Friday, August 24, 2012

ගබ්ෂාව හෙවත් ගන්ධ්බ්බයෙකුගේ මරණය


වර්තමානය වන විට ගබ්ෂාව හෙවත් උපතට පෙර දරු ගැබ විනාස කිරීම පෘතුවිය නම් වූ නිල් පැහැ ගෝලය 
නොනවත්වාම සිදු වන්නක්. ගබ්ෂාවේ උපත කොහේ කොතනකදී කුමන කාරණයක් අරබයා මුල්ම දරු ගැබ 
විනාස කර දැමුවත් අද වන විට එය නොනවත්වාම සිදු වන ක්‍රියාදාමයක්...  මෙහි නිර්මාපකයා හෙවත් මැවුම් 
කරුවා වන්නේ සොබා දහමයි. රුදිර ගන නොගැලපීම නිසා ස්වාබවිකව සිදු වන ගබ්ෂාව මෙයට කදිම නිදසුනක් .


කෙසේ වෙතත් සොබා  ධර්මය විසින් ලබා දෙන දැනුම මිනිසා විසින් අත්තොනෝමතික ලෙස සිය පරමාර්ථයන් එටු 
කර ගැනීම නොනවත්වාම සිදු වන්නක් .......................මෙතනින් බලන්න .................... එයට කදිම උදාහරණයක් මේ .. 

ගබ්සාවකට බදුන් වන්නේ ජිවියෙක්මද ?ඇතැම් රට වල දරු ගැබකට මස 3 ක් යාමට මත්තෙන් ගබ්ෂාව සිදු කිරීමට 
නිත්‍යානුකුල අවසරයක් ලබා දී තිබෙනවා ඒ හර්ද ස්පන්දනය අරඹා වීමට ගත වන කාලය මාස 3ක් බැවින් 
තවත් රටක දරු උපතට පෙර ඕනෑම අවස්ථාවකදී  දරු ගැබ විනාස කිරීමට අවසරයක් තිබෙනවා ..
ආසියාතික රටවල් අතරින් බොහොමයක මවට හානියක් සිදු වේ නම් පමණක් ගබ්සාවකට 
අවසරයක් හිමි වෙනවා එත් මේ කුමන අවස්ථාවකදී සිදු කලත් බුද්ධ දේශනාව ට අනුව සිදු වන්නේ ජීවියෙකු 
මැරීමයි... දරුවෙකු  මව් කුස පිළිසිද ගැනීමට නම් කරුණු   පහක්  සම්පුර්ණ විය යුතු බව සදහන් වෙනවා......
1. මව සරු වීම
2.පියා සරු වීම 
3.සංසර්ගය හෙවත් සරු ජනිතයන්ගේ එකතු වීම 
4.සංසේචනය ( ඩිම්බයක් සමග ශුක්‍රනුවක් එකතු වීම )
5.ගන්ධබ්බයෙකුගේ පැමිණීම 
 ගන්ධ්බ්බයෙකු යනු කවද ? මං මේ ගන වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ සරලව පැහැදිලි කරනවානම් 
මව් කුසක් සොයන ආත්මයක් තමයි ගන්ධබ්යෙකු ලෙස හදුන් වන්නේ .......................http://wasanthayata-aradhanawak.blogspot.com/2012/07/blog-post_13.html ................................මෙතනින් බලන්න ........ 
ඒ කියන්නේ පැහදිලිවම අපි මේ මතය තුල සිටිනවානම් ගබ්සාව යනු ජිවිත යක් නැති කිරීමක් හෙවත් තවත් මිනි මැරුමක් .

අද වන විට ගබ්ෂාව යන ක්‍රියාව බොහෝ සුලබ සිදු වීමක් ලංකාව තුලකට දිනකට මෙවන් ගබ්සාවන්   5 ක් පමණ 
සිදු වන බව සදහන් වෙනවා.. මේවා සිද්ද වන්නේ නිත්‍යානු කුලව නොවේ..   ඉද හිට කාන්තාවක් ගේ මරණයක් 
ඒ කියන්නේ ගබ්ෂාව සිදු කරන අවස්ථාවේ සිදු වන වැරදීමක් අධික රුධිර වහනයක් නිසා සිදුවන  මරණයක් තුලින් 
මෙවැනි ස්ථානයන් පිළිබධ කතිකාවතක්  ගොඩ නැගුනත් එය කෙටි කාලෙකින් වැළලී යනවා..
මම හිතන හැටියට ගබ්සාවට   ප්‍රධානතම හේතුන් වන්නේ 
1. අසම්මත ලිංගික සම්බන්දතා
2. නගර සොබනියන් ................http://wasanthayata-aradhanawak.blogspot.com/2012/06/blog-post_09.html.................. තව දුරතත් මෙතනින් බලන්න 
3. උපත් පාලනය ගැන දැනුමක් නැති  වීම 
4. දුප්පත් කම 


මම හිතන විදිහට ගබ්ෂාව සිදු කිරීමට යම් යම් අවස්ථාවන් වල අවසරයක් ලබා දිය යුතුයි 
එසේත් නැතිනම් ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීම විදිපත් ලෙස සිදු කල යුතුයි.
සංස්කෘතිය නමැති මායාව තුල අපි තව දුරටත් ජිවත් විය යුතු නැ අපි යථාර්තයට මුහුණ දිය යුතුයි 
අපි හොද සංස්කෘතිය  තුල ජිවත් වන්නේ නැ තව දුරත් එසේ සිදු වනවානම් මෙලෙස දිනෙන් දින 
ගබ්ෂාව ඉහල යාම සිදු වන්නේ නැ .....
අංග විකල හෝ මන්ද බුද්ධික දරුවෙකු උපදින බව උපතට පෙර  දැන   ගත් විට මව් පියන් හට ගබ්සාවකට   අවසර 
ලබා දීමේ    හි සදාරනත්වයක් ඇතැයි  මා සිතනවා...  අනාගතයේ දී විදින්නට සිදු වන දුක්  ගැහැට වලට නිමාවක් වන නිසා මෙන්ම ඒ වැනි උපතක් ලබන 
ජීවිතයත් සදාකාලිකවම දුක්කිත ජීවයක් බැවින් ....


නගර සොබනියන් හා අසම්මත ප්‍රේමයන් මෙන්ම රාගය නිසා සිදු වන්නා වූ ගබ්සාවන් වැලක්වීමට නම් මුලදී සදහන් කල පරිදි 
ලිංගික දැනුම සමාජ ගත කිරීම නොපමාව   සිදු කල යුතුයි කිසි විටකත් නගර සොබනියන් සොයා යන මිනිසුන් මෙන්ම 
මුදලට විකිනෙන ගැහෙනුන්ගේ උත්පත්තිය වැලක්වීමට නොහෙකි නිසා ... 
ඇතැම් විට හදිසි කෝපය නිසා සිදු වන ගබ්සාවන් නිසා මෙන්ම අනිකෙකුගේ බල කිරීමක් මත සිදු වන ගබ්සාවන්ද දකින්නට ලැබෙනවා 
මෙහිදී මෙහි මුල බිජයට පිළියම් යොදනු විනා ගබ්ෂාව නීතියෙන් තහනම් කිරීම නම් කිසිම පලකට නැති අනුවන ක්‍රියා දාමයක්..

කෙසේ වෙතත් ඔබත් මවත් දරු ගැබක් තුල සිටින අවදි යේදී  ගබ්සාවකට ලක් නොවීමට  අපි  පෙර පින් ඇත්තෙමු...
රත්තරන් අම්මෙක් රත්තරන් තාත්තෙක් අපේ දෙමාපියන්   වූ බව අපි දනිමු ... තමාගේම ලේ මස් නහර වලින් සැදුනු තවත් ජිවිතයක් සිත් පිත් නැති 
ලෙස මර දැමීමට තරම් අපි කුරිරු වී ඇත එවන් අවධියක හේතුව කුමක් උවත් ඔබත්  තවත් ගබ්සාවක    හිමිකරුවෙක් වෙනවද ?
..........තීරණය අපි සතුයි....................


මං මේ ලිපිය ලියනවද  නැද්ද කියල  කාලයක් තිස්සෙම හිතුවා  එත් හිතට එන සිතුවිලි එලියට 
දාන්නේ නැතුව තද කරන  ඉන්න එක හරිම අමාරු වැඩක් ....................... සංවාදයට විව්ර්තයි මෙන්ම මෙහි ලියවෙන්නේ 
මගේ පුද්ගලික මතය කෙනෙක් එකග වෙන්නත් කෙනෙක් විරුද්ද වෙන්නත් පුළුවන් ................ ස්තුතියි 









Read more »

Saturday, August 18, 2012

~~~~ වැහි බින්දු~~~~

මුළු පරිසරයම වසා ගත් කළු අන්ධකාරය සමගා මුසු වුනු මහා සුලන් රැල්ල ඔරෝලුසුවේ කටු කැරකෙන තාලයත් සමග 
එන මහා වරුසාවක පෙර නිමිති වර්තමානයේ සටහන් කරන්නට වුනා....... සිහිල් සුලන් රැල්ල ගත සිත අලුත් ප්‍රබෝදයකින්  
උතුරා යන්නට වුනා .......... වැහි බිදු එකෙන් එක මහ පොලොව සිප ගත්තේ කාලෙකින් හමු වන පෙම්වතෙකු 
තම පෙම්වතිය මත තබන ප්‍රථම හාදුව වගේ නිකැළැල් බවකින්..... 
වසන්තය නිමා වෙලා ජිවීතය ගෙවී ගිහින් දුර ඇතක මතකයන් ගොඩක් හද තුල තැම්පත් වෙලා අතීතයේ දවසක 
නිල් පාට කොට කලිසමක් එක්ක සුදුම සුදු පාට සර්ට් එකකුත් ඇදගෙන මේ වගේම මහ පොලොව සිප ගන්න 
වැහි බින්දු එක්ක මහ වැස්සේ  නටපු හැටි තාමත් හදවතේ කොනක ඉදන් මැවී මැවී පෙන්නේ අතීතයේ 
එකමත් එක කාලෙක මේ වැහි බින්දු වලට පෙම් කල හින්දා කියලා මම හොදටම දැනන් උන්නා.... 



එත් අයෙ ජීවිතේ  කවදාවත්ම වැහි බින්දු ඒ  තරම් සැහැල්ලුවෙන් විදින්නට හම්බෙවී කියලා ඒ පුංචි හිතට දැනුන් නැ....
ඒ වැහි  බින්දු  බර වැඩි  වුනු හින්දා නෙමේ ඒ තරම් සැහැල්ලුවක් හිතුවිලි වල තිබුණ නැති හින්දා කියලා 
මට අද හිතෙනවා ........
කාලය ............ ලොව ඇති අපුර්වතම වස්තුව ජීවිතයට උපතක් ලබා දෙන කාලය ජීවිතය නැවත ගන්න කාලය ........
.....................................................................................................................................................
පුළුන් රොදක සුසිනිදු බව බරක් නොදැන  මුවීන් පිට වුනු වචන වල තිබුණු සුපෙම්බර බවත් කැටි කොට ගත්තු 
ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි 
ඇගේ ලැමට තුරුළු වුනු මගේ  පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි 
මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............
බස් එකේ ජනේලයෙන් පෙනුණු බස්  හෝල්ට් එකේ තිබුණු බැංකුව දිහා මට දෑස යොමුවුනේ   සිතා මතා නම් නෙමේ .........
අතීතයේ වගේම පොත් ගොඩකින් ඔලුවට ලැබෙන පීඩනය මොහොතකට හරි නිමා කරන්නට අපි වගේම තවත් 
2 න්නෙක්ට ඒ බැංකුව අද නවාතැන් සපයලා... නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි සොයා ගීය ලෝකයත් එක්ක 
හැමදේම අතීත මතකයන් වෙලා අපි අපේ ලෝක වල තනි වෙලා ... එත් ඒ බැංකුව එදා වගේම හෙටත් තව තවත් හදවත් වලට තෝතැන්නක් වේවි ..
අයෙම කවදාවත්ම මේ වගේ වරුෂාවක බොලද හැගුම් සිතල සුළගේ පා කරන්නට කාලය ඉඩක් දෙන් නැති බව මං හොදටම දැනන් උන්නා ...
.............



සුළග වේගයෙන් හමා ගියේ හදවතේ සිතුවිලි උපදින වේගයට සරදම් කරන්නට මෙන්. කාලය සුළගේ වේගයෙන් ගෙවිලා ගිහින්
මේ වගේ වැහි  බින්දු එකිනෙක මහ පොලව සිප ගත්තු මගේ කදුළු ඒ වරුශාවේම හිමිට දිය වෙලා වැටුණු 
ඒ අතීතයේ දවස තාමත් මතකයි ... පියාණන්ගේ  නිසල දේහය අවසන් ගමන් ගීය ඒ කාලකන්නි දවසෙත් මේ විදිහටම 
වැහි බින්දු  මහ පොලව සිප ගත්තේ අද  වගේමයි .................... ජීවිතය සොයා දිව ගියත් කොහේ කොතැනක කොහොම හිටියත් 
මේ වැස්ස එක්ක තියන බැදිම හින්දමද කොහෙද ටිකක් නතර වෙලා හදවතේ හඩට ඇහුම්කම් දෙන්න මං පුරුදු වෙලා ...



කාලය ඔබ නම් අරුමයකි........... වැස්ස  මේ ඔබෙත් මගෙත් බැදීමේ අවසනය නොව තවත් ඇරබුමක් පමණි
තව තවත් මහ පොලව සිප ගන්නා වැසි බින්දු මෙන්  මගේ සිත සිප ගත්තු මේ වැහි බින්දු තව දහසක් දේ සමග 
මා    එන මග බල සිටින බව මම දනිමි ඉතින් ඔබට මම වර්තමානයේ සමු දෙමි 
අනාගතයේ   දිනක නුදුරේම  යලිත් හමුවෙන බලාපොරොත්තුව ඔබට දෙමි ..........................ජීවිතයේ දේදුන්න පායන තුරාවටම ............
Read more »