Showing posts with label ටිකක් හිනා වෙමු. Show all posts
Showing posts with label ටිකක් හිනා වෙමු. Show all posts

Saturday, December 22, 2012

නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ?


සංනිවේදනය එහෙමත් නැතිනම් අදහස් හොවමාරු කර ගැනිම මානව සංහතිය අනිකුත් ජිවින් අතරින් ඉදිරියට 
ගෙන එමට විශාල දායකත්වයක් සැපයු බව නොරහසක්. හියකීන් පණිවිඩ යවමින් විද්යුත් හීය දක්වා නවීකරනය වී
එතනින්ද නොනවති ඉදිරියට ගමන් කරන මානව සංනිවේදනය අද වන විට විශ්වය කරාද පණිවිඩ රැගෙන යැමට
තරම් දියුණුවක් අත් පත් කොට ගෙන ඇති නමුත් එය විදිමත් නිවරදිව භාවිතා කල යුත්තක් . අතීතයේ සිටම සංනිවේදනයෙදි
සිදු වු විවිද අඩු පාඩු කම් නිසා නොමෙකෙන කැලැල් ඉතිහසයේ පිටු පුරා ලියවී තිබේ. ප්‍රෙමය ප්‍රකාශ කරන අදරණිය 
හදවතකට වුව එය නිවරදිව ප්‍රකාශ කොට ගැනීමට නොහැකි විමෙන් එය අහීමි වී යැම වුව සිදුවිය හැකිය.
කලු කපුටෙකු මතට වමනය කොට කලු කපුටන් 7 වමනය කිරිම දක්ව දිව ගිය අපේ ජන කතාව වැරදි සංනීවේදනය ගැන
සියුම් උපහාසයක් මතු කලත් එහී ගැඹූරු අරුතක් පවතී. කට කතා ,බොරු ප්‍රචාර ලොකය උඩු යටි කුරු කල අවස්තාද නැතුවම 
නෙමෙ එමේන්ම විහිලු දුර දිග යැමේන් සිදු වූ මරණයන් ගැන පවා අපට අසන්නට ලැබේ.. අන්තර්ජාලය හරහා සිදුවන චරිත
ගාතන වැනි සිදුවීම්ද සංනීවෙදනයෙ අනිසි භාවිතයන්ය.. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු 
යැයි කියමනක් තිබුනත් කියන්නා හටත් එහි වගකීමක් පවතින බව මාගෙ හැගීමයි..
...................................................
සංනීවේදනය පිලිබදව කියන්නට යන පහත කතා බලන්න එහි හාසයයක් තිබුනත් එහි පවතින යටි අරුත නිවරදිව 
සංනිවේදනය සිදු නොවීමේ ආදීනව මොනවට කියා පායි...


01
මෙ සිද්දිය වෙලා තියෙන්නෙ වෙඩින් වල ෆොටො ගන්න මනුස්සෙයෙකුට .. මිනිහා ලගදී ගත්තු වෙඩිමක ෆොටො 
බැදපු ජොඩුවට දෙන්න හිතා ගෙන පොර අපෙ පොදු ප්‍රවාහන සෙවයට ගොඩ වුනාලු. දන්නවනෙ ඉතින් පොදු ප්‍රවාහන 
සෙවය ගැන පාරත් එච්චරම හොද නැලු කොහොමෙන් කොහොම හරි අපෙ කතා නායකයට චුට්ටක් විතර නින්ද ගිහින් බස්
එකෙම..  ඩයිවර් අයියා ගහපු බ්‍රෙක් පාරකට අපෙ බුවා ලග ලියුම් කවරෙක දාලා තිබුනු ෆොටො ඔක්කොම බස් එකෙ බිම
වැටිලා... දැන් මිනිහා ෆොටො ටික ටක් ටක් ගාලා එකතු කරනවලු ඔකොම එකතු කරලා ගනන් කරලා බලනකොට 
එකක් අඩු හින්දා අයෙමත් බස් එකෙ බිම බලනකොට ඉස්සරහා සීටි එකෙ කොටට ඇදගෙන අඩි උස සපත්තු 2 ක් දාලා
ඉදගෙන හිටපු අවුරුදු  30 ක විතර නොණා ගෙ කකුලට ෆොටො එක පැගිලා.
හත්වලාමෙට ගහපු කලාබෙරෙ කිව්වලු ,
දැන් මොනා කරන්නද අපෙ පොරට ෆොටො එක ගන්නත් ඔනී ගන්න විදිහකුත් නැ ඕනාම හින්දා මිනිහා අර නොණා 
ගාව පොඩ්ඩක් නැමිලා මෙහෙම කිව්වලු.. "නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ? " රවලා බලපු නොණා ටිකක් සද්දෙන්
මෙහෙම ඇහුවලු "ඒ මොකටඩ මිනිහො " දැන් බස් එකෙ හිටපු මිනිස්සුත් අපෙ පොර දිහා බලන් ඉන්නවලු මිනිහා
බය වුනු පාරට මෙහෙම කිව්වලු ".......ෆො ෆො ෆොටො එකක් ගන්න  "  නොණා "!@#!$$@!@#"  ෆොටො එක කෙසෙ 
වෙතත් හොද කම්මුල් පාරක් එක්ක බස් එකෙන් බහින්න වෙලා තියෙන්නෙ මිනිහට ....





02 
ඔන්න අපෙ යාලුවො 2න් නෙක් පොඩි පාටියකට ගිහින් පොඩි අඩියක් එහෙම ගහලා එන ගමන් රැ 12ට විතර බයික් එකෙ
රොදෙක හුලන් ගියාලු. පැත්තත් ටිකක් පාලු පැත්තක් හින්දා ගෙඩරටත් 30 ක්ම් විතර දුර හින්දා 2න්නා කොහෙ හරි 
නවතින්න කියලා හිතගෙන ලග පාත ගෙදරකට ගිහින් පොඩි තට්ටුවක් දැම්මලු.. "අපිට පොඩි කරදරයක් වුනා බයික් එකෙ
 හුලන්ගියා අද රැට මෙහෙ නවතින්න දෙන්න පුලුවන්ද ?" "අනේ මහත්තයො මෙහෙ ගැනු ලමයෙක් ඉන්නවා එ හින්දා 
මෙහෙ නම් බැ" යාලුවො 2න්නට පොඩ්ඩක් වෙරිත් හින්දා තව ගෙදරකට ගිහින් මෙහෙම ඇහුවලු '' මහත්තයා මේ ගෙදර 
ගැනු ලමයෙක් ඉන්නවද ? " ගෙදර අයිතිකාරයාට මල පැනලා මෙ මහ රැ ගැනු ලමයෙක් අහනවා "එ මොකටද මිනිහො ?"
පැනපු ගමන් අපෙ යාලුවා කියාපි "නිදාගන්න මිසක් වෙන මොකටද ?




" !@!#$$%@@!" අන්තිමට 2න්නට ඔලුත් 
පලාගන්න තමයි වුනෙ .................. 


ප.ලි- මෙ දවස් වල බ්ලොග් බලන්න වගෙම ලියන්නත් වෙලාවක් තිබුන් නැ අයෙත් ඉක්මනට හැමොගෙම බ්ලොග් කියවන්න මම
එනවා හොදෙ...........






Read more »

Saturday, October 27, 2012

කාලගෝල සීයා...


නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත්
නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු
අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ...  මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා.
මට අවුරුද්ද නම් හරියටම මතක නැ හැබැයි.  කොහොම හරි ඒ කාලේ තාත්තා වැඩ කරෙ ලංකාවෙ ටිකක් දුශ්කර පැත්තක
ආණමඩුවෙ .. එ පැත්තෙ මිනිස්සු හරිම අහින්සකයි ගොඩක් අය කුඹූරු තමයි කරන්නෙ ඒ වගෙම හිත් වල මනුස්ස කම් 
පිරිලා තියනවා.. 

 ඉතින් ආණමඩුවට ගිහින් office එකෙ වැඩට අලුතින් අක්කා කෙනෙක්ව වැඩට ගත්තා තාත්තා 
ඒ කාලෙ මම ටිකක් විතර පුන්චියි .... ඉතින් ඒ අක්කට රස්සාවක් හම්බුනු සතුටට එයාගෙ තාත්තා කුඹූරු ගොවි තැනින් 
ගත්තු හාල් මිටියක් අපෙ ගෙදරට එවන්න පුරුදු වෙලා හිටියා..  ඔහොම ටික කාලයක් ගියාම අලුත් අව්රුද්දත් උදා වුනා...
ඉතින් මේ සීයාට අපෙ ගෙදර අව්රුද්දට එන්න ඔනා වුනා අව්රුදු කතා කරන්න..  මමත් මේ සීයාව තාත්තත් එක්ක ආණමඩු 
ගියපු වෙලාවට දැකලා තියනවා හැඩරුවින් කලුම කලුයි මිටියි තරමක් ඒ හින්දම කාලගොලයා කියලා නමකුත් පට බැදලා
තිබුනෙ මායි තාත්තයි... ඔන්න ඉතින් කාලගොල සීයයි කාලගොල ආච්චියි 2 න් නම සිංහල අවිරුද්දට පස්සෙ දවසෙ අපෙ
ගෙදර ආවා.කැව්ම් කොකිස් කැවිලි පෙවිලි පුරවලා පෙට්ටියක් අරන් ඔලුවෙ තියන් ආපු හැටි මට තාමත් මතකයි..

අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...

දැන් කාලගොල සීයා බුලත් විටක් එහෙම හපලා  මුන කට ටිකක් හොදා ගන්න ලක ලැස්ති වුනා. bathroom එක
පෙන්නුවට එකට යන්න බැ කියපු සියා එලියෙ ටැන්කිය හොදයි කියලා එලියට ආවා. තාත්තා අලුත් සබන් කැල්ලකුයි 
තුවයකුයි සියාට දුන්නා..  දැන් සීයා නාලා එහෙම ඇවිත් කියනවා මෙහෙම  "මහත්තයා එතන සබනුයි තුවයකුයි 
තියෙද්දිනෙ  මට අලුතින් දුන්නෙ මම තිබුනු ඒවාම ගත්තා" :D හිනාව බොහොම අමාරුවෙන් මම තද කරන් හිටියෙ සියගෙ 
මුණේ තැනින් තැන බලු මයිල් තියනවා මම දැක්කා.. කොහොම හරි කාල ගොලසීයා බලු සබනුයි බලු තුවායයි තමයි
අරගෙන තියෙන්නෙ :P

ප:ලි - මෙ සිද්දිය වෙලා දැන් හුගක් කල් තාත්තා නැති වෙලා දැන් අව්රුදු 2කටත් ලගයි එත් කාලගොල සීයයි අච්චියි අක්කයි
තාමත් අපෙ ගෙදරට අවිරුදු කතා කරන්න එනවා එකම තමයි ඒ මිනිස්සු ගාව තියන මනුස්සකම.. ඒ වගෙම තාත්තාගෙ නැයෙක්
සහොදරයෙක් නොවුනු ඒ මිනිස්සු පියානන්ගෙ නිසල දෙහය මිහිදන් කරන වෙලාවෙ පොලවෙ හැපි හැපි අඩපු හැටි 
මට තාමත් පෙනවා. මෙ ටැන්කියට දැන් නම් වතුර පුරවන්නෙම නැති තරම් එත් ඉදලා හිටලා වතුර පුරවන හැම දවසකම
මට මෙ සිද්දි දාමය මතක් වෙනවා.. ඒ ලග තිබුනු ලොකු උණ ගහත් වෙලිලා ගිහින් හරියට මතක විතරක් ඉතුර කරලා
යන මනුස්ස ජිවිත වගෙම....



Read more »