ......


කො බලන්න අක්කගෙ මුන.....

යාලුයි අපි යාලුයි



                                        ****   පිය සෙනෙහස****

                                            දුවලා යන්න පුලුවන් නම් ආයෙත් මෙ වගෙ

                                                මෙහෙමත් හිතවත්තු

                                            අමතක කරලමු පැරනි කතා.....

                                       ........  අනෙ මගෙ පැටියො............


ප ලි... වචනයෙන් විස්තර කරන්න බැරි දෙවල් මොන තරම්ද... මෙ පින්තුර ටික හීයකින් එවු ඔශන්කා අක්කට ස්තුතියි......................
Read more »

Saturday, September 15, 2012

වාසනාවටත් වඩා............. යමක්


අපි දිනන්නට උස්සහ කරමු ජිවිතය පුරාම අනෙක අරමුනු කරා යැමට තැත් කරමු..
එ අතර සමහරුන් වාසනාවන්තයන් ලෙසත් උස්සහවන්තයන් ලෙසත් කාලකන්නින් ලෙසත් ලෙබල් 
වි ඇත.... වාසනාව සහ උත්සහය අතර දොලනය වන ජන වහරෙන් උපුටා ගත් කතාවක් අද ගෙන එන්නට
සිතුවෙමි..... මුල් කතුවරයා නොදනි... කතාව උචිත පරිදි වෙනස් කොට තිබෙ ....



අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..
" තාම රජ තුමාට වාසනාවන්තයාව හොයා ගන්න බැරි වෙලාලු?" "අපෙ රජ තුමාටත් විකාර වෙන වැඩ නැතුවට"
මෙ අතර තුර රජ වාසල තුල. රජු " මගෙ රටෙ එකම එක වාසනාවන්තයෙක් වත් නැද්ද?" ඇමති "රටෙ උතුරු පැත්තෙ 
ඉන්නවලු හිගා කමින් ජිවත් වන මනුශ්සයෙකු ඔහුට කැම බිම හැමදාම ලැබෙනවලු ඔහුට පුදුම වාසනාවක් ඇති බව තමා
එහෙ අය කියන්නෙ ඔහුව උදෙට දැකිමත් වාසනාව ගෙන දෙනවලු "රජු "මම හිතන්නෙ ඔහු තමයි අපි දින ගනන් සෙව් මිනිහා"

............................................................................................................

දින කිහිපයකට පෙර...........
රජු සිරි යහනෙදි තම සිතුවිලි සමගම පොර බදිමින් අතිතය වර්තමනය හා තමාත් යන සිතුවිලි ත්‍රිත්වයෙ කිමින්දෙන්නට විය.
තම ජිවිතය හා සසදන කල තමන් ආ ගමන් මගෙ මුල බිජය බමුණන් කියු පරිදි වාසනාවද............ නැතිනම් ඔහු සතු වු උස්සහයමද?
ඔහු සිත එකිනෙක පැරදවිය නොහැකි තර්කයන්ගෙන් පිරි යන්නට විය.......
අවසානයෙදි ඔහු සිය ගැටුලුව තම ගුරු දෙවයන් හමුවෙ තබන්නටත් ගුරු දෙවයන්ගෙ උපදෙස් පරිදි එය සොයා ගැනිමට
නම් රාජ්‍යය තුල සිටින වාසනවන්තම මිනිසාත් උස්සහවන්තම මිනිසාත් අතර තරගයක් පැවැත්විය යුතුය...  

මෙ වන විට උස්සහවන්තයා
සොය ගෙන අවසන් වි තිබිණී. ඔහු ගොවියෙකි ඔහු සතු උස්සහයෙන් ඔහු බොහොමත් ම පොහොසකු බවට පත් වි ඇත.
වාසනාවන්තයාගෙ හමුවිමත් සමග ගුරුදෙවයන්ගෙ උපදෙස් ක්‍රියාත්මක වන්නට විය...

රජ වාසලට පැමිනි ගොවියාත් වාසනාවන්ත හිගන්නාත් අදුරු කාමරයක් තුල හිර කොට දැනටමත් දින 3 කි. තෙවන දින
වන විට දෙදෙනාම අදික සාගින්නෙන් පෙලුනෙ ඔහුන් හට අහාර ලබා නොදිම හෙතුවෙනි. එදින රාත්‍රියෙ කැවුම් වලින් පුරවන 
ලද මල්ලක් මොවුන් සිටි සිර කුටියෙ වහලයෙ එල්ලන්නට විය එකි කාමරය තුල එය ලබ ගැනිම බෙහිවින්ම අපසහසු කටයුත්තක් බව
ගුරු දෙවයන් දැන සිටියෙය.
වාසනාවන්ත මිනිසා කම්මැලියෙකි එ නිසාම ඔහුට හිගන ජිවිතයක් උරුම වි තිබුනි නමුත් ඔහුගෙ වාසනාව නිසාම අහාර 
අදිය නිරතුරු ඔහුට ලැබෙ. උස්සහයෙන් යුතු මිනිසා පැය ගණනක් මහන්සි වි කැවුම් මල්ල ලබා ගැනිමට සමත් විය..
එ මුලු කාලය තුලම හිගන්නා නිදන්නට විය. ගොවියා සිය කුස ගින්න නිවා ගැනිමට කැවුම් අනුබව කරන අතර ඔහුට හිගන්නා
ගැන උපන් අනුකම්පාවෙන් සිය පලමු කැවුමෙ සිටම එහි කොන්ඩය හිගන්නාට විසි කරන්නට විය. අවසාන කැවුම දක්වාම
එය එසෙම සිදු විය..
.........................................................

රහසෙම රජ වාසල තුල ක්‍රියාත්මක වු තවත් උපක්‍රමයක් විය සැම කැවුමකම කොන්ඩය තුල දියමන්තියක් සගවා තබන්නට විය.
හිගන්නා පොහොසතෙකු බවට පත් විය රජුට පිලිතුර ලැබිනි..  උස්සවන්ත මිනිසා නිසා කුසගින්නෙ මිය නොගොස් ඔවුන්ගෙ ජිවිත රැකිනි.


ප. ලි= උස්සහය තිබු පමනින් දිනය හැකි බොහො දෙවල් තිබෙ නමුත් උස්සහය තුලට වාසනාව කැටි වු කල ඔහු හො ඇය
නැවැත් විමට මෙ ලොව කිසිදු බලවෙගයක්ද නැත.................................................................................




Read more »

Friday, August 24, 2012

ගබ්ෂාව හෙවත් ගන්ධ්බ්බයෙකුගේ මරණය


වර්තමානය වන විට ගබ්ෂාව හෙවත් උපතට පෙර දරු ගැබ විනාස කිරීම පෘතුවිය නම් වූ නිල් පැහැ ගෝලය 
නොනවත්වාම සිදු වන්නක්. ගබ්ෂාවේ උපත කොහේ කොතනකදී කුමන කාරණයක් අරබයා මුල්ම දරු ගැබ 
විනාස කර දැමුවත් අද වන විට එය නොනවත්වාම සිදු වන ක්‍රියාදාමයක්...  මෙහි නිර්මාපකයා හෙවත් මැවුම් 
කරුවා වන්නේ සොබා දහමයි. රුදිර ගන නොගැලපීම නිසා ස්වාබවිකව සිදු වන ගබ්ෂාව මෙයට කදිම නිදසුනක් .


කෙසේ වෙතත් සොබා  ධර්මය විසින් ලබා දෙන දැනුම මිනිසා විසින් අත්තොනෝමතික ලෙස සිය පරමාර්ථයන් එටු 
කර ගැනීම නොනවත්වාම සිදු වන්නක් .......................මෙතනින් බලන්න .................... එයට කදිම උදාහරණයක් මේ .. 

ගබ්සාවකට බදුන් වන්නේ ජිවියෙක්මද ?ඇතැම් රට වල දරු ගැබකට මස 3 ක් යාමට මත්තෙන් ගබ්ෂාව සිදු කිරීමට 
නිත්‍යානුකුල අවසරයක් ලබා දී තිබෙනවා ඒ හර්ද ස්පන්දනය අරඹා වීමට ගත වන කාලය මාස 3ක් බැවින් 
තවත් රටක දරු උපතට පෙර ඕනෑම අවස්ථාවකදී  දරු ගැබ විනාස කිරීමට අවසරයක් තිබෙනවා ..
ආසියාතික රටවල් අතරින් බොහොමයක මවට හානියක් සිදු වේ නම් පමණක් ගබ්සාවකට 
අවසරයක් හිමි වෙනවා එත් මේ කුමන අවස්ථාවකදී සිදු කලත් බුද්ධ දේශනාව ට අනුව සිදු වන්නේ ජීවියෙකු 
මැරීමයි... දරුවෙකු  මව් කුස පිළිසිද ගැනීමට නම් කරුණු   පහක්  සම්පුර්ණ විය යුතු බව සදහන් වෙනවා......
1. මව සරු වීම
2.පියා සරු වීම 
3.සංසර්ගය හෙවත් සරු ජනිතයන්ගේ එකතු වීම 
4.සංසේචනය ( ඩිම්බයක් සමග ශුක්‍රනුවක් එකතු වීම )
5.ගන්ධබ්බයෙකුගේ පැමිණීම 
 ගන්ධ්බ්බයෙකු යනු කවද ? මං මේ ගන වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ සරලව පැහැදිලි කරනවානම් 
මව් කුසක් සොයන ආත්මයක් තමයි ගන්ධබ්යෙකු ලෙස හදුන් වන්නේ .......................http://wasanthayata-aradhanawak.blogspot.com/2012/07/blog-post_13.html ................................මෙතනින් බලන්න ........ 
ඒ කියන්නේ පැහදිලිවම අපි මේ මතය තුල සිටිනවානම් ගබ්සාව යනු ජිවිත යක් නැති කිරීමක් හෙවත් තවත් මිනි මැරුමක් .

අද වන විට ගබ්ෂාව යන ක්‍රියාව බොහෝ සුලබ සිදු වීමක් ලංකාව තුලකට දිනකට මෙවන් ගබ්සාවන්   5 ක් පමණ 
සිදු වන බව සදහන් වෙනවා.. මේවා සිද්ද වන්නේ නිත්‍යානු කුලව නොවේ..   ඉද හිට කාන්තාවක් ගේ මරණයක් 
ඒ කියන්නේ ගබ්ෂාව සිදු කරන අවස්ථාවේ සිදු වන වැරදීමක් අධික රුධිර වහනයක් නිසා සිදුවන  මරණයක් තුලින් 
මෙවැනි ස්ථානයන් පිළිබධ කතිකාවතක්  ගොඩ නැගුනත් එය කෙටි කාලෙකින් වැළලී යනවා..
මම හිතන හැටියට ගබ්සාවට   ප්‍රධානතම හේතුන් වන්නේ 
1. අසම්මත ලිංගික සම්බන්දතා
2. නගර සොබනියන් ................http://wasanthayata-aradhanawak.blogspot.com/2012/06/blog-post_09.html.................. තව දුරතත් මෙතනින් බලන්න 
3. උපත් පාලනය ගැන දැනුමක් නැති  වීම 
4. දුප්පත් කම 


මම හිතන විදිහට ගබ්ෂාව සිදු කිරීමට යම් යම් අවස්ථාවන් වල අවසරයක් ලබා දිය යුතුයි 
එසේත් නැතිනම් ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීම විදිපත් ලෙස සිදු කල යුතුයි.
සංස්කෘතිය නමැති මායාව තුල අපි තව දුරටත් ජිවත් විය යුතු නැ අපි යථාර්තයට මුහුණ දිය යුතුයි 
අපි හොද සංස්කෘතිය  තුල ජිවත් වන්නේ නැ තව දුරත් එසේ සිදු වනවානම් මෙලෙස දිනෙන් දින 
ගබ්ෂාව ඉහල යාම සිදු වන්නේ නැ .....
අංග විකල හෝ මන්ද බුද්ධික දරුවෙකු උපදින බව උපතට පෙර  දැන   ගත් විට මව් පියන් හට ගබ්සාවකට   අවසර 
ලබා දීමේ    හි සදාරනත්වයක් ඇතැයි  මා සිතනවා...  අනාගතයේ දී විදින්නට සිදු වන දුක්  ගැහැට වලට නිමාවක් වන නිසා මෙන්ම ඒ වැනි උපතක් ලබන 
ජීවිතයත් සදාකාලිකවම දුක්කිත ජීවයක් බැවින් ....


නගර සොබනියන් හා අසම්මත ප්‍රේමයන් මෙන්ම රාගය නිසා සිදු වන්නා වූ ගබ්සාවන් වැලක්වීමට නම් මුලදී සදහන් කල පරිදි 
ලිංගික දැනුම සමාජ ගත කිරීම නොපමාව   සිදු කල යුතුයි කිසි විටකත් නගර සොබනියන් සොයා යන මිනිසුන් මෙන්ම 
මුදලට විකිනෙන ගැහෙනුන්ගේ උත්පත්තිය වැලක්වීමට නොහෙකි නිසා ... 
ඇතැම් විට හදිසි කෝපය නිසා සිදු වන ගබ්සාවන් නිසා මෙන්ම අනිකෙකුගේ බල කිරීමක් මත සිදු වන ගබ්සාවන්ද දකින්නට ලැබෙනවා 
මෙහිදී මෙහි මුල බිජයට පිළියම් යොදනු විනා ගබ්ෂාව නීතියෙන් තහනම් කිරීම නම් කිසිම පලකට නැති අනුවන ක්‍රියා දාමයක්..

කෙසේ වෙතත් ඔබත් මවත් දරු ගැබක් තුල සිටින අවදි යේදී  ගබ්සාවකට ලක් නොවීමට  අපි  පෙර පින් ඇත්තෙමු...
රත්තරන් අම්මෙක් රත්තරන් තාත්තෙක් අපේ දෙමාපියන්   වූ බව අපි දනිමු ... තමාගේම ලේ මස් නහර වලින් සැදුනු තවත් ජිවිතයක් සිත් පිත් නැති 
ලෙස මර දැමීමට තරම් අපි කුරිරු වී ඇත එවන් අවධියක හේතුව කුමක් උවත් ඔබත්  තවත් ගබ්සාවක    හිමිකරුවෙක් වෙනවද ?
..........තීරණය අපි සතුයි....................


මං මේ ලිපිය ලියනවද  නැද්ද කියල  කාලයක් තිස්සෙම හිතුවා  එත් හිතට එන සිතුවිලි එලියට 
දාන්නේ නැතුව තද කරන  ඉන්න එක හරිම අමාරු වැඩක් ....................... සංවාදයට විව්ර්තයි මෙන්ම මෙහි ලියවෙන්නේ 
මගේ පුද්ගලික මතය කෙනෙක් එකග වෙන්නත් කෙනෙක් විරුද්ද වෙන්නත් පුළුවන් ................ ස්තුතියි 









Read more »

Monday, July 9, 2012

දුටු ගැමුණුගේ කඩුව



සොයන්නට දුටු ගැමුණු ගේ කඩුව
කඩයිදෝ මහා වැලි  සැය
ජාතියේ පෙර පිනට
තවම ඇත රන් වැලි  සැය


තියනවලු දබ රත්තරන්
බුදු පිළිම තුල ඉස්තරම්
පිළිමේ හිමි බුදු වුවත්
කඩාපන් හිස ගමු රත්තරන්



නැත අනේ ඒ රත්තරන්
හිස කඩා සේව් තැන් වලත්
වටින් නැත ඒවා ගොඩක්
හොරුන් හට ඒ තරම්
අපේ උරුමය එය බැවින්
රකිමුදෝ අපි ඒවා ඉතින්


හමුවෙලා වදුලක් නිදන්
හරුවා ලොකු ලිදකුත් එතින්
හමුවුනේ අළු ගොඩක්
හැරුවේ සොහනක් බැවින්


අපිට ඇත හොද ඉතිහාසයක්

අපි වේය එහි දු පුතුන්
වැඩක් නැ එකෙන් තවත්
පටවමුද ගල් කුඩු කරන්
සිහ ගිරි පරුවතයත් ඉතින්


කියයි මහා ලොකු වට තවත්

වේලු අපි කළු සිංහලුන්
රාවනා වේලු අපේ මුත්තෙකුත්
හාරපන් තව තව නිදන් !!!



ඉන්නවලු තිස් තුන් කෝටියක් දේව්න්

රකිනවලු මහා පොළවම බැතින්
වැද පුදන්නට සිරි පතුලත් තුටින්
වැලි  ගසා දෙව්දුට සමන්
යවිදෝ හෙට හොරු නිදන්


බලන්නට ගොස් කටු ගෙට කෙනෙක්

වුනාලු රජ පලදා ඔටුන්
නැටුවේ නාඩගන් මොහු  පැය ගණන්
පෙලෙනවලු ඔහු තද බල රෝවින් !!!!!



කිව්වොතින් ජය සිරි මා මුලත්

ඇත කියා රන් මුතු මැණික්
සොයන්නට ඒ මුතු මැණික්
කපයි රන් බෝධියත් !!!!


රකිමුදෝ දැන් වත් ඉතින්

ඒ අපේ උරුමය බැවීන්
වෙමු අපි හෙළ දු පුතුන්
අල්ලා ඒ ජඩ හොරුන්
රකිමුදෝ අපේ මවුන්....................


ප ලි .   පුර වස්තු විනාශයකදී සොර ගැනීමකදී හෝ ඊට අර අදින්නන් පිලිබදව පහත දුරකථන අංක වලට දැනුම් දී අපේ ජාතික වගකීම ඉටු කරමු.

 පුරාවස්තු විනාශය වැළක්වීමේ ,
විශේෂ ඒකකය = 0117222333
විශේෂ පොලිෂ් ඒකකය = 0112694727
(පැය  24 පුරාවටම )

ස්තුතියි








Read more »

Thursday, June 21, 2012

abraham lincon,s letter to his son teacher

abraham lincon,s letter to his son teacher  කියන ලිපිය මට මේ ලදී දවසක කියවන්න හම්බුනා ඉතින් මට හිතුනා එක සිංහලට පරිවර්තනය
කරන්න ඒ ගත්ත උස්සාහය  අද  මං ඔයාල ඉස්සරහින් තියනවා...... මේ abraham lincon  ගේ පුතා ඉගෙන ගත්තු ගුරුවරයාට එතුමා විසින් යවන ලද ලිපියේ
පරිවර්තනය ඒ වගේම මගේ පළමු පරිවර්තනය අඩු පාඩු තියෙන්න පුළුවන් ඒ හින්ද ..................................

 විසල් ගංගාවක ආරම්භක ජල  උල්පත මෙන් ඔහු ලාමකයි.. ජීවිතය ගැන කිසිත් නොදත් ඔහුට ගංගාවක් වෙන්නට නම්

තවත් බොහෝ දේ ඉගනීමට තියනවා ඒ බව මං දන්නවා . හිරුගේ කිරණින් වැසි යන ලෝකය තුල ඔහු දකින සුන්දර බව

අහිංසක බව නොමෙති බවත් තක්කඩින් මදාවීයන් ලෙස හංවඩු ගහන මිනිස්සු තුල වීරයෙක් ජීවත් වන බවත් ඔහු

දැනගත යුතුයි ඒ වගේම ආත්මාර්ථකාමී නායකයෙකු තුල දෛර්ය සම්පන්න මිනිසෙකු ජීවත් වන බවත් ඔහුට

දැනෙන්නට  හරින්න .......... සැම සතුරෙකු පසු පස සිටින මිතුර හදුනා ගැනීමේ මායාව ඔහුට කා වද්දවන්න...



 මං දන්නවා එක රත් වූ යකඩයකින් රන්වන් අසිපතක් නිමවන්නාක් මෙන් අසීරු බව එකට කාලයක් යාවී .

නමුත් කාලයේ ඇවෑමෙන්  නිමවන රන් අසිපත අරගලයකට මුල පුරීමේ සංකේතයයි.. දහසක් මුතු මැණික් වලට වඩා

දහදියෙන් පෙගුනු කාසියක් ඇති වටිනාකම ඔහුට උගන්වන්න. ජීවීතයේදී ලබා ගන්න ජයග්‍රහණ පසු පස පවතින

පරාජය බවත් පරාජයේ දී අළු දුලි පිස දම නැවතී සිය දහස් ගුණයකින් ශක්ති සම්පන්න වී නැගිටින්නට ඔහුට ශක්තිය දෙන්න.

නමුත් ජයග්‍රහණයේදී උදම් අනන්නට නොව නිහතමානී සතුටක ඇති රසය ඔහුට පෙන්වන්න .. ඉරිසියාව  නමැති සතුරා ගෙන්

ඔහුව සැම විටම ඇත් කරන්න ..

පොත් තුලින් අප දකින ආශ්චර්ය ඔහුට විදින්නට එදා දෙන්න නමුත් , ඔහුට නිහදත්වයේ ඇති ගුප්ත බවත් ,

හිරු කිරණේ දගලන මි මැසි රංචු දිහා බලන්නටත් , අහසේ රග දෙන සියොතුන්ගේ නිදහස විදින්නටත් , නිල පාට මිටියාවතේ පවතින

මල් වල සුවද ලෝකයටා බෙදන සුළග ගැන සිතන්නත් කාලය ලබා දෙන්න ..

බොරුවෙන් ලබන ජයග්‍රහණයට වඩා සත්‍යයේ  සඳ රැස් කිරණින් ලබන පරාජය උතුම් බව ඔහුට දැනෙන්නට  හරින්න

සැම විටම හර්ද ශාක්සිය කෙරෙහි විශ්වාශය තැබීමටත් ඒ විශ්වාසය තුල උඩුගම් බල පිහිනන්නටත් ඔහුට දෛර්ය දෙන්න ...

උතුම් මිනිසුන් අතර උත්තරීතර වන්නට මෙන්ම මල් පෙත්තක් සමග සිනිදුව ගනුදෙනු කරන්නටත් යකඩයක් සමග රළුව ගනු  දෙනු කරන්නත්

ඔහුට මාර්ගය පෙන්වන්න ..

බලය භාවීතා කොට හදවත් දින ගැනීමට නොහෙකි බවත් සැම හදවතකටම ඇහුම්කම් දෙන්නටත් ඒ සියලු දේ සත්‍යයේ මුනතින් පෙර ගන්නටත්

දුක අතරින් සිනහවකින් මුව සරසා ගන්නටත්... කදුළු තුල පවතින යථාර්තය  දකින්නටත් ඔහුගේ හදවතට කාවද්දවන්න

නරුමයන් සමග ගනු දෙනු කරන ආකාරය මෙන්ම සියුමැලි බව තුල ඇති නොදකින භයානකත්වය ගැන ඔහුට

උගන්වන්න .  බුධිය මුදලට විකිණිය හැකි බවත් හදවත හා අද්‍යත්මය මුදල් කල නොහෙකි වස්තුන් බවත් ඔහුගේ හදවතට

කා වද්දවන්න...

ඇසින් දකින අයුක්තිය අසාධාරණය ඉදිරියේ රන් අසිපත ඔසවන්නට ආත්ම ශක්තියත් ඔහුට ලබා දෙන්න ...

ඔහුට කරුණාවන්ත වෙන්න නමුත් ඔහු අලංකාරයට පළදින අභාරණයක් නොවේ  සත්‍යයේ අසිපත ඔහු තුලින්

විද්‍යමාන වෙන්නට නම් ගින්දර වලින් ඔහු ඔප දැමිය යුතුයි .. පරාජයේදී නැවත නැගිටින්නට හදවත නමැති  සන්නායකය තුල අරෝපනයක් තබන්න .......



ඉර සියතින් ඇල්ලීමට වඩා අමාරු කාර්යක් වුවත් මෙය ඔබට කල හැකි උපරිමය කරන්න එය අනාගත

රන් අසිපතක පෙර මග සටහනක් වේවි ........
















Read more »

Saturday, June 9, 2012

නිරුවත

රාත්‍රී අන්දකාරය මුළු මහත් නගරයම වෙලා ගන්නා විට හාත් පස පුර පැතිරුණු මුසල නිහඩ බව
ඇගේ සියුමැලි පා තබන තාලයට බිදී ගියේ ඉදහිට ඇසුණු වාහන හඩක් සමගයි .
උදැසන  රොන් සොයා යන බබරෙකු ගේ තීක්ෂණ බව සමග සුරගණන් පරදවන ඒ නිල නුවන් තුලින් දුටු ලෝකයේ පාට විස්තර කල නොහෙකි මුත්
ඒ දෙනෙත් කියා පාවෙ හිස් බවක් . මහා වාලුක කතරක දිය දෝතක් සොයා මිරිගුවක්  පසු පස යන
මුව පැටවෙකුට වගේ විඩාබර  දෙනතක් , එත් ඒ දෙනෙත් දුටුවන් මන ඇද බැද තබා ගත්තේ බාදුර මලට
කෘමින් ඇදෙන්නා සේ  ඒ. දෙනෙත් දෙවගන පරදවන බව නම් කිව යුතුමයි ..


හමා ආ සුළග ඇගේ කේශ කලාපය සමග සෙල්ලම් කරද්දී ඇගේ මුව වස ගත් අව්‍යාජ සිනහව ඇගේ හදවත

තුල පැවති සොම්නස් කියා පෑවේ මුළු හදවතම ලෝකයට නිරුවත් කරමින් ඒ නිරුවත  සැනෙකින් වසන්නට ඇගේ වත වසා සිටි
රස දුන් සමත් වුවා ඒ නිසාමදෝ  නිරුවත් ඇගේ හිත දිහා බලන්න කවරුවත් හිටියේ නැ. වටිනාකමක් තිබුනේ නිරුවත්
ඇගේ රුප ශෝබාවට විතරමයි .

තාරුණ්‍යයේ සිහින අතර තනී වූ තිබී ඇගේ ලැම හුස්ම ගන්න තාලයට උස් පහත් වුනේ සිත තුල උපන් සිහින ඒ තුල
සගවමින්. එත් සිහින වෙනුවට ඇගේ ලැම බබර සිත් කලතන්නට සමත් වුනේ තාරුණ්‍යය අවීයක් වූ නිසා .
කැලතුනු බබර සිත් ගිනි ගෙන දෙවුණු අළු ගොඩක් ගිනි ගත් දේ සගවා තබන්නක් මෙන් සගවා තබන්නට උස්සහ කල
රහස ඒ අළු වගේම ඇගේ හර්ද  ශක්ශියත්  අළු ගොඩක් බවට පත් කලා..
රාගය නමැති තොටිල්ල ඇගේ මුළු මහත් ජීවයම මුදලට යට කලේ ලෝකයේ කුමන හෝ  වරදකින් .


සයනයක් තුල අදත් පාලු මුසල රැයේ  රතු හැගුම් සුළගේ පා කරේ දෙවගන රතු පාටට පෙම් බැන්ද හින්දම නෙමේ

ඒ තුලු තිබුනේ කියා ගන්න බැරි සොම්නසක් . රාගය තුල ඇය සදා අමරණිය හැගුම්  වලට පන පෙව්වේ ආත්මය
උගස් කරපු නය ගෙවා දාන්නට මෙන්.  එත් නුදුරේම දෙවගනක් වුවත් කාලය නමැති විස කුරු සර්පයා
රූ සපුව වෙලා ගත් විට ඇයත් අවලංගු කාසියක් පමණක්ම වේ . සැබවින්ම  නුබ දෙවගනක්මයි ...




නිදන සයනේ

මුනින් තලාවට
යෙහෙන්
වැජබෙන
තිසර තන
යුග
පොවයි මී
විත
රුදුරු දන
හට ...............
රැයේ පුරහද
ගෙනෙයි
අම පැන්
නග්න සිරුරට
එත් .............
සිත නුබේ
වේලි යයි
පුර හදින්
කළුවර ...........





Read more »