Friday, August 9, 2013

හිස් වචන

සත්තකින්ම වසන්තය ඇවිල්ලා පුරුදු විදිහටම රුදුරු ගිම්හාන කාලයකට පස්සෙ. කනාටු වෙලා ගිය තනකොල අයෙමත් දලු දමාවි. තනිකම පෙලුනු හදවත අයෙමත් ඔබ සොයා කැ ගහන හැටි.
හැම කවියෙක්ම එකයි කවියෙක්ට ආදරෙ කරපු දගකාර හිතක දොංකාරය. ඔයා අඩන්න එපා දැන් පෙරයමත් පහුකරලා මැදියමත් ගෙවිලා ගිහින් අලුයමට ලගයි. සුසුම් හෙලනවා. සුසුම් වලට වටිනාකමක්. කාලය ගෙවිලා ගිහින් දින සති මාස. ආලොකයේ වේගය.. දැන්  නැගිටින්නකො බබා ඉර මල පිපිලා.
මේ ගිරි දුර්ග  පසු කරමින් හමන සුලග ට සත්තකිනම මම ආසා කලා..


 චික් චික් කොහෙදො හිටපු හුනෙක්.
රතුපාට මැයි මල් පොකුරු. සිතලට ගුලි වෙන්න ගුලිවෙච්ච හිත වගෙම. පොද වැස්සක් වැටෙන කොට දැනෙන හැගිම අනොරා වැහි වහිනකොට නැත්තෙ ඇයි කියලා දන් නැ.  කාමයෙහි රලු පරලු බවක් නැත.
බොද වු කනාමැදිරි එලි. නිදි නැති සඳ කාන්තිය. බලාපොරොත්තු. සෙල්ලක් කාර ජිවිතය. පැබ්ලො ලියු කවි පද. කෙටි ප්‍රෙමයක දිගු මතකය. සති අහ විභාගය නෙත ලග ඇති පොත්. බලාපොරොත්තු. අකලට පිපුනු රොබොරොසියා මල්. ජිවිතය එකාකාරීයි. නැ එහෙම හිතෙනවා. සත්තකිනම වසන්ත්ය ඇවිල්ලලු........
අනෙ මන්දා.....


{පහුගිය කාලෙ මං ගැන හොයලා බලපු හැමොටම ගොඩක් ස්තුතියි. අයෙමත් ලියන්නයි බලාපොරොත්තුව}
Read more »