Saturday, November 30, 2013

රතු රොස .........


පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනා
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.

 

සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................

දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය  තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............

 
......................පසුදින පුවත්පත්............

මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................

පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............




සිහිනයකි ජිවිතෙ..

(මෙකත් බලලම යන්න..)
Read more »

Wednesday, November 27, 2013

සොහොන් කොත්

හද එලියට දිලිසෙන සුදු සොහොන් කොත් යට සැතපෙන මතක සමුදායක විකෘති ජරා ජිරන
වු රූපකායන් කොහෙන්දො ආපු වවුලෙකුගෙ හඩට පොඩ්ඩක් වත් සැලුන් නැ. එහෙමත් නැත්නම් චංචල
වෙන්න තරම් ඉඩක් තිබුන් නැ.
අහස පුරා ඈතට ඔහෙ පවෙලා යන වවුල් තටු ගැහැන රාවය විසිරිලා තියන මනොමය ශරිර වලට දැනුනද කියන්න දන්නෙ නැ.
හෙමි හෙමිට ඇදෙන හං ගොල්ලෙක් ඔලුව ඔබා ගන්න කටුවක් නැති ශොකයට සංතස්තාපයෙන් වගෙ ඉබෙම ඇදිලා ගියා.
අසලින් තියන රේල් පිලි 02ක කවදාවත්ම එකතු නොව්නට කොච්චියකට ගමනාත්තයට යන්න මාර්ගය පෙන්නනවා වගෙම දලුලන සියබලා
ගහෙ කොල අමුතුම රටාවකට සැලුනෙ සුලගෙ තාලය අදුනා ගත්තා වගෙ හැගිමකින්. බල්ලෙකුගෙ උඩු බීරුම් හඩ
පරිසරයෙ තිබු නිහඩ බව බිද හෙලා දැම්මෙ හරියට බලාපොරොත්තු ක්ශනකයකින් බිද වැටෙන කොට ඇතිවෙන වෙදනාව තරම් වෙගයෙන්.
ඇතින් වැටිලා තිබුනු ජංගිය ටිකක් දිරා පත් වෙලා තිබුනත් ලග ලගම තිබුනු ප්‍රිතියෙන් ප්‍රිතිය උදම් වෙලා තිබුනු හැටි පසක් වුනෙ
යක්කුන්ට බය නැති රසස්වාදයක දිරාපත් මතකයක් ලෙසින්. එකවරම මතකයට එන්නෙ නැති ආත්‍රොපොඩාවෙකු ගුලකින් එලියට ආවෙ
උටත් බඩගින්න දැනෙන නිසා වෙන් ඇති. මකුලු දැලක පැටලුනු පුන්චි සතෙක් දගලන්නෙ ජිවිතය ඉල්ලලා කියලා හිතුනත් තව සුලු වෙලාවකින්
උත් මෙ පොලව  යට තියන අජිවි රුප කයන් වගෙ වෙනවා කියලා දැනුනා.


උත් ඔහොම්මම පාවෙල තව කොහෙ හරි ඉපදෙයි මරැයි හැමදාම වෙනවා වගෙ වුනා වගෙ. විසික් කරලා තිබුනු ගල් අරක්කු බොතලෙ
කියන්නෙත් රුපය දිරනා නාමෙ නොදිරනා වගෙ කතාවක් නැත්නම් කොහොමද එක ගල් අරක්කු බොතලයක් කියලා දැන ගන්නෙ.
සොහොන් කොත් අතර තිබුනු පුන්චි දැරිවියකගෙ රුපය අස්තිරි ජිවිතය තවත් පසක් කලා... එ මුකුත් නොදැන අයෙමත් ආපු සුලගට
ලපටි සියබලා දලු සෙමින් සැලෙනවා....
Read more »