Tuesday, July 31, 2012

මට සීතේ නුබ සිබින්නට................



මුළු පරිසරයම මල් වලින් බර වෙලා ඒ සතුටටම කුරුල්ලෝ රංචු පිටින් ගී කියනවා
අහස ගැබම නෙක නෙක රටා මවනවා වසන්තය උදා වුනු හින්දා කියලා ගස් වැල්
සුළගේ තාලෙට මුණු මුණු හඩින් මුමුණනවා .......
මිට කලින් ඔව් ඒ අපි හමුවුණු දවස් වල අපි ඇවිදන් ගිය තණකොළ ඇතිරුණු
මිටියාවත තවමත් එහෙමමයි කාලයේ එත් වෙනසකට තියෙන්නේ අද අපි දෙන්නා
වෙනුවෙන් මම තනියම  තනිකම මකනවා. ඒ  මිටියාවතට දැනුනද කියලා හිතන්න  මං උස්සහ කලේ  නැ.........

ඇත කොනක බැංකුවක ........... අපි දවසක් හිටපු තැනම වසන්තයට සුවදට මත් වෙලා හිටපු
හදවත් වල රාවය මට දැනුන ඔව් මම හිතින් ගොඩක් දුර ගියා ඔව් ඒ අතීතයටම
රාගය එක්ක බැදුණු ඒ හදවත් වලට මේ හදගැස්ම දැනෙන්න  තරම් වටිනාකමක් තිබුන් නැ ..
එදා ඇහුනු ඒ සිනා හඩවල් තාමත් ඇහෙනවා වෙනදා වගේම එත් වෙනසකට තිබුනේ
ඒ ඔයාගෙයි මගේ හඩවල් නොවීම පමණයි .... කාලය කොච්චර දේවල් වෙනස් කරනවද ?
තව ටික දවසකින් මේ මල් ගොමු පරවෙලා වසන්තයත් නිම වේවි එත් අහසේ වලාකුළු  හැමදාමත් පවතිනන්නක්
මෙන් පුංචි කැදලි අහස් මාලිගා තනන සමනල සමනලියන් නම් මිටියාවතේ මල් ගොමු වල පාලු මකාවී

එදා වගේම වසන්තය නිමා වූ දවස් වල කාලයෙන් යටපත් වුනු ඒ අතීතයේ දවසක් වගේම ....
වෙනදා වගේ රෝබෝරෝසිය මල් වල සුවද මගේ සිතුවිලි අතර ඔබ මොබ ගියේ නැ .

උනුන් පරයා කැ ගසන සියොත් නාදයේ තාලය මට අද දැනෙන නැ එත් දවසක මේ මිටියාවතේ
මේ පාරේම ඔව් යලිත් උදා වෙන වසන්තයක තනිකමින් පුරුණු හදවතත්  එක්ක එන්න හිතන්නෙවත් නැ කියලා
මේ අහස්‌ තලය පුරාවටම තියන වලාකුළු දිහා බලන් මං පාර්ථනා කලා... එත් දවසක අයෙම මේ පාරේම
මගේ පුංචි කුමරියත් එන බලාපොරොත්තුවෙන් මම මේ වසන්තයට මම සමු දුන්නා........ එත් අර නැගුනු  හදවත්  වල
රාවය තවමත් මුණු මුණු ගානවා ..........................................................







පෙර දිනේ
 අපි පැතු ඒ පැතුම් 
බොද වෙලා............
 නීම් තෙරේ 
දුටු අපේ සිහිනයේ සෑගවිලා
 දිවී මගේ මා නුබේ 
හමුවුණා මතකයේ
 අපි තැනු මාලිගා
 නුබ පා කලේ ඇයි මෙසේ .......................


 නුබ වගේ සමනලුන්
 මා පැතු හැටි මැවේ
 ඒ හැගුම් පා කලේ 
ඇයි නුබ.............
 සඳ සැගවුණු 
මොහොතේ............
 නුබේ සෙනේ 
පෙර වගේ මගේ
 හදවතේ මතකයේ ....................



 නෙත් නුබේ ලස්සනයි
 මගේ කුමරියේ පෙර වගේ................
 නුබේ පා සගවමින් 
එනවදෝ
 යන්නට පෙර වගේ ආදරෙන් ...............

 තවමත් මෑවේ
 නුබෙ සිනා 
මගෙ දෙසවනේ..................
 මට සීතේ 
නුබ සිබින්නට 
පෙර වගේ.........................
 මගෙ කුමරියෙ
 මගේ අදරේ............
 

ප .ලි {ටික කාලෙකින් බ්ලොග් අවකාශය  පැත්ත එන්න බැරි වුන සමාවෙන්න ඕනි හැමෝගෙම බ්ලොග් පැත්තේ ඉක්මනින්ම එන්නම් ජය වේවා !!!!!!!!!!  }
Read more »

Friday, July 13, 2012

ගන්දබ්බ හදවත



හාත් පස පුරා පවතී අන්දකාරය අතරින් දුටු රීදී රේඛාවක් දිහාවට මාව පාවෙලා
ගියේ හරිම සැහැල්ලුවෙන් , මුළු ශරීරයටම පුදුමාකාර ශිසිලසක්  දැනුනා හදවතේ සිතුවිලි
ගංගාව මොහොතකට නතර වෙලා. චින්තනය යටපත් වෙලා . රක්ත වර්ණ කුහරයක්
තුලට මාව ඇදිල ගියේ නග්න වූ මුළු ගතම නවමු හැගීමකින් පුපුදුවාලමින්.
සිතුවිලි වලට මං පන පොවන්න උස්සහ කලා එත් එක හරියට කාන්තාරයේ සිසිලසක්
සොයනවටත් වඩා අපහසු බව මට හැගුනත් මම උස්සාහය අත ඇරියේ නැ එත් යම්
කිසි ශක්තියක් මගේ සිතුවිලි මෙන්ම ශරීරයත් පාලනය කරන බව මට දැනුනා.
වෙනත් කලා යම් කිසි දෙයක් නොමෙති නිසාවෙන් මම ඒ මායාවට අවනත වුනේ
තවත් බලාපොරොත්තු මා තුල නොතිබුණු නිසාමයි..



කාලය අවකාශය පිලිබදව කිසිදු ගණනය කිරීමක් කලා නොහැකි එකී අන්දකාරය තුල දින සති මාස ගෙවී

ගියත් මම ඒ පිලිබදව අවබෝදයෙන් තොර වුවේ එකී කාලය තුල මට පරිකල්පනය කල නොහැකි වූ නිසාමයි එත් කාලය ගෙවී යන බව සිත අද්දර කොදුරනු ලැබූ මිහිරි හඩකින් මට තුරුම් ගියා එත් ඒ මිහිරි හඩ මගේම
සිතුවිල්ලක්ද  නැතහොත් වෙනයම් ........................
නේත්‍ර මානයට හසුවූ එකම රූපමය දර්ශනය කාල වර්ණය සහ වරින් වර දිදුලපු රිදී වර්ණයයි .
එත් යම් කිසි වූ දිනයක සප්ත වර්න එකමුතුව සැදුනු වායුමය ද්‍රවනයක මා පාවෙන බවක් මට දැනුනා .
ඔව්  කුණාටුවක් මෙන් මා වටේටම නැවතත්  ජීවත් වීමේ ආශාව, දකින්නට මනු ලොව, සිතුවිලි වලට පන ඇවිත්
සප්ත  වර්ණයන්ගෙන් ඉවත් වී මා මනු ලොව අවකාශය  තුලට පාවී ආවා . දැන් මට උවමනා වුනේ මව් කුසක්
දහසකුත් මනුක රුප තුල මට හිමි රුපය සොයන්නට වුනා එත් ඒ රුපය සොයන්නට මෙතරම් කාලයක් ගතවේ යයි මං කිසිවිටක නොසිතුවෙමි .
අවසානයේදී ඒ රුපය ඔව් මට හමු වුනා......................



රන් වන් ශරීරය , නිල්වන් දෙනෙත් , මන්කළු සිනහව , තවත් බොහෝ දේ .. ඒ තමයි මට හිමි මව් කුස .

මම අවකාශය තුල පාවෙමින් ඇයට ආදරය කලා එත් තවත් කාලයක් මට ඇයගේ වීමට ඉවසන්න සිදුවුණා
ඒ ගැබ් ගැනීමකට සුදුසු කාලයක් නොවූ නිසා . එකී කාලය තුල මම ඇය අසලම  සිටියා කිසියම් බන්දනයකින් අපි බැදී තුබුණා.
මම ඇය සමග කතා කරන්නට තැත් කලා නමුත් ඒ සියල්ලක්ම දිය මත ඇදී ඉරක් මෙන් මැකී ගියා.
අවසානයේදී මගේ ලෝකයට වසන්තය කැදවමින් සුදුසු කාලය එලබුනා.
අවකාශය තුල පාවෙමින් සිටි මා හට ඒ කුඩා කුටිය තුල සිටීමට මුලින් අපහසු වුවත් ටිකෙන් ටික එයට මා හැඩ ගැසී ඇති බව මට පසක් වුනා ....


යලිත් ජීවිතය දකින්නට ආශාව ඔව් යලි හැබෑ වේවි .. ක්‍රමක්  ක්‍රමයෙන් සෛල මා වටා පැතිරෙමින් මා ඇයගේම කොටසක් බවට පත් වුනා
මම ඒ අදුරු කුටියේ බිත්තිය තුල ගිලි ගොස් එහි සිට වර්දනය වීමට පටන් ගත්ත. තවත් කාලයක් යන වීට මගේ හදවත හිමින් සැලෙනවා.
කාලය තව තවත් ගෙවී ගියා මම දැන් ඒ අදුරු කුටිය තුල ඇත පා සොලවනවා . ඔව් මට දැන් යමක් අහන්නට පුළුවන් මම මගේ අම්මගේ හඩට අහුකම් දුන්නා
මම ආශාවෙන් සිටි ඒ දිනය  ක්‍රමක්  ක්‍රමයෙන් ලගා වෙන බවක් මට දැනුනා.
එත්
මහා විෂල් සබ්දයක් සමග මහා අමුත්තක් සිදු වෙන බව මට තේරුණා පුදුමාකාර වේදනාවකින් මා වේලි ගියා
නිමේෂයකින් .......................................
නැවතත්  මාව අන්දකාරය දෙසට නැ නැ ආයෙම ඒ දේම .................................

පුවතක් = අද උදැසන සිදු වූ රිය අනතුරකින් ගැබිණි  කාන්තාවක් මරුට .......

Read more »

Tuesday, July 10, 2012

මම ආසයි

මට ආසයි ඔයත් එක්ක
පියබන්නට
අහස් ගැබම අරා .............
මට
ආසයි සිනා වෙන්න
සිහින ගොඩක් පුරා ............
අත අල්ලා පියමනින්න
මුදු වැල්ල  පුරා ..............
සිප ගන්නට නුබේ දෙතොල්
හිත සතුටින් තියා.................
කියවන්නට මගේ සිතුම්
නුබේ කනට හොරා............
මුළු දෙනතම පියවන්නට
නුබේ උකුලේ  හොවා.............
ජීවිතයම මම ඉන්නම්
නුබ එනකන් බලා.....................

Read more »