Saturday, October 27, 2012

කාලගෝල සීයා...


නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත්
නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු
අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ...  මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා.
මට අවුරුද්ද නම් හරියටම මතක නැ හැබැයි.  කොහොම හරි ඒ කාලේ තාත්තා වැඩ කරෙ ලංකාවෙ ටිකක් දුශ්කර පැත්තක
ආණමඩුවෙ .. එ පැත්තෙ මිනිස්සු හරිම අහින්සකයි ගොඩක් අය කුඹූරු තමයි කරන්නෙ ඒ වගෙම හිත් වල මනුස්ස කම් 
පිරිලා තියනවා.. 

 ඉතින් ආණමඩුවට ගිහින් office එකෙ වැඩට අලුතින් අක්කා කෙනෙක්ව වැඩට ගත්තා තාත්තා 
ඒ කාලෙ මම ටිකක් විතර පුන්චියි .... ඉතින් ඒ අක්කට රස්සාවක් හම්බුනු සතුටට එයාගෙ තාත්තා කුඹූරු ගොවි තැනින් 
ගත්තු හාල් මිටියක් අපෙ ගෙදරට එවන්න පුරුදු වෙලා හිටියා..  ඔහොම ටික කාලයක් ගියාම අලුත් අව්රුද්දත් උදා වුනා...
ඉතින් මේ සීයාට අපෙ ගෙදර අව්රුද්දට එන්න ඔනා වුනා අව්රුදු කතා කරන්න..  මමත් මේ සීයාව තාත්තත් එක්ක ආණමඩු 
ගියපු වෙලාවට දැකලා තියනවා හැඩරුවින් කලුම කලුයි මිටියි තරමක් ඒ හින්දම කාලගොලයා කියලා නමකුත් පට බැදලා
තිබුනෙ මායි තාත්තයි... ඔන්න ඉතින් කාලගොල සීයයි කාලගොල ආච්චියි 2 න් නම සිංහල අවිරුද්දට පස්සෙ දවසෙ අපෙ
ගෙදර ආවා.කැව්ම් කොකිස් කැවිලි පෙවිලි පුරවලා පෙට්ටියක් අරන් ඔලුවෙ තියන් ආපු හැටි මට තාමත් මතකයි..

අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...

දැන් කාලගොල සීයා බුලත් විටක් එහෙම හපලා  මුන කට ටිකක් හොදා ගන්න ලක ලැස්ති වුනා. bathroom එක
පෙන්නුවට එකට යන්න බැ කියපු සියා එලියෙ ටැන්කිය හොදයි කියලා එලියට ආවා. තාත්තා අලුත් සබන් කැල්ලකුයි 
තුවයකුයි සියාට දුන්නා..  දැන් සීයා නාලා එහෙම ඇවිත් කියනවා මෙහෙම  "මහත්තයා එතන සබනුයි තුවයකුයි 
තියෙද්දිනෙ  මට අලුතින් දුන්නෙ මම තිබුනු ඒවාම ගත්තා" :D හිනාව බොහොම අමාරුවෙන් මම තද කරන් හිටියෙ සියගෙ 
මුණේ තැනින් තැන බලු මයිල් තියනවා මම දැක්කා.. කොහොම හරි කාල ගොලසීයා බලු සබනුයි බලු තුවායයි තමයි
අරගෙන තියෙන්නෙ :P

ප:ලි - මෙ සිද්දිය වෙලා දැන් හුගක් කල් තාත්තා නැති වෙලා දැන් අව්රුදු 2කටත් ලගයි එත් කාලගොල සීයයි අච්චියි අක්කයි
තාමත් අපෙ ගෙදරට අවිරුදු කතා කරන්න එනවා එකම තමයි ඒ මිනිස්සු ගාව තියන මනුස්සකම.. ඒ වගෙම තාත්තාගෙ නැයෙක්
සහොදරයෙක් නොවුනු ඒ මිනිස්සු පියානන්ගෙ නිසල දෙහය මිහිදන් කරන වෙලාවෙ පොලවෙ හැපි හැපි අඩපු හැටි 
මට තාමත් පෙනවා. මෙ ටැන්කියට දැන් නම් වතුර පුරවන්නෙම නැති තරම් එත් ඉදලා හිටලා වතුර පුරවන හැම දවසකම
මට මෙ සිද්දි දාමය මතක් වෙනවා.. ඒ ලග තිබුනු ලොකු උණ ගහත් වෙලිලා ගිහින් හරියට මතක විතරක් ඉතුර කරලා
යන මනුස්ස ජිවිත වගෙම....



Read more »

Thursday, October 25, 2012

ලියන්නන් වාලෙ ....


එලියෙ හොදටම වැස්ස ඒත් ඒ වැස්සත් එක්ක සිහින ලොකයක තනි වෙන්න තරම්
බොඩිම් කාමරෙ පුන්චි වැඩියි කියලා මට හිතුනු පලවෙනි වතාව නම් මෙක නෙමෙ , 
අවසාන වතාවත් මේ නෙමෙ කියලා මම දැනන් හිටියට ඒ ගැන තව තවත් හිතන්නට හිතට ඉඩ දෙන්න 
මම සුදානම් වුනෙ නැ.
ඊය ගත්තු වතුර බොතලෙ තාමත් මෙසෙ උඩ වෙලාවකට එලියෙ තියෙන ටැප් එකෙන් එන වතුර අමුර්තයටත්
වඩා රසයි කියලා දැන ගත්තෙ කවරුවත් උගන්වලා නෙමෙ කාලය විසින් හිතාමතාම හො නොසිතාම එ බව හිත තුලට
කාන්දු කරලා. 


දහසක් හින දකින ඒ හිනම අයෙමත් තැලිලා පොඩි වෙලා යන කොහු මෙට්ටෙ ඇදුම් ගොඩ ගැහිලා තිබුනට
මටත් වඩා (අපිටත් වඩා) ඒ හින කොහු මෙට්ටෙ තුල හැන්ගිලා තියනවා කියලා වචනෙකින් වත් දොඩමලු වෙන්න
 පුලුවන්නම් අපිටම අයෙම ඒ හින මතක් කරලා දෙවි..  හැමදාම කඩෙන් ගෙන බත් එකෙ (නී)රස බඩගින්න නිවා 
දමන්නෙ කටුක වුත් සුන්දරම වුත් බොඩිම් ජිවිතෙ දයාදයක් මෙන්.. ඉදලා හිටිලා මත් වෙන බොතල් කාමරෙ පැත්තකට 
වෙලා කියන කතාව කවරුවත් නොදකින නොසිතන ජිවිත යතාර්තයක්  කියා පානවා කියලා කවරුවත් දන්නේ නැතුව
ඇති එහෙමත් නැත්නම් පිස්සන් කාලකන්නින් විදිහට සරල හැදින් විමක යෙදෙනු ඇත. තමත් අතු ගාපු නැති බත් ඇට
 වලට ආපු කලු කුඹී බිත්ති දිගෙ නගින්නෙ සරදම් කරන්නාක් මෙන්..
හීන පුබුදන්න උදව් දෙන වෙවැල් කැඩුනු පුටුව අපෙ හින පුබුදන්න දෙන ශක්තිය ගැන කියන්න වචන මදිද කියලා 
වෙලාවකට හිතෙනවා..


දුකට සැපට දෙකටම හිනා වෙන්න පුරුදු කරපු සිද්දි දාමයක් එක දම් වැලෙ පුරුක් වගෙ ජිවිතෙත් එක්ක නොබිදෙන 
සම්බන්දයක් ගොඩ නැගුවෙ අනාගතෙ දවසක දුකෙදිත් හිනා වෙල ඉන්න කියලා මට හිතුනෙ නිකමට නෙමෙ.
චිත්‍රපටි දර්ශන වගෙ වෙගයෙන් මරු වෙන හැගිම් ජාලවක් එක්ක ජිවිතෙ දුවන්නත් කාලයම මට රුකුල් දිලා.
දහසකුත් බලපොරොත්තු මැද්දෙ පැතුම් මල් පුදින්නට මෙ දරන වැයමෙ දහසකුත් රස බර සිද්දි මෙහි ගොඩ නැගුනු මිතු දම
වගෙම හිත තුල නොමැකෙන මතකයක් විදිහට දවසක ඉතුරු වෙවි ඉදාටත් මෙ වගෙම වැස්සොත් සිහින ලොකයක 
තනි වෙන්න මෙ මතකය ඉඩ දෙවි එදාට මෙ කාමරෙ සුවද අයෙමත් දැනෙනවා සත්තයි...


ප.ලි... ඔන්න අයෙමත් වසන්තය උදා වුනා.. මෙන්න වසන්තය නිමා වුනු හැටි  http://wasanthayata-aradhanawak.blogspot.com/2012/10/blog-post_14.html
Read more »

Sunday, October 14, 2012

වසන්තය නිමා වෙලා.....


වසන්තයෙ පිපුනු මල් එක දෙක බිම වැටිලා ගී ගයපු කුරුල්ලො කොහොදො හැන්ගිලා
සිතුවිලි ගගුලම වියැකිලා ඉරි තැලිලා  වසන්තය හිතුවටත් කලින් නිමා වෙලා.
වෙනදා රන්චු පිටින් ඉගිලුනු සමනලුන් හිරු දුටු පිනි බින්දු සේම ඇත ඉගිලිලා..
පෙම්වතුනට සිසිල දුන්නු මහ වෘක්ශයන් කොල සෙරම බිම දාලා නිමා වු වසන්තයට හැමොටම
කලින් සුදානම් වෙලා. අඩන මහා පොලව අහස දිහා බලන්  හුල්ලන සද්දෙට දුවිලි රන්චු පිටින් 
ඉගිල්ලිලා එහෙ මෙහෙ අත දුවනවා වියලි සුලග මහා පොලව සිප ගන්නෙ වෙනදා වගෙ ආදරෙකින් නෙමේ.


සිත් යාය හමා ගිය සුවද පිරුනු සිතුවිලි ගගුල දුක් කදුලු වලින් වියැකිලා ගිහින් කොහෙන්දො ආපු 
කාර්යබහුල බවක් පුදින මල් දිහා බලන් ඉන්නෙ පුන්චි පොහොට්ටුව කාලෙදිම මල් සුවද අරන් නොපිපුනු
සිතුවිල්ලක් සේ මල කටුක මහ පොලොව මත සතපවන්න බලාගෙන..
කටුක වුත් නිරර්තක නොවුත් බලාපොරොත්තු විරහිත වුත් යාතාර්තය නම් වු මහා පොදු සාදකය යලි යලිත් සනාත
කරමින් වසන්තය නිමා වෙලා. වෙනදටත් කලින් ඉඩොරය සතුටු සිතින් නිමා වු වසන්තයෙ භුමිය අත් පත් කරගෙන.
තබන පියවර වලකන්නට පෙර මං බලා සිටි ඇනෙන උල් කටු ජයග්‍රහනයෙ ප්‍රිතිය ඉඩොරය එක්කම 
සිනා වෙනවා..
කිසිවෙකුත් නොදකින නොසිතන මහ පොලව යට ඇති මුල බිජයන් අහසින් වැටෙන අසැනි වැස්ස බලගෙන ඉන්නෙ 
අලුත් මල් පොහොට්ටු පුපුදුවන්න හිතාගෙන. නියගලා මලෙහි වු සුන්දරත්වය අත් විදිමින් සිටි සොදුරු හදවත් වලට
අලුත් නියගලා මල් පොහොට්ටු එකක් දෙකක් නෙමෙ දස දහස් ගුනයක් එකතු කරන්න හිතාගෙන..
රොස මල් ගස් වල කටු විතරක් ඉතුරු වෙලා බලන් ඉන්නෙ රතුම රතු මල් පොහොට්ටුවක් හිමින් සැරෙ අයෙමත්
සුවද බෙදා දෙනකන්..


අහස් කුස මහා පොලව දිහා බලාගෙන මොන මොනවද මුමුනනවා ඒ ඉවසපං පමා වෙලා එන වසන්තය වෙනදටත්
වඩා ලස්සනයි කියන්නාක් මෙන්..
දවසක ඉඩොරය නිමා වෙලා අයෙමත් වසන්තය උදා වෙවි . වසන්තය එනතුරා පෙර මං බලා සිටි සමනලුන්
අයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්
මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා 
යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...
අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි...


වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..
ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි...  ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්
මල් සුවද එක්ක එවනවා සත්තයි............
ස්තුතියි..................................................................

Read more »