Friday, April 6, 2012

සමහර වෙලාවට පුංචි කලේ යාලු කම් තියෙන්න පුළුවන් අදටත් මතක තියෙන

පුංචි හීත් වලටත් ආදරේ දැනෙනවා සමහර වෙලාවට පුංචි කලේ යාලු කම් තියෙන්න පුළුවන් අදටත් මතක තියෙන
ඒ යාලු කම් ඒ ආදරේ කාලයත් එක්ක නැතිවෙලා ගිහින් හරියට  උදේ අහසට ආපු හිරු හවසට මුහුද සිප ගන්නවා වගේ
එත් සමහර ඒ සුන්දර කලේ ඒ මතකයන් වලින් අපේ අද දවසට අඩිතාලම වැටුනා කියලා තේරුම් ගන්නකොට ඇත ආකාසේ තියෙන ලංවෙන්න බැරි
තරුවක් වගේ කලට අපෙන් ඇතටම ගිහින් අයේ යන්න බැරි විදිහටම ..
ඒ වගේ පොඩි කලේ මතකයක් වෙනුවෙන් මගේ හිතේ ඇදුනු සංකල්පනාවක් මන් පුංචි වචන කිහිපයකින් ඔයාලට කියන හිතුවා............
(ඒ කව්ද කියලනම් මගෙන් අහන එපා ;පි )








සෙනහසින් සිප ගත්තු
ආදරෙන් ලග උන්නු
කෙලි දොලෙන්   දුව පැනපු
මොහොතකට තරහා වී
යලිත් අත් වැල් පැටලුනු ...........
සමනලුන් පස්සේ
බෝනික්කන් අස්සේ
ලෝකය මත්තේ
සිතුවීලි ඔස්සේ
පිය මැන්න ඒ කලේ ...........
සුන්දරද
අහිංසකද
උදේ පිපුණු
මානෙල් මලක් වගේ .........
එත් ............
අපිට අපි උරුම
පොඩි කලේ විතරක්ද ...........
Read more »

Thursday, April 5, 2012

සොඳුර නුබ ගෙනි එලිය පෙවෙ උද හිරු එළියෙන් ................

හඬන පොඩි පුතු නලව ගන්නට
නිදන මට රහසින්
රයේ තුන් යාම නිදි මරා නුබ
නොවිදිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කුජන
සමග ළඟ හිදිමින්
සිනා පැවත් කියාලයි  තතු 
විඩා බර මුහුණින් .............



ලිහා බත් මුල බුදින මොහොතේ
මිතුරු  කෙල  සමගින
වහා දස අත සුවඳ පිරුනා
නුබේ ගුණ සුවදින්
කම්හලේ දැති  රෝද නෙගු
රළු පරළු හද අතරින්
නුබේ හද ගැසෙන රාවය
මට ඇසෙ රහසින් ...................


අපට  අපමය පිහිට
පිලිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසි
නිබද එවසිමෙන්
පෙටවුනට  සහ මටද අම්ම වුන්
සොඳුර නුබ ගෙනි
එලිය පෙවෙ උද හිරු එළියෙන් ................



Read more »

Wednesday, April 4, 2012

සමනලුනේ

අවිහිංසක සමනලුනේ
තාරුණ්‍යයේ
චමත්කාරයේ
ජීවනාලිය වූ
මදමත් වී
ආඩම්බර වෙන්න එපා
 අයාලේ එගිලෙන්න එපා
සුන්දරත්වය
සුළු මොහොතය්
වීයෙකි යාවී
දේදුන්න වගේ
පෙහැබර දෑසින්  බලනු මැනේ
වීනිවිද දකිනු මැනේ
සවී බල දෑතින් ඔබ   යන ගමනට
මග තොට සදනු මැනේ
අදුරේ සැගවී මහලු වීයය් එන්නේ ..........................

Read more »