සමහර වෙලාවට අපි හඹා යන ලොකු ලොකු හීනවලට වඩා, ඇසිල්ලකින් ගෙවිලා යන පුංචි මොහොතවල් ඇතුළේ ජීවිතයේ සැබෑ සතුට සැඟවිලා තියෙනවා. බලන්න, මේ වගේ මොහොතවල් ගැන...
• හදිසියේ හමා ආ සුළඟකින් ඇද හැලෙන රොබරෝසියා මල් වැස්සක් දෙස බලාගෙන එකිනෙකාට තුරුළු වන පෙම් යුවළක්...
• දඟලමින් සෙල්ලම් කරන දරුවන් දෙස බලා හිඳින සෙනෙහබර දෑස්...
• ඈත ගමනක් යන බස් රථයක ජනේලය අයිනේ අසුන්ගෙන, පාවී යන ලෝකය දෙස ගැඹුරු කල්පනාවක නිමග්න වුණු මැදිවියේ මිනිසෙක්...
• වැඩ නිම වී නිවස බලා යන අතරමග හදිසියේ ඇද හැලුණු වස්සානයකට තෙමෙන තරුණියක්...
• ඉර බැස යන සැඳෑවක, නිසල මහ සූදූද දෙස බලාගෙන හුදෙකලාව විඳින තරුණයෙක්...
• මහන්සි වී වැඩ කරන අතරතුර, දහවල් ආහාරය බෙදා හදා ගනිමින් සතුටු සාමීචියේ යෙදෙන සේවක පිරිසක්...
• යම් දිනෙක සෙවණ දෙන බලාපොරොත්තුවෙන් වත්ත පුරා පැළ සිටුවන පවුලක්...
• මහා සාගරය මැද නෞකාවක සිට, රාත්‍රී අහසේ දිදුලන හඳ දෙස බලා හිඳින නැවියෙක්...
• මහල් නිවසක ඉහළ මාලයට පියාඹා එන පරවි ජෝඩුවක් දෙස දෑස් දල්වා බලා සිටින කුඩා දරුවෙක්...
මේ හැමෝගෙම මුහුණේ ඇඳුණු ඒ පුංචි සිනා රැල්ලත් එක්ක, සැනසුම් සහගත දිගු හුස්මක් එකම මොහොතක මේ වාතලයට මුසු වුණා...
ඇත්තටම, සංකීර්ණ ජීවිතය ඇතුළේ සැබෑ සතුට තිබුණේ අපි නොහිතන ඔය වගේ පුංචි දේවල් ගොඩක් එක්කයි. ඒ සතුට තියෙන්නේ මේ මොහොතේමයි!


