මා තව දුරටත් සිත තුල පැවති චින්ත සන්තාපයට මා සිත යටපත් කරන්නට ඉඩ දි බලා සිටියෙමි.
වෙනදා දකින චමත්කරය අද මුහුදු වෙරල තුල මා නොදුටුවෙමි ඒ අද සැබැවින්ම චමත්කරයක් එහි නොවු
නිසාද නැතහොත් එය මා සිතට නොදැනුනු නිසාද යැයි මා නොදත්තෙමි.
මුහුදු රල වෙනදා මෙන් නොනවතින තරගයක යෙදි සිටි නමුත් එහි වෙනසක් ඇත.. වෙනසක් දැනේ.
ඒ අතිතයේ දවස් වල මෙන් මුහුදු රලට ඔච්චම් කරන්නට මට නොසිතේ සබැවින්ම එයට හෙතුව මා නොදනිමී.
නැතහොත් නොදත්තා මෙන් සිටීමට උස්සහ කරමි. ඇත කොනක පියමනින පෙම්වතුන් යුවලක් මුහුදු රලින් ඔවුන්ගෙ
පා දොවනය කර ගනී. මටත් අතිත මතකයන් මුහුදු රල මතින් දොවනය කර සැනසෙන්නට සිතෙ නමුත් එතරම් කරුනික බවක්
සොබා දහම අපිට උරුම කොට නැත. අවසන් වතාවට ඇය හමු වු මෙ ගල් තලාව මත අපි බොහො දෙ කතා කලෙමු. අතිතතය චිත්‍රනය
කොට සිනා වීමූ නමුත් ඇයත් මමත් දෙදෙනාම දැන සිට එහෙත් සගව ගන්නට උස්සහ කල එ අමිහිරි සත්යයට අපි මුහුන දෙමින් සිටින්නෙමු.
නැත.... මා තනිවම මුහුන දෙමින් සිටිමි. එදින අපි නෙතු තුල කදුලක සෙයාවක් නොතිබුනෙද ? නැතහොත් එය එකිනෙකාට සගවා ගත්තාදැයි
නොදත් මුත් මුවගට නැගුනු සිනහාව තුල විස්තර කල නොහැකි තරමෙ ශොකී හැගිමක් තිබු බව ඈ මෙන්ම මාද දැන සිටියෙමු.
මතකයන් සමග ඉදිරි ජිවිතය ගෙවා දැමිය යුතුව ඇතත් එයට තවමත් මා සුදානම් නැති බව මා දනිමි. මුහුදු වෙරලෙන් ම නික්මුනෙමි
ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...
පසුවදන...... පිලිකා රොගයකින් මිය ගිය තම පෙම්වතිය වෙනුවෙන් තැවෙන පෙම්වෙතෙකු {සැබැ සිදුවිමක් ඇසුරෙන්}




























