Showing posts with label ජිවිතයට යමක්. Show all posts
Showing posts with label ජිවිතයට යමක්. Show all posts
Saturday, December 29, 2018
රොබොරොසියා........
අකලට පිපුනු රොබොරොසියා මල් පොකුරු වසන්තයට පෙර පරව ගියා සේ ජිවිතේ දුර ගිහිල්ලා ................සමුනොදුන් මතකයන් පිරුනු සිතුවිල අතරහිමි හිමින් නිහඩ නෙක බැල්මන් ඇති කලා.............
Thursday, August 7, 2014
භුමිදානය
සුසුම් අතරින්
හඩගා කියන
අතීතාවර්ජනයක
මතක පොදී
එක මිටකට ගෙන
භුමිදානය කලෙමි
හදවතට නුදුරු
බිම් කඩක
යලිදු සොයා ගන්නට
ඇවැසි විට................
෴෴සචි෴෴ —
Saturday, November 30, 2013
රතු රොස .........
පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්රර්තනා
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.
සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................
දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............
......................පසුදින පුවත්පත්............
මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................
පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............
සිහිනයකි ජිවිතෙ..
(මෙකත් බලලම යන්න..)
Read more »
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.
සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................
දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............
......................පසුදින පුවත්පත්............
මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................
පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............
සිහිනයකි ජිවිතෙ..
(මෙකත් බලලම යන්න..)
Saturday, February 16, 2013
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..
පියෙකුගෙ වගකිම සිය පුතුනුවන් හට සිය ගමන යෑමට රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින්
ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. මව් කුසින් මෙලොව එලිය ලබනා
සියක් දහසක් පුතුන් විරයන් වන්නා සේම දස දහසක් පුතුන් නිවටයන් වන්නෙත් ලොකයේ පවතින විශම තාවයට
උදා හරන සැපයිමට වුවත් යම් යම් කාල වකවනු වලදි එකී උදාහරනයන් විසින් ලොකයට දායාද කලා වු
අමිහිරි මතකයන් ඉතිහාස පිටු පුරා ලියවි තියෙන්නෙ නොමැකෙන කලු පැල්ලම් එකතු කරමින්.
නමුත් එකී කාල වකවනු
අවසානයේදි මව් කුසකින් බිහි වන වීරයෙකු අතින් අවසන් වෙන බැව් ඒ ඉතිහසයම අපිට නිහඩ ශාක්සි සපයනවා.
කාලය විසින් වීරයන් ගොඩ නගනවාද නැතහොත් උපතින්ම වීරයන් බිහි වෙනවාද යන පැනයට දිය හැකි හොදම පිලිතුර
කාලයේ අවස්යඨාවයට මව් කුසින් වීරයන් බිහි වෙන බවයි.
අතීතයේ සිට වර්තමානයත් වර්තමානයේ සිට අනාගතය යා වෙන සිහින් රෙඛාව තුල බිහිවුනු , බිහිවෙන එකී චරිත තුලින්
ගොඩ නැගුනු ගොඩ නැගෙන ලොකයක බිහි වු , බිහි වන්නා වූත් නිවටයන් විසින් ඔවුන් අපි වෙනුවෙන් ලේ කදුලු
දහදිය මෙනම විටක ජිවිතයද දායද කොට ගොඩ නැගු වර්තමානය , ගොඩ නගන අනාගතය තුලට විටින් විට එක් කල,
එක් කරන කලු පැල්ලම් ලොකය පවතින තාක් කල් පවතිවි. නමුත් පැහැදිලිවම කාලයයි මේ රටකට දැයකට හිත ඇති
මිනිසුන්ට හිතන්නට නැත්නම් නැවතත් වීරයෙක් බිහි වන තුරු කල්ප කාලයක් යන තුරා නිවටුන් විසින් අනාගතය තුලට
නොමෙකෙන කලු පැල්ලමක් එකතු කරාවි. සිතන්නට බොහෝ දේ පවති මෙ සිතන්නට කාලයයි...
(හුග කලෙකින් මෙ බ්ලොග් එක පැත්තට ආවෙ එන්න බැරි වෙන්න හෙතු ගොඩක් තිබුනා අයෙමත් දිගටම වසන්තයට අරාදනවක් ලිය වෙවි එ වගෙම මම ලියපු නැති කාලේ මං ගැන හොයල බලපු හැමොටම දස දහස් වාරයක් ස්තුතියි.. ඒ හින්දමයි අයෙමත් වසන්තයට අසැනි වැස්සක් වැටිලා පන ඇවිත් තියෙන්නෙ)
Saturday, December 29, 2012
කාලය
කාලය අපිට ජිවිතයේදි ගොඩක් දේවල් හිමි කරනවා වගෙම සමහර දෙවල් ජිවිතයේන් සදහටම අහිමි කරනවා.
සිහිනෙකෙන් වත් නොසිතන කිසි විටකත් බලාපොරොත්තු විරහිත වූත් සිදුවිම් දාමයක් දම් වැලක පුරුක් වගේ එකි
නෙක සම්බන්ද වෙලා කිසි දිනක නොපැතු කඩයිම් කරා රැගෙන යනවා මොහොතකට ආපස්සට හැරිලා බලනකොට
සමහර පුන්චි සිදුවිමක් අපිව කොච්චර නම් ඈතකට වෙනසකට ජිවිතයෙ රැගෙන යන්නට සමත් වෙලා තියනවද.
කාලය විසින් ගොඩ නගන මිතු දම් කාලය විසින්ම සුන්දර මතකයක් සදාතනිකව හදවතේ කොනක තැන්පත් කරලා
නොපෙනෙන ඉමකට ගිහිල්ලා .
"සුලගෙ ලෙලෙනා මල් සේ දගපා
අප පාසැල් ගිය කාලයෙ
යාලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමෙ"
ලස්සනට ගලා ගෙන යන ගංගාවක් කාලෙකදි වෙලිලා ඉරි තැලිලා යන්නාක් මෙන් ජිවිතය
තුල හමුවෙන යාලුවො ,නැදැයො, නන්නාදුනන, අයත් කාලයෙ තාලයට වෙනස් වෙලා යන්නෙ අපිට එ ගැන හිතන්නවත්
ඉඩක් නොදි. එත් මතකයන් අපෙ හදවත් පතුලටම කිදා බැහැලා තියනවා කියලා අපිට තෙරෙන්නෙ අයෙත් කාලයකට පස්සෙ එ
පරන යාලුවො මග තොටදි අහම්බෙන් උස්සවයකදි, එහෙමත් නැත්නම් ඉස්සර නිතරම ආපු ගියපු තැනකට පරන පුරුද්දට
ගිය වෙලාවක හම්බුනාම එත් එතකොට පරන කතන්දර මතක් කරලා හින වෙනවා දුක් වෙනව ඇරෙන්න අලුත් මතකයක්
නම් එකතු වෙන්නෙම නැති තරම්. රොස මල් වල තියන ලස්සන බලලා හිනා වෙන පුන්චි සිගිත්තන් වගෙ අතිත මතක සුවද
එක්ක හිනා වෙලා වෙන් වෙනවා ඇරෙන්න ජිවිතය අපිට වෙන ඉඩක් දිලාම නැති තරම්.. එ අතර තුර ජිවිත වලින් සදහටම සමු අරන්
කාලයක් අපි ලගින්ම හිටපු අපෙම අය සදාතනික මතකයන් ගොඩක් එක්ක වෙන් වෙලා යන හැටි..
ජිවිතය..............
නොනවැති ගලන ජිවිතය........
කිසිදා හමු නොවන ඉමක් සොයා ඇදෙන අපුරුව..
මතකයන් වගෙම තවත් බොහෝ සිදුවිම් ජිවිතයේ සිද්ද වෙනවා නෙතගට කදුලක් වැටෙන වාරයක් වාරයක් පාසා
හිතට සිය දහස් ගුනයකින් ශක්තියක් අරගෙන ආඅහු නැගිටින්න පුලුවන්නම් කවදා හරි දවසක ආපහු අතිතය දිහාවට
හැරිලා බලනකොට අපිටම තෙරෙවී ඒ වැටුනු කදුලු වලට වටිනාකමක් ලැබිලා කියලා එදාට අපිට කියන්න පුලුවන් අපි
සාර්තකයි කියලා හැමදාම මුවෙ තියන හිනාවකට වඩා කදුලු අතරින් නැගෙන සිනාවකට තියන වටිනාකම මිල කරන්න
බැ....
පසු වදන - අවුරුදක් ගෙවිලා ගිහිලා අලුත් අවුරුද්දක කඩයිමක ඉන්න මොහෙතෙ මට මෙ ටික අකුරු කරන්න හිතුනා
අලුත් විදිහට හිතන්න අලුත් බලාපොරොත්තු ජිවිතයට එකතු කර ගන්න හිතට සිය දහස් ගුනයකින් ශක්තිය අරන්
නැගිටින්න වැරදිම් නිවරදි කරන්න ලැබෙන හොදම අවස්තවක් තමයි මේ මෙ අවුරුද්ද පුරාවටම මාත් එක්ක හිටපු ඔයාලා
හැමොටම ගොඩක් සිතුතියි.. හැමොටම සුබ නව වසරක් වේවා.......
Saturday, December 22, 2012
නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ?
සංනිවේදනය එහෙමත් නැතිනම් අදහස් හොවමාරු කර ගැනිම මානව සංහතිය අනිකුත් ජිවින් අතරින් ඉදිරියට
ගෙන එමට විශාල දායකත්වයක් සැපයු බව නොරහසක්. හියකීන් පණිවිඩ යවමින් විද්යුත් හීය දක්වා නවීකරනය වී
එතනින්ද නොනවති ඉදිරියට ගමන් කරන මානව සංනිවේදනය අද වන විට විශ්වය කරාද පණිවිඩ රැගෙන යැමට
තරම් දියුණුවක් අත් පත් කොට ගෙන ඇති නමුත් එය විදිමත් නිවරදිව භාවිතා කල යුත්තක් . අතීතයේ සිටම සංනිවේදනයෙදි
සිදු වු විවිද අඩු පාඩු කම් නිසා නොමෙකෙන කැලැල් ඉතිහසයේ පිටු පුරා ලියවී තිබේ. ප්රෙමය ප්රකාශ කරන අදරණිය
හදවතකට වුව එය නිවරදිව ප්රකාශ කොට ගැනීමට නොහැකි විමෙන් එය අහීමි වී යැම වුව සිදුවිය හැකිය.
කලු කපුටෙකු මතට වමනය කොට කලු කපුටන් 7 වමනය කිරිම දක්ව දිව ගිය අපේ ජන කතාව වැරදි සංනීවේදනය ගැන
සියුම් උපහාසයක් මතු කලත් එහී ගැඹූරු අරුතක් පවතී. කට කතා ,බොරු ප්රචාර ලොකය උඩු යටි කුරු කල අවස්තාද නැතුවම
නෙමෙ එමේන්ම විහිලු දුර දිග යැමේන් සිදු වූ මරණයන් ගැන පවා අපට අසන්නට ලැබේ.. අන්තර්ජාලය හරහා සිදුවන චරිත
ගාතන වැනි සිදුවීම්ද සංනීවෙදනයෙ අනිසි භාවිතයන්ය.. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු
යැයි කියමනක් තිබුනත් කියන්නා හටත් එහි වගකීමක් පවතින බව මාගෙ හැගීමයි..
...................................................
සංනීවේදනය පිලිබදව කියන්නට යන පහත කතා බලන්න එහි හාසයයක් තිබුනත් එහි පවතින යටි අරුත නිවරදිව
සංනිවේදනය සිදු නොවීමේ ආදීනව මොනවට කියා පායි...
01
මෙ සිද්දිය වෙලා තියෙන්නෙ වෙඩින් වල ෆොටො ගන්න මනුස්සෙයෙකුට .. මිනිහා ලගදී ගත්තු වෙඩිමක ෆොටො
බැදපු ජොඩුවට දෙන්න හිතා ගෙන පොර අපෙ පොදු ප්රවාහන සෙවයට ගොඩ වුනාලු. දන්නවනෙ ඉතින් පොදු ප්රවාහන
සෙවය ගැන පාරත් එච්චරම හොද නැලු කොහොමෙන් කොහොම හරි අපෙ කතා නායකයට චුට්ටක් විතර නින්ද ගිහින් බස්
එකෙම.. ඩයිවර් අයියා ගහපු බ්රෙක් පාරකට අපෙ බුවා ලග ලියුම් කවරෙක දාලා තිබුනු ෆොටො ඔක්කොම බස් එකෙ බිම
වැටිලා... දැන් මිනිහා ෆොටො ටික ටක් ටක් ගාලා එකතු කරනවලු ඔකොම එකතු කරලා ගනන් කරලා බලනකොට
එකක් අඩු හින්දා අයෙමත් බස් එකෙ බිම බලනකොට ඉස්සරහා සීටි එකෙ කොටට ඇදගෙන අඩි උස සපත්තු 2 ක් දාලා
ඉදගෙන හිටපු අවුරුදු 30 ක විතර නොණා ගෙ කකුලට ෆොටො එක පැගිලා.
දැන් මොනා කරන්නද අපෙ පොරට ෆොටො එක ගන්නත් ඔනී ගන්න විදිහකුත් නැ ඕනාම හින්දා මිනිහා අර නොණා
ගාව පොඩ්ඩක් නැමිලා මෙහෙම කිව්වලු.. "නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ? " රවලා බලපු නොණා ටිකක් සද්දෙන්
මෙහෙම ඇහුවලු "ඒ මොකටඩ මිනිහො " දැන් බස් එකෙ හිටපු මිනිස්සුත් අපෙ පොර දිහා බලන් ඉන්නවලු මිනිහා
බය වුනු පාරට මෙහෙම කිව්වලු ".......ෆො ෆො ෆොටො එකක් ගන්න " නොණා "!@#!$$@!@#" ෆොටො එක කෙසෙ
වෙතත් හොද කම්මුල් පාරක් එක්ක බස් එකෙන් බහින්න වෙලා තියෙන්නෙ මිනිහට ....
02
ඔන්න අපෙ යාලුවො 2න් නෙක් පොඩි පාටියකට ගිහින් පොඩි අඩියක් එහෙම ගහලා එන ගමන් රැ 12ට විතර බයික් එකෙ
රොදෙක හුලන් ගියාලු. පැත්තත් ටිකක් පාලු පැත්තක් හින්දා ගෙඩරටත් 30 ක්ම් විතර දුර හින්දා 2න්නා කොහෙ හරි
නවතින්න කියලා හිතගෙන ලග පාත ගෙදරකට ගිහින් පොඩි තට්ටුවක් දැම්මලු.. "අපිට පොඩි කරදරයක් වුනා බයික් එකෙ
හුලන්ගියා අද රැට මෙහෙ නවතින්න දෙන්න පුලුවන්ද ?" "අනේ මහත්තයො මෙහෙ ගැනු ලමයෙක් ඉන්නවා එ හින්දා
මෙහෙ නම් බැ" යාලුවො 2න්නට පොඩ්ඩක් වෙරිත් හින්දා තව ගෙදරකට ගිහින් මෙහෙම ඇහුවලු '' මහත්තයා මේ ගෙදර
ගැනු ලමයෙක් ඉන්නවද ? " ගෙදර අයිතිකාරයාට මල පැනලා මෙ මහ රැ ගැනු ලමයෙක් අහනවා "එ මොකටද මිනිහො ?"
පැනපු ගමන් අපෙ යාලුවා කියාපි "නිදාගන්න මිසක් වෙන මොකටද ?
" !@!#$$%@@!" අන්තිමට 2න්නට ඔලුත්
පලාගන්න තමයි වුනෙ ..................
ප.ලි- මෙ දවස් වල බ්ලොග් බලන්න වගෙම ලියන්නත් වෙලාවක් තිබුන් නැ අයෙත් ඉක්මනට හැමොගෙම බ්ලොග් කියවන්න මම
එනවා හොදෙ...........
Wednesday, November 21, 2012
නුපුබුදු තැබිලි මල්
නුපුබුදු තැබිලි මල්
ඇගෙ දන යුගට මන කල්
පැරද සැගවුනු තුල්
කොලපු ඇතුලට පිවිස හැම කල්.......................
කාවයය ගිත මිනිසාගෙ බාවාත්මක හැගිම් අපුර්වතම ආකාරයක ඉදිරිපත් කරන සනනිදන මාද්දයක් ලෙස
ඇත අතිතයෙ සිටම පැවත ආවක් එහි ආරම්බය කවදා කොතනක කොහොම සිදු වුවත් අද වන විට එය ජන සමජය
තුල විශාල වෙනසක් කිරිමට සමත් කම් දක්වනවා කාලයට අනුරුප ලෙස එහි ඇති ගුනාත්මක බවත් වචන රටවත් විවිදාකර
වෙනස් කම් වලට බාජනය වුවා මෙ උත්සහය මා දකින ගිත හ කවි පිලිබදව මගෙ මතය ඔබ හමුවෙ ගෙන එමට දරන
අහින්සක වැයමක්...
ඉහත දැක්වෙන කවිය අතිත නිර්නාමික කවියෙකුගෙ අතින් කියවුවක් සෘංගාරයෙන් රාගය පිලිබදව ලියවි ඇති මෙම
කවිය තුල රාග රසය ඉස්මතු නොවන ආකරයට ලියවි තියනවා. එහි කියවෙන්නෙ
තවමත් පිපිච්චි නැති තැබිලි මල් ඇය නමින් මෙහි අරුත් ගැන්වෙන රුමත් යුවතියකගෙ දන මඩලෙ ඇති රසය එහෙමත්
නැත්නම් ලස්සනට පැරදිලා පිපෙන්නට ලැජ්ජාවෙන් කොලපු ඇතුලට පිවිස සිටින බවයි...
ගිත මව් ගුන ගිත පිය ගුන ගිත දෙශාභිමාන ගිත ආදි කොට ගත් විවිද මතෘකා ඔස්සෙ ලියවි තිබුනත් මම අද බලාපොරොත්තු
වෙන්නෙ සෘංගාරයෙන් රාගය මුල් කර ගත් ගිතයන් ගැන පිලිසදරක යෙදිමටයි...
රාත්රියෙ දකින ලදකගෙන් මෙසෙ විමසන තරුනයෙක්
එක අතකින් දෙතන වසා සිටින්නෙ ඇයිද නගො
අඩක් නෙරිය ඔසවා ගෙන යන්නෙ ඇයිද නගො
හිමියන් නොමැති රැ ගමන් කිමද නගො
අම්බලමෙ නැවති යමුද නගො.....
ඇය නගර ශොබිනියකැයි සිතා අම්බලමෙ නවතින්නට යොජනා කරන තරුනයා හට ඇයගෙන් මෙසෙ පිලිතුරු ලැබෙනවා
එක අතකින් දෙතන වසා බිලිදුගෙ කිරි හින්දා
අඩක් නෙරිය ඔසවා මඩ ගැවෙන හින්දා
රැ යාමෙ බිය නැති ගමන්
හිමියන් පසු පස එන හින්දා......
ඇය එම ආරදනාව ප්රතික්ශෙප කරන ආකාරය අපුරුයි නෙද..
දැන් නුතන ගිත දෙසට හැරෙමු
ඔබෙ සුවද පිරුනු පුන්චි කාමරෙ
රතු රොස මලක පෙති හැලි ගියෙ
මට නපුරු වෙනෙ ඇයි දයාවියෙ මෙ කදුලු බින්දු ප්රතම ප්රෙමයෙ...
සම්පුර්න ගිතයම මෙහි ලිය නොවුනත් මෙහි තෙරුම කෙටියෙන් කියන්නම් අහලා නැත්නම් youtube
එකෙන් බලන්න මෙහි කියවෙන්නෙ විවාහා දිවියට එලැබ යුවතියකගෙ කන්යා බාවය නැති විම නැමැති සෘංගාරයෙ උච්ච්තම
අවස්තාවට එලැබ ගිය නිදන කාමරයෙදිම පසු කාලින ඇති වු රන්ඩු හා එහි ප්රති විපක ගැන..
රාගය පිලිබදව අපුර්වතම ආකාරයක රාග හැගිම් ජනිත නොවන ලෙස ලියවි ඇති මෙවැනි ගිතයන් අතරම ලද බොලද ගිත
බොහොමයක් ජනිප්රියත්වයට පත් වි තිබෙනවා නමුත් එවැනි ගිතයන් මෙහි දි යොදා ගෙන කිසිවෙකුටත් අපහසුවකට
ලක් නොකිරිමට මා සිතුවා.....
වික සිත පෙම් පොකුරු පියුම්
නුබෙ පයට පොඩි වි ගියා දෙන්
පති කුලයට අද මට පිටු පා යන
මගෙ සොදුරු ලදුනෙ
මෙකත් ලස්සන තෙරුමක් සහිත ගිතයක් මෙහි තෙරුම ගිතය රස විදින කල වැටහෙවි....
හදෙ කොතනක හො සිටි නුබ
නිදා නොනිදා මෙන්
බලා අවසර................
http://www.youtube.com/watch?v=2ilQoudHSnU
තම පෙම්වතියගෙ මතකයෙන් එක්ක ජිවත් වෙන තරුනයෙකුගෙ හදවතෙ රාවය මෙම ගිතය තුල මොනවට ඔප්
නැං වි තියනවා
සද කඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දෙදුනු ලැගුම් ගනි
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවි
ස්තිර යැයි සිතා සිටි ප්රෙමයෙ අස්තිර බව ගැන කියවෙන මෙම ගිතයත් ඉතමත් හොද තෙරුම්ක් සහිතයි FACEBOOK
හි මෙම ගිතයෙ සම්පුර්න තෙරුම PAGE එකක තිබුනු බැවින් එහි තෙරුම ඔබ දන්නවා යැයි සිතමි..
මෙවන් ගිතයන් බොහොමයක් ඇති බැවින් අදට මෙතනින් නවතිමි
අවසාන වසයෙන් මෙවැනි ගිත තුල ඇති සැගවුනු අරුත් බොහොමයක් තියනවා රැල්ලෙන් දුරස් වෙලා නියම ගිතයක
සැබැ අරුත් සොයා යන්නට උස්සහ ගන්න ඔබට ජයෙන් ජය යන ගමන් මෙ ගිතයත් රස විදින්න...
Tuesday, November 13, 2012
මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)
ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්රරා ලොකයට නැහැවි තිබු එකම එක රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.
ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.
සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්ර වු වත්
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..
ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය.. අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....
සිතල හැගුමන්
හදවත පිපිදිලා
නොපිදුනු සිතුවිලි
හිමිහිට පිපිදිලා
සයනයේ රැගුමන්
යලි යලි සිහිවෙලා
අහිමිද ප්රේමය
කදුලැලි වියැකිලා ..............
නැති මුත් දෙන්නට
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට
කෙලසුනි මගේ ගත
නැතිදෝ හිමි සඳ ..............
දෙන්නම් කම් සැප
මට හුරු පරිදිම
ඉන්නම් නුබ ලග
දාසිය විලසින..............
දහසක් සිතුවිලි
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු
රාත්රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම
සිහිවෙලා
රහසින් මගේ හිත
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු
සිහිනෙක සගවලා
අහිමිද ප්රේමය
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි
මා පුතු
පියෙක් නැතුවම..............
Tuesday, September 25, 2012
වචන නොවු සිතුවිලි...
ජිවිතෙ සමහර අවස්තාවන් තියනවා වචනයන්ගෙන් විස්තර කරන්න බැරි... සමහර වෙලාවට දැසින් කියවෙන බොහො දෙවල් තියනවා කදුලු වගෙම සිනහවත් වචන වලින් කියන්නට බැරි බොහොමයක් දෙවල්
සිත තුල අපුර්වතම චිත්ර මවා පන්නට සමත් ,සොනම්නස දොම්නස , විරහව , සතුට , දුක මෙවා වචන වලට නගන්නට බැ... එ වගෙම නෙත ගැටෙනා අපුරවතම සිද්දින් කොච්චර නම් තියනවද මෙ වගෙ......
ලගදි හියකින් ආපු එ වගෙ අපුර්වතම රුප රාමුන් පෙලක් මම ඔයලත් එක්ක බෙදා ගන්න හිතුවා.. බලන්න මොන තරම් හදවතට සංවෙදි වෙවිද කියලා...............
ලගම නැයො කියන්නෙ නිකන්ද....
අපි වගෙම උනුත් ජිවිතය අරා සටනක
සංසාර ගත බැදීමක් වගෙ.....
***************** මං ඉගිලෙන්නයි හදන්නෙ ****************
අද නම් හොරාව අල්ලගන්නවාමයි
ලෙයෙන් බැදුනු බැදිම්
මෙහෙමත් කරුනාවක්!!!!!!!!
සසර වසන තුරු නිවන් දකින තුරු ඔබයි ආදරෙ
....... සැබැ මිතු දම.......
අහින්සක හදවත් දෙකක්...
අනෙ අම්මෙ මාවත් එක්කන් යන්නකො
**** අලි බැදිමක්****
.....මොනාද හලො බලන්නෙ......
**** පිය සෙනෙහස****
දුවලා යන්න පුලුවන් නම් ආයෙත් මෙ වගෙ
මෙහෙමත් හිතවත්තු
අමතක කරලමු පැරනි කතා.....
........ අනෙ මගෙ පැටියො............
ප ලි... වචනයෙන් විස්තර කරන්න බැරි දෙවල් මොන තරම්ද... මෙ පින්තුර ටික හීයකින් එවු ඔශන්කා අක්කට ස්තුතියි......................
Read more »
සිත තුල අපුර්වතම චිත්ර මවා පන්නට සමත් ,සොනම්නස දොම්නස , විරහව , සතුට , දුක මෙවා වචන වලට නගන්නට බැ... එ වගෙම නෙත ගැටෙනා අපුරවතම සිද්දින් කොච්චර නම් තියනවද මෙ වගෙ......
ලගදි හියකින් ආපු එ වගෙ අපුර්වතම රුප රාමුන් පෙලක් මම ඔයලත් එක්ක බෙදා ගන්න හිතුවා.. බලන්න මොන තරම් හදවතට සංවෙදි වෙවිද කියලා...............
ලගම නැයො කියන්නෙ නිකන්ද....
අපි වගෙම උනුත් ජිවිතය අරා සටනක
සංසාර ගත බැදීමක් වගෙ.....
***************** මං ඉගිලෙන්නයි හදන්නෙ ****************
අද නම් හොරාව අල්ලගන්නවාමයි
ලෙයෙන් බැදුනු බැදිම්
මෙහෙමත් කරුනාවක්!!!!!!!!
සසර වසන තුරු නිවන් දකින තුරු ඔබයි ආදරෙ
....... සැබැ මිතු දම.......
අහින්සක හදවත් දෙකක්...
....අම්මයි මායි තාත්තයි....
හිත ඇත්නම් පත කුඩාද?
....අනෙ මටත් කියල දෙන්නකො....
**** අලි බැදිමක්****
.....මොනාද හලො බලන්නෙ......
කො බලන්න අක්කගෙ මුන.....
යාලුයි අපි යාලුයි
**** පිය සෙනෙහස****
දුවලා යන්න පුලුවන් නම් ආයෙත් මෙ වගෙ
මෙහෙමත් හිතවත්තු
අමතක කරලමු පැරනි කතා.....
........ අනෙ මගෙ පැටියො............
ප ලි... වචනයෙන් විස්තර කරන්න බැරි දෙවල් මොන තරම්ද... මෙ පින්තුර ටික හීයකින් එවු ඔශන්කා අක්කට ස්තුතියි......................
Saturday, September 15, 2012
වාසනාවටත් වඩා............. යමක්
අපි දිනන්නට උස්සහ කරමු ජිවිතය පුරාම අනෙක අරමුනු කරා යැමට තැත් කරමු..
එ අතර සමහරුන් වාසනාවන්තයන් ලෙසත් උස්සහවන්තයන් ලෙසත් කාලකන්නින් ලෙසත් ලෙබල්
වි ඇත.... වාසනාව සහ උත්සහය අතර දොලනය වන ජන වහරෙන් උපුටා ගත් කතාවක් අද ගෙන එන්නට
සිතුවෙමි..... මුල් කතුවරයා නොදනි... කතාව උචිත පරිදි වෙනස් කොට තිබෙ ....
අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..
" තාම රජ තුමාට වාසනාවන්තයාව හොයා ගන්න බැරි වෙලාලු?" "අපෙ රජ තුමාටත් විකාර වෙන වැඩ නැතුවට"
මෙ අතර තුර රජ වාසල තුල. රජු " මගෙ රටෙ එකම එක වාසනාවන්තයෙක් වත් නැද්ද?" ඇමති "රටෙ උතුරු පැත්තෙ
ඉන්නවලු හිගා කමින් ජිවත් වන මනුශ්සයෙකු ඔහුට කැම බිම හැමදාම ලැබෙනවලු ඔහුට පුදුම වාසනාවක් ඇති බව තමා
එහෙ අය කියන්නෙ ඔහුව උදෙට දැකිමත් වාසනාව ගෙන දෙනවලු "රජු "මම හිතන්නෙ ඔහු තමයි අපි දින ගනන් සෙව් මිනිහා"
............................................................................................................
දින කිහිපයකට පෙර...........
රජු සිරි යහනෙදි තම සිතුවිලි සමගම පොර බදිමින් අතිතය වර්තමනය හා තමාත් යන සිතුවිලි ත්රිත්වයෙ කිමින්දෙන්නට විය.
තම ජිවිතය හා සසදන කල තමන් ආ ගමන් මගෙ මුල බිජය බමුණන් කියු පරිදි වාසනාවද............ නැතිනම් ඔහු සතු වු උස්සහයමද?
ඔහු සිත එකිනෙක පැරදවිය නොහැකි තර්කයන්ගෙන් පිරි යන්නට විය.......
අවසානයෙදි ඔහු සිය ගැටුලුව තම ගුරු දෙවයන් හමුවෙ තබන්නටත් ගුරු දෙවයන්ගෙ උපදෙස් පරිදි එය සොයා ගැනිමට
නම් රාජ්යය තුල සිටින වාසනවන්තම මිනිසාත් උස්සහවන්තම මිනිසාත් අතර තරගයක් පැවැත්විය යුතුය...
මෙ වන විට උස්සහවන්තයා
සොය ගෙන අවසන් වි තිබිණී. ඔහු ගොවියෙකි ඔහු සතු උස්සහයෙන් ඔහු බොහොමත් ම පොහොසකු බවට පත් වි ඇත.
වාසනාවන්තයාගෙ හමුවිමත් සමග ගුරුදෙවයන්ගෙ උපදෙස් ක්රියාත්මක වන්නට විය...
රජ වාසලට පැමිනි ගොවියාත් වාසනාවන්ත හිගන්නාත් අදුරු කාමරයක් තුල හිර කොට දැනටමත් දින 3 කි. තෙවන දින
වන විට දෙදෙනාම අදික සාගින්නෙන් පෙලුනෙ ඔහුන් හට අහාර ලබා නොදිම හෙතුවෙනි. එදින රාත්රියෙ කැවුම් වලින් පුරවන
ලද මල්ලක් මොවුන් සිටි සිර කුටියෙ වහලයෙ එල්ලන්නට විය එකි කාමරය තුල එය ලබ ගැනිම බෙහිවින්ම අපසහසු කටයුත්තක් බව
ගුරු දෙවයන් දැන සිටියෙය.
වාසනාවන්ත මිනිසා කම්මැලියෙකි එ නිසාම ඔහුට හිගන ජිවිතයක් උරුම වි තිබුනි නමුත් ඔහුගෙ වාසනාව නිසාම අහාර
අදිය නිරතුරු ඔහුට ලැබෙ. උස්සහයෙන් යුතු මිනිසා පැය ගණනක් මහන්සි වි කැවුම් මල්ල ලබා ගැනිමට සමත් විය..
එ මුලු කාලය තුලම හිගන්නා නිදන්නට විය. ගොවියා සිය කුස ගින්න නිවා ගැනිමට කැවුම් අනුබව කරන අතර ඔහුට හිගන්නා
ගැන උපන් අනුකම්පාවෙන් සිය පලමු කැවුමෙ සිටම එහි කොන්ඩය හිගන්නාට විසි කරන්නට විය. අවසාන කැවුම දක්වාම
එය එසෙම සිදු විය..
.........................................................
රහසෙම රජ වාසල තුල ක්රියාත්මක වු තවත් උපක්රමයක් විය සැම කැවුමකම කොන්ඩය තුල දියමන්තියක් සගවා තබන්නට විය.
හිගන්නා පොහොසතෙකු බවට පත් විය රජුට පිලිතුර ලැබිනි.. උස්සවන්ත මිනිසා නිසා කුසගින්නෙ මිය නොගොස් ඔවුන්ගෙ ජිවිත රැකිනි.
ප. ලි= උස්සහය තිබු පමනින් දිනය හැකි බොහො දෙවල් තිබෙ නමුත් උස්සහය තුලට වාසනාව කැටි වු කල ඔහු හො ඇය
නැවැත් විමට මෙ ලොව කිසිදු බලවෙගයක්ද නැත.................................................................................
Subscribe to:
Posts (Atom)








































