Saturday, December 22, 2012

නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ?


සංනිවේදනය එහෙමත් නැතිනම් අදහස් හොවමාරු කර ගැනිම මානව සංහතිය අනිකුත් ජිවින් අතරින් ඉදිරියට 
ගෙන එමට විශාල දායකත්වයක් සැපයු බව නොරහසක්. හියකීන් පණිවිඩ යවමින් විද්යුත් හීය දක්වා නවීකරනය වී
එතනින්ද නොනවති ඉදිරියට ගමන් කරන මානව සංනිවේදනය අද වන විට විශ්වය කරාද පණිවිඩ රැගෙන යැමට
තරම් දියුණුවක් අත් පත් කොට ගෙන ඇති නමුත් එය විදිමත් නිවරදිව භාවිතා කල යුත්තක් . අතීතයේ සිටම සංනිවේදනයෙදි
සිදු වු විවිද අඩු පාඩු කම් නිසා නොමෙකෙන කැලැල් ඉතිහසයේ පිටු පුරා ලියවී තිබේ. ප්‍රෙමය ප්‍රකාශ කරන අදරණිය 
හදවතකට වුව එය නිවරදිව ප්‍රකාශ කොට ගැනීමට නොහැකි විමෙන් එය අහීමි වී යැම වුව සිදුවිය හැකිය.
කලු කපුටෙකු මතට වමනය කොට කලු කපුටන් 7 වමනය කිරිම දක්ව දිව ගිය අපේ ජන කතාව වැරදි සංනීවේදනය ගැන
සියුම් උපහාසයක් මතු කලත් එහී ගැඹූරු අරුතක් පවතී. කට කතා ,බොරු ප්‍රචාර ලොකය උඩු යටි කුරු කල අවස්තාද නැතුවම 
නෙමෙ එමේන්ම විහිලු දුර දිග යැමේන් සිදු වූ මරණයන් ගැන පවා අපට අසන්නට ලැබේ.. අන්තර්ජාලය හරහා සිදුවන චරිත
ගාතන වැනි සිදුවීම්ද සංනීවෙදනයෙ අනිසි භාවිතයන්ය.. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු 
යැයි කියමනක් තිබුනත් කියන්නා හටත් එහි වගකීමක් පවතින බව මාගෙ හැගීමයි..
...................................................
සංනීවේදනය පිලිබදව කියන්නට යන පහත කතා බලන්න එහි හාසයයක් තිබුනත් එහි පවතින යටි අරුත නිවරදිව 
සංනිවේදනය සිදු නොවීමේ ආදීනව මොනවට කියා පායි...


01
මෙ සිද්දිය වෙලා තියෙන්නෙ වෙඩින් වල ෆොටො ගන්න මනුස්සෙයෙකුට .. මිනිහා ලගදී ගත්තු වෙඩිමක ෆොටො 
බැදපු ජොඩුවට දෙන්න හිතා ගෙන පොර අපෙ පොදු ප්‍රවාහන සෙවයට ගොඩ වුනාලු. දන්නවනෙ ඉතින් පොදු ප්‍රවාහන 
සෙවය ගැන පාරත් එච්චරම හොද නැලු කොහොමෙන් කොහොම හරි අපෙ කතා නායකයට චුට්ටක් විතර නින්ද ගිහින් බස්
එකෙම..  ඩයිවර් අයියා ගහපු බ්‍රෙක් පාරකට අපෙ බුවා ලග ලියුම් කවරෙක දාලා තිබුනු ෆොටො ඔක්කොම බස් එකෙ බිම
වැටිලා... දැන් මිනිහා ෆොටො ටික ටක් ටක් ගාලා එකතු කරනවලු ඔකොම එකතු කරලා ගනන් කරලා බලනකොට 
එකක් අඩු හින්දා අයෙමත් බස් එකෙ බිම බලනකොට ඉස්සරහා සීටි එකෙ කොටට ඇදගෙන අඩි උස සපත්තු 2 ක් දාලා
ඉදගෙන හිටපු අවුරුදු  30 ක විතර නොණා ගෙ කකුලට ෆොටො එක පැගිලා.
හත්වලාමෙට ගහපු කලාබෙරෙ කිව්වලු ,
දැන් මොනා කරන්නද අපෙ පොරට ෆොටො එක ගන්නත් ඔනී ගන්න විදිහකුත් නැ ඕනාම හින්දා මිනිහා අර නොණා 
ගාව පොඩ්ඩක් නැමිලා මෙහෙම කිව්වලු.. "නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ? " රවලා බලපු නොණා ටිකක් සද්දෙන්
මෙහෙම ඇහුවලු "ඒ මොකටඩ මිනිහො " දැන් බස් එකෙ හිටපු මිනිස්සුත් අපෙ පොර දිහා බලන් ඉන්නවලු මිනිහා
බය වුනු පාරට මෙහෙම කිව්වලු ".......ෆො ෆො ෆොටො එකක් ගන්න  "  නොණා "!@#!$$@!@#"  ෆොටො එක කෙසෙ 
වෙතත් හොද කම්මුල් පාරක් එක්ක බස් එකෙන් බහින්න වෙලා තියෙන්නෙ මිනිහට ....





02 
ඔන්න අපෙ යාලුවො 2න් නෙක් පොඩි පාටියකට ගිහින් පොඩි අඩියක් එහෙම ගහලා එන ගමන් රැ 12ට විතර බයික් එකෙ
රොදෙක හුලන් ගියාලු. පැත්තත් ටිකක් පාලු පැත්තක් හින්දා ගෙඩරටත් 30 ක්ම් විතර දුර හින්දා 2න්නා කොහෙ හරි 
නවතින්න කියලා හිතගෙන ලග පාත ගෙදරකට ගිහින් පොඩි තට්ටුවක් දැම්මලු.. "අපිට පොඩි කරදරයක් වුනා බයික් එකෙ
 හුලන්ගියා අද රැට මෙහෙ නවතින්න දෙන්න පුලුවන්ද ?" "අනේ මහත්තයො මෙහෙ ගැනු ලමයෙක් ඉන්නවා එ හින්දා 
මෙහෙ නම් බැ" යාලුවො 2න්නට පොඩ්ඩක් වෙරිත් හින්දා තව ගෙදරකට ගිහින් මෙහෙම ඇහුවලු '' මහත්තයා මේ ගෙදර 
ගැනු ලමයෙක් ඉන්නවද ? " ගෙදර අයිතිකාරයාට මල පැනලා මෙ මහ රැ ගැනු ලමයෙක් අහනවා "එ මොකටද මිනිහො ?"
පැනපු ගමන් අපෙ යාලුවා කියාපි "නිදාගන්න මිසක් වෙන මොකටද ?




" !@!#$$%@@!" අන්තිමට 2න්නට ඔලුත් 
පලාගන්න තමයි වුනෙ .................. 


ප.ලි- මෙ දවස් වල බ්ලොග් බලන්න වගෙම ලියන්නත් වෙලාවක් තිබුන් නැ අයෙත් ඉක්මනට හැමොගෙම බ්ලොග් කියවන්න මම
එනවා හොදෙ...........






55 comments:

  1. කාලෙකින්...කතා දෙකම අසා තිබේ..පෙරවදන ට ඔක්කොටම වඩා කැමතියි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි යාලු ඔව් කාලෙකින් ලිව්වෙ .... :D

      Delete
  2. හොකෑස්.. තනියම හිනා වෙනකොට ගෙදර උන් අහනව පිස්සුද කියල..

    ReplyDelete
    Replies
    1. :D හිනාවෙන එක ඇගට හොදයිනෙ කොහොමත් .... :D

      Delete
  3. මාත් කලින් අහල තියේ.
    ආයේ මතක් කරලා දුන්නට තැන්කු ඈ..
    :D :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රමුදි ..... (‍y)

      Delete
  4. මේ දවස් වල කට්ටිය පට්ට බිසී වගේ නේ :)
    නෝනා කකුල පොඩ්ඩක් උස්සන්න පොටෝ එකක් ගන්න :P

    ReplyDelete
    Replies
    1. ඔව් මචො ලොකේ විනාශ වෙන එකෙන් බෙර ගන්න කොච්චර වැඩ තිබුනද :P....
      :D

      Delete
  5. පලවෙනි කතාව නම් අදමයි ඇහුවේ දෙවෙනි කතාව නම් අහලා තියෙනවා සහෝ.
    කතා දෙකම නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහො............. :D

      Delete
  6. අති යන්තම් සයිට් එක අප්ඩේට් කරන්න මතක් වෙලා..එල ඇ...

    ReplyDelete
    Replies
    1. :D වැඩ ගොඩක හිර වෙලා උන්නේ මලියෝ එකයි ටික දවසක් ලිව්වේ නැත්තෙ.... :D

      Delete
  7. අපි කාට කාටත් ඔය වග ඇබැද්දි වෙන්න බැරි නැ. හොම්බ කට තලන්නේ නැති වෙන්න මේ දුන්නු උපදෙසේට තැන්කු අය්යේ. ජය!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මලයෝ කටින් පරිස්සමින් කතා කරන එක කොකටත් ඇගට ගුනයි ..:P අදමයි නේද මේ පැත්තට ආවෙ අයෙමත් එන්න :-)

      Delete
  8. Replies
    1. **** ස්තුතියි අක්කේ ......

      Delete
  9. එලම තමයි.. නියම කතා දෙක..
    මං ඒත් බැලුවේ සචිත් පේන්න හිටියේ නැත්තේ මොකද කියල පහු ගිය ටිකේ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ බං එත් මේ ටික ලියන්න අලුත් කතා ගොඩක් හම්බුනා එ ටික ලියනකොට කියන්නම්කො පෙන්න හිටියෙ නැත්තේ ඇයි කියලා :D

      Delete
  10. හොඳ හිනා කතා දෙකක්.....හැදින්විම නම් නියමයි.

    ReplyDelete
  11. පලවෙනි කතාව නං අහල තියේ,, ඒ උනාට කතා දෙකටම හිනා ගියා :D

    ReplyDelete
    Replies
    1. එහෙන්ම් මං සර්තකයි ස්තුතියි සමී.... :D

      Delete
  12. කතා ටික නම් හාස්‍යජනකයි තමයි ඔයා කිවුව වගේ :D...ඔතන කියන දේ හරියට නොකිව්ව නිසා තමයි අවුල නේහ් ?

    ReplyDelete
    Replies
    1. :D ඔව් එකම තමා මත් කියන්න හැදුවේ .... ස්තුතියි...

      Delete
  13. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි ලු නේ....
    නියම කතා 2ක්...

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත ඒ වගෙම කියන කෙනත් අනිත් අයට තෙරෙන්න කිව්වොත් නේද හොද? ස්තුතියි සිතු...

      Delete
  14. හිකිස්..... මරු මරු මේ කතා දෙක මම ලියන්න හිතන් හිටියේ ගොඩක් කලින් නමුත් වැඩේ කල් ගියා නමුත් කොහොම හරි ඔයාවත් මෙහෙම ලියපු එක ගැන මට සතුටුයි මේ කතාව අපිට කිව්වේ අපේ සයන්ස් සර් සෙමිනා එකකදී තමයි කිව්වේ එදා සෙමින එක කොහොම වෙතත් කෙල්ලොන්ට කකුල් උස්සන්න කියල අපේ උන්ට නිවනක් නැති උනා.

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. :D එකනේ කියන්නෙ අපායට වුනත් මුලින් යන්න කියලා ... මොනා වුනත් සිරා කතා 2ක් බං.....

      Delete
  15. දෙවනි එක නම් අළුත්ලු ඇ

    ReplyDelete
    Replies
    1. :D කවදටත් වලංගුයි බොල මෙවා :P

      Delete
  16. අහලනම් තිබ්බා වගේ! ඒත් ආයේ හිනා ගියා!

    ReplyDelete
    Replies
    1. කොච්ච්ර ඇහුවත් හිනා යනවා නාඩියො ... අයෙමත් එන්න .... :D ස්තුතියි

      Delete
  17. මං නම් මේ කතා දෙකෙන් එකක්වත් අහලා නෑ..හෙහ් හෙහ් . පොටෝ ගහන සීන් එක නම් මරු....හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ පැතුවො ..... :ඩ්

      Delete
  18. ape gedara un dakkanam mata hinaa yanawa..pissu kiyala hithai bola..

    Niyama katha tika..

    Jayama Wewa !!!

    ReplyDelete
    Replies
    1. :D හ්ම්ම් හ්ම්ම් පිස්සුව ඉතින් අයේ අමුතුවෙන් හැදෙන්න දෙයක්ද :P

      Delete
    2. විහිලුවට කිව්වේ සහො :D

      Delete
  19. සන්නිවෙදනයේ දුර්වලකම..... කතා 2 බොහොම අපූරුයී....

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම.....
      අලුත් යාලුවෙක් අයෙමත් එන්න මෙ පැත්තේ බොහොමත්ම ස්තුතියි.....

      Delete
  20. සන්නිවෙදනයේ දුර්වලකම..... කතා 2 බොහොම අපූරුයී....

    ReplyDelete
  21. කතා දෙකම අසා ඇත්තෙමි.. කිවුවත් වගේ අර පූර්විකාව මාර ගති..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනෙශ් අයියේ...... :D

      Delete
  22. Replies
    1. තවත් අලුත් යාලුවෙක් අයෙමත් එන්න ටික්කො ස්තුතියි...

      Delete
  23. හෙහේ..කෙලින්ම කාරණාවට බහින් නැතුව වෙන වෙන ඒවා කියන්න ගියාම ඔහොම වෙනවා තමා..

    ReplyDelete
    Replies
    1. එක නම් සහතික ඇත්ත සහෝ.........:D

      Delete
  24. මාත් අහල තියනවා කතා දෙක. ඔය වගේ ඇබැද්දි නම් හරියට වෙනවා නේද? :)

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත තමයි සයුරි අක්කෝ............ :D

      Delete
  25. අන්තිම කතාව නම් අහලා තියෙනවා.මරු ඈ

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......